කටු පුහුල් වෑංජනය හැදීමට අවශ්‍ය දේ :
පුහුල් ග්‍රෑම් 300
බැදගත් කරි කුඩු මේස හැඳි 1 1/2
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
උම්බලකඩ කුඩු මේස හැඳි 1
හාල් මේස හැඳි 1
ගාගත් පොල් (බැද අඹරාගන්න) මේස හැඳි 1
සුදු ලූනු බික් 3
දියකිරි අඬු කෝප්ප 3
මිටිකිරි අඬු කෝප්ප 2
කරපිංචා කිනිත්තක්
රම්පෙ කැබැල්ලක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
දෙහි බෑයක යුෂ
කටු පුහුල් කරිය හදමු
01. පළමුව හාල්, පොල් බැද අඹරාගන්න. සුදු ලූනු ද අඹරාගන්න.
02. පුහුල්වල අලු ඉවත් වන ලෙස හොඳින් අතුල්ලා සෝද ඇට ඉවත් කරගන්න.
03. ගෑරුප්පුවකින් පුහුල් පොත්ත හිල් වෙන්නට ඇන කුට්ටි කපාගන්න.
04. අඹරාගත් සහල්, පොල්, සුදු ලූනු හැර අනෙකුත් ද්‍රව්‍ය එකට දමා පුහුල් සමග හොඳින් තම්බාගන්න.
05. ඉන්පසු අඹරාගත් හාල්, පොල්, සුදු ලූනු මිටිකිරිවලට මිශ්‍ර කර වෑංජනයට එක් කර නටවා පිසගන්න.