2021 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

June 12, 2021
7,666
Hit fashion trends in 2021
විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන අන්දමට මේ වසරේ ෆැෂන් ට්‍රෙන්ඩ්ස් ගිය වසරට වඩා ටිකක් වෙනස් වෙලා තියෙනවා. මේක විලාසිතා ලෝකයට නිහඬ වසරක් වුණත් ආකර්ෂණීය මෝස්තර කිහිපයක් එළිදක්වා තියෙනවා. අද හැඩකාරී අපි ඔයාට අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතා සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2021 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කර ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියලා දෙන්නේ.

ජැකට් එකක්
ජැකට් එකකින් ඕනෑම කෙනෙක්ට සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඔෆිස් එකට යන කොට ජැකට් එක අමතක කරන්නම බැහැ. ඔයා අඳින ඇඳුමේ වර්ණය අනුව ජැකට් එක ගැලපෙන විදිහට තෝරා ගන්න. ඒ වගේම දිගු කලිසම් මෙන්ම ලෙදර් කොට කලිසමක් සමඟ ජැකට් එකක් අඳින්න පුළුවන්.














කළු පැහැති මාස්ක් එක
මේ වසරේදීත් හැමෝම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මාස්ක් භාවිතා කරනවා. බොහෝ යුවතියන් මාස්ක් එකින් පවා අලංකාරයක් එකතු කර ගන්න කැමතියි. මෙම සිනිඳු කළු මාස්ක් එක ඔබ අඳින ඕනෑම ඇඳුමකට ගැලපෙන අතර ඒවා ඔබේ නාසය සහ මුඛයට ආවරණයක් ලබා දෙයි. ඔබට පහසුවෙන් හුස්ම ගැනීම සඳහා සිනිඳු රෙදි වර්ගයක් තෝරාගන්න. නැත්නම් සැරසිලි සහිත රෙද්දක් තෝරා ගන්න.












හෙඩ් ස්කාර්ෆ්
50 සහ 60 කාලයෙන් අපේ කාලයට ආපු විලාසිතාවක් තමයි මේ. මේ ස්කාෆ් එක නිසා ඔයාගේ කොණ්ඩය ආරක්ෂා කරන අතර ඔබේ ඇඳුමට වටිනා කමක් එක් කරයි. මල් මෝස්තර හෝ සංකීර්ණ රටා සහිත සරල මෝස්තරයක් තෝරන්න, නැතහොත් තද පැහැති වර්ණයක් තෝරා ගන්න. මේ ස්කාෆ් එක ඔබේ ගෙල වට ඔතා ලිහිල් ගැටයක් ගසන්න, නැතහොත් ඔබ පෝනිටේල් එකක් දානවා නම් බෑන්ඩ් එක වෙනුවට ස්කාෆ් එක ගැට ගසන්න හෝ ඔබේ හෑන්ඩ් බෑගයේ ගැට ගසන්න පුළුවන්. කෙට්ටු යුවතියකටත් මේ ස්කාෆ් විලාසිතාව ගැලපෙනවා.














පැස්ටල් වර්ණ
මේ වසරේ තවත් විලාසිතා ප්‍රවණතාවයක් තමයි මේ. මෙම පැස්ටල් වර්ණ ලත් ඇඳුම් උණුසුම් කාලගුණයකදී සුදුසුයි. ඕනෑම සමේ වර්ණයකට ගැලපෙනවා. ලා රෝස, කොළ පැහැය හෝ ලැවෙන්ඩර් පැහැති විශාල කබාය මධ්‍යස්ථ සිරුරක් ඇති යුවතියන්ට ගැළපෙයි.












කහ බෑගය
මෙම වසරේ කහ බෑග් විශාල තැනක් අත්පත් කර ගෙන තියෙනවා. මෙම ප්‍රවණතාවය කාලානුරූපී විලාසිතාවක්. ඔබේ රුචිකත්වයට සරිලන සේ කහ පැහැති හෑන්ඩ් බෑගයක් තෝරා ගන්න. යාළුවොත් එක්ක එලියට යනකොට, විශේෂ අවස්ථාවකට හෝ පාටියකට යනකොට, ඔෆිස් යනකොට කහ බෑගයක් තෝරා ගැනීම සුදුසුයි.














සුදු පැහැති බූට්ස්
සුදු පති බුට්ස් යුවල මගින් ඔබ අඳින ඇඳුමේ වටිනාකම පෙන්වීමට හොඳ ක්‍රමයකි. රටා සහිත කොට ගවුමක්, කලිසමක් හෝ සායකට පළඳින්න පුළුවන්. මෙම විලාසිතාවෙන් සරාගී පෙනුමක් ලබා ගන්න පුළුවන්.













Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1986 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:22:37 PM
Script:/article/1986/hit-fashion-trends-in-2021.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:22:37 PM
Script:/article/1986/hit-fashion-trends-in-2021.html