සැමියාගේ ආදරය ඔබ වෙතම තබාගන්න මෙන්න උපදෙස් 7ක්

January 31, 2017
86,668
7 Steps to a Better Marriage
විවාහයෙන් පසු ගොඩක් කාන්තාවන් කරන චෝදනාක් තමයි මහත්තයාගේ ආදරේ දැන් අඩුවෙලා කියලා. අඩුයි කියලා හිතන ආදරේ වැඩිකරගන්න පුලුවන් ක්‍රම ටිකක්
තමයි මේ කියන්න හදන්නේ.

1 ලස්සනට අදින්න

විවාහ වී ටික කාලයක් යනකොට සැමියාගේ සිත් ඇදගන්නා ආකාරයට ඇද පැළදගෙන ඉන්න ගෙදර ඇති වැඩත් එක්ක ඔබ අමතක කරනවා. සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්න
ඇති කැමැත්ත නිසා සැහැල්ලු ඇදුමක් ඇදගෙන ඉන්නවා මිසක් තමන්ගේ ලාලිත්‍යය ඉස්මතූවන ආකාරයට අදින්න ඔබ උනන්දු වන්නේ නෑ. මුලින්ම මෙන්න මේ දේ වෙනස්කර ගන්න ඕනි. තමන්ගේ සුන්දරත්වය කැපී පෙනෙන ආකාරයට හැඩවැඩ වෙන්න. එපමණක් නොව සැමියා පුදුම වන ආකාරයේ අනුරාගි ඇදුමකින් හා ඔහු කැමතිම සුවද විලවුන් එකක් භාවිතා කරන්න. එමගින් ඔහුගේ අවධානය ඔබ වෙතම තියනවා පමණක් නොව ඔහුගේ ඇස් ඔබෙන් ඉවතට නොයාවි.

2 ඔහුත් සමග ව්‍යායාම කරන්න

ඔබේ ස්වාමියා කැමති ව්‍යායාමයකට හෝ ඔහු කැමති යමි ක්‍රීඩාවකදී ඔබේ සහයෝගය ලබා දෙන්න. ව්‍යායාම සහ ක්‍රීඩා කිරීම තූලින් මොළයේ ඇති ඩොපමයින් නම් රසායනිකය උත්තේජනය වෙනවා. එයින් ඔබගේ ලිංගික ආශාව වැඩිවෙනවා. එබැවින් දෙදෙනාම එකතූ වී ව්‍යායාම සහ ක්‍රීඩාවේ නිරතවන්න.

3 ඔහුට ත්‍යාගයක් ලබා දෙන්න

ඔබේ සැමියාට සරල ත්‍යාගයකින් සංග්‍රහ කරන්න. ඔහු කූඩාකල සිට කන්න කැමති කෑමක් හදලා දෙන්න. එය නිසැකවම ඔහුගේ දවසම සතූටෙන් තබන්න හේතුවක් වෙනවා. ඊට අමතරව ඔහු කාලයක සිට ගන්න කැමැත්තෙන් හිටපු ඔහු කැමති යම් යම් දේවල් තියෙන්න පුලුවන්. එවැනි දෙයක් තෑගිකර ඔහුව පුදුම කරන්න. නිසැකවම ඔහුට ඔබගැන ආදරය හිතේවි.

4 දෙදෙනා එකට එක්ව කාලය ගත කරන්න

කාර්යබහුල ජීවිතයත් සමග ඔබ දෙදෙනාට එකට එකතු වී කාලය ගත කරන්න ලැඛෙන අවස්ථා අඩුවෙන්න පුලුවන්. නමුත් ලැබෙන කාලයෙන් හෝ විශේෂ කාලයක් වෙන්කරගෙන ඒ අවස්ථාව සුවිශේෂි කරගන්න. එකට හෙමින් ඇවිදින්න. ඔහු ලගින් හාන්සි වී ආදරණීය කතාවක යෙදෙන්න. විවාහයට පෙර පෙම්වතුනව සිටි කාලයේ ආදරණීය මතකයන් නැවත සිහිපත් කරදෙන්න. ඒ වගේම ගෙදරදීම ඉටිපන්දම් ආලෝකය එක්කරගත් ප්‍රියජනක රාත්‍රී කෑම වේලක් පිළියෙල කරන්න. මෙය ඉදුරාම ඔබේ විවාහ ජීවිතයට අලුත් ආකර්ෂණයක් ගෙනදෙයි.

5 ප්‍රශ්නවලට ඉවසීමෙන් විසදුම් සොයන්න

සබදතාවකදී ඇතැමිවිට නොයෙක් ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ එය හසුරුවන අන්දම ගැන සැළකිලිමත් විය යුතූයි. ප්‍රශ්නයකදී එකිනෙකාට චෝදනා කරමින් මැසිවිලි නගමින් තව තවත් දබර වෙනවා වෙනුවට ඉවසීමෙන් හා සමගියෙන් ප්‍රශ්නයට විසදුම් සොයාගත යුතූයි. මෙහිදී ඔබගේ ඒ පරිණත හැසිරීම ඔබේ සබදතාව ආරක්ෂා කරනවා පමණක් නොව සැමියාගේ හිත දිනාගැනීමටත් සමත් වෙනවා.

6 ඔහුගේ මතය විමසන්න

ඔබ උත්සව අවස්ථාවකට ඇදුමක් තෝරා ගැනීමේදී, මුදල් විය පැහදම් කිරීමේදී හා ගෙදර දොර යම් යම් තීරන ගැනීමේදී සැමියාගේ අදහස උපදේශය ලබාගන්න. ඔහුට
දැනෙන්න දෙන්න ඔහුගේ අදහස් ඔබට සැබැවින්ම වැදගත් බව. ඔබේ ජීවිතය තුල ඔහු වටිනා කොටසක් බව එයින් ඔහුට වැටහේවි.

7 ඔබගේ අවධානය ලබාදෙන්න

පුරුෂ පක්ෂය බොහෝ ප්‍රිය කරනවා තමන්ගේ බිරිද ඔහුට අවධානය දෙනවට. ආදරෙන් බලාගන්නවට. හොදින් සළකනවට. ඒ නිසා ඔබේ සමිපූර්ණ අවධානය ඔහුට ලබාදෙන්න. එක්වරක් හෝ පොඩි නෝට් එකක් ලියලා නිවසේ ඔහුගේ කාර්යාල මේසය මත හෝ ලන්ච් බොක්ස් එකේ තියන්න. ඔහු ලැබීම ඔබට මහත් වාසනාවක් බව පවසන්න. ඒ වගේම ඔබේ සැමියා වැඩ නිමවී ගෙදර ආ පසු ඔහුව ආදරෙන් වැළදගන්න/සිපගන්න.

මෙවැනි පොඩි පොඩි දේවල් නිසැකවම ඔබේ සබදතාවයට නැවුම් වෙනසක් ඇති කරනවා මෙන්ම ඔහුගේ ආදරයද ඔබ වෙතම රදාපවතී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 26 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:25 AM
Script:/article/26/7-steps-to-a-better-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:26 AM
Script:/article/26/7-steps-to-a-better-marriage.html