මේ දේවල් කරන ගෑණු ළමයි වැඩි කල් නොගිහින් පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වෙනවා

August 28, 2018
15,114
These girls get rejected by her boyfriend very soon
ආදරේ කරද්දී විශේෂයෙන් ඕනෑම සම්බන්ධතාවයකදී අපි වැඩි පුර කියන්නේ පිරිමි පාර්ශවයේ වැරදි. අපි ළඟ මොන තරම් අඩු පාඩු තිබුනත් ඒ ඒවා දකිනවාට වඩා අනිත් කෙනාගේ වැරදි දකින එක, දුර්වල තැන හොයා හොයා රැඳු කරන එක තමයි කරන්නේ. අනිත් කෙනාට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගේ දුර්වලතා හදා ගන්න එක වටිනවා නේද?

ආදරේ කරද්දී දෙන්න අතර ඕනේ තරම් ප්‍රශ්න, රණ්ඩු ඇති වෙනවා. ඒත් ඒවා වැඩි වෙලාවක්, වැඩි දවසක් තියෙන්නේ නැහැනේ, හරි ඉක්මනට හිටියටත් වඩා ආදරෙන් ලං වෙනවා. එත් ඔයා කරන සමහර වැරදි ඉක්මනින්ම හදා ගත්තේ නැත්තන් වැඩි කාලයක් නොගිහින් ආදර කතාව දෙදෙරා යන්න ඉඩ තියෙනවා. මොකද ඒ දේවල් වලට පිරිමි පාර්ශවය කැමැත්තක් දක්වන්නේ නැති නිසා

1. කටගහගෙන යන එක එච්චර හොඳ නැහැ

පිරිමි පාර්ශවය මේ වැඩේට නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. එකට එක කියවාගෙන යන එකෙන් ඔයාගේ ප්‍රතිරුපයටත් හානි වෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්න තව දුරදිග යන්න එක හේතුවක් ආදර සම්බන්ධයකට වගේම විවාහ ජිවිතයක් ගෙනියන අයටත් මේ කතාව ගොඩාක් වැදගත්. පිරිමියාට ඔයා තවත් පිරිමියෙක් වෙන්න එපා. කාන්තාවක් ළඟ තිබිය යුතු ලඳ බොළඳ සියුමැලි බව රැක ගන්න.

2. ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනම නැහැ

පිරිමි පාර්ශවය කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදියට දුක් වෙන, විඳවන පිරිසක් නෙවෙයි. ඒ නිසා එකම දේ අල්ලාගෙන, එකේම එල්ලිලා ඒ ගැනම හිත හිතා ඉන්න එකයි ඔහුට වද දෙන එකයි නවත්තන්න. හොඳම දේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම්, එක විසඳ ගත්තා නම් ඒ ගැන ආයේ ආයේ හාරා අවුස්සන්නේ නැතුව ඉන්න එක. පොඩි දේත් ලොකු කරන දඟලනවට ඔවුන් කොහෙත්ම කැමති නැහැ.

3. තහංචි දාන්නේ බලාගෙන

ඔයා කැමතිද ඔයාගේ නිදහසට බාධා කරනවාට. නැනේ. පෙම්වතුන්ට පෙම්වතියන්ව එපා වෙන තවත් හේතුවක් මේක. අනවශ්‍ය විදියට නීති දාන්න ගියොත්, ඔයා එයාව යටත් කර ගන්න හැදුවොත්, කටෙන් බය කර ගන්න හැදුවොත් වැඩි දවසක් නොගිහින් ඔයා පැත්තකට විසි වෙනවා. ඔහුගේ ඉවසීම තියෙනකන් ඔයාට එයාව පාලනය කරන්න පුළුවන් වෙයි. ඉන් එහාට බැරි වෙයි.

4. එක වචනයක් නැති වීම

දිව එහෙට මෙහට නැවෙන පලියට දෙන වචන, පොරොන්දු වෙනස් කරන්න, කඩ කරන්න එපා. එකෙහෙම උනොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා එක වචනයක් තියා ගන්න. අද ඉන්න කෙනා හෙට වෙද්දී වෙනස් වෙන්න උත්සාහ කරොත් ඔයා ගැන ඔහුගේ හිතේ ඇති වෙන්නේ අවිනිශ්චිත හැඟීමක්, ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා.

5. අනවශ්‍ය දේශනා එපා

ගෑණු ළමයි හරි දක්ෂයිනේ මේකට. එත් ඕනවට වඩා දේශනා දෙන එක ඔහුට වදයක්. දිගින් දිගට ඔයා කියවන්න ගියොත් ඒ කරදරෙන් නිදහස් වෙන්න හිතාගෙනම එයා ඔයාගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1047 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:02:14 PM
Script:/article/1047/these-girls-get-rejected-by-her-boyfriend-very-soon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:02:14 PM
Script:/article/1047/these-girls-get-rejected-by-her-boyfriend-very-soon.html