ඇවිදින්නවත් බැරි විදිහට කකුල් කැත වේලාද? ගෙදර ඉඳන්ම කරන්න පුලුවන් ප්‍රතිකාර මෙන්න

August 31, 2018
17,059
Treat your cracked heels at home
ඔයාගේ මුහුණ, අත්, හිසකෙස්, වගේම අවධානය යොමු කළ ඉතාමත් වැදගත් දෙයක් තමයි දෙපතුල් කියන්නේත්. විවිධ හේතු සාධකයන්හි බලපෑම නිසා පාදවල ලස්සන නැතිවෙලා ගිහින් පාද අවලස්සන වෙනවා. අද කාන්තාවන් බහුතරයකට තියෙන ගැටළුවක් තමයි විලුඹ ආශ්‍රිත පැලීම්. ඉතිං ඔයාගේ දෙපතුල්වල පැලීම් ඇති වුණාට පස්සේ ඔයාගේ වැඩකටයුතු ටිකවත් හරියට කර ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඔයා හරි වේලාවට ඔයාගේ පැලුණු දෙපාවලට ප්‍රතිකාර නොකොළොත් එයින් ඔයාට ඇති වන අවධානම් තත්ත්වය ගැන ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. දෙපතුල් අවලස්සන වුණාට පස්සේ ඔයා කොතරම් ආකාර්ෂණීය සපත්තු වර්ග පැළඳුවත් ඔයාගේ දෙපතුල්වල ලස්සන පෙනුම ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං අද Hadakari අපි තීරණය කළා ඔයාගේ පැලුණු දෙපා නිවසේ ඉදලාම සුවපත් කර ගන්න පුළුවන් tips කිහිපයක් ගැන ඔයාට කියලා දෙන්න. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාගේ පැලුණු දෙපා සුවපත් කර ගන්නේ කොහොමද කියලා.

පොල් තෙල්

ඉරි තැලි ගිය ඔයාගේ විලුඹ සුවපත් කර ගන්න ඔයාට නිවසේ ඉදලම කරන්න පුළුවන් සරල ප්‍රතිකාරයක් තමයි පොල්තෙල්. දිනපතා ඔයා පොල් තෙල් වලින් පැලුණු දෙපා වලට සත්කාර කිරීමෙන් විලුඹේ ඉරි තැලීම් සුවපත් වී යළි විලුඹ පැලීම් අවම කරනවා. රාත්‍රී නින්දට යාමට පෙර ඔයාගේ දෙපා හොඳින් පිරිසිදු කරන්න. ඉන් පසුව ඔයාගේ විලුඹේ පොල් තෙල් හොදින් ආලේප කර නින්දට යන්න. කපු රෙදි වර්ගයකින් ඔයාගේ පාදය ආවරණය කරලා තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. පොල් තෙල් මගින් ඔයාගේ පාදයේ විලුඹේ මැරුණු සෛල අලුත් වැඩියා කරනවා විතරක් නෙමෙයි ඔයාගේ පාදයේ ගොරෝසු බවත් අඩු කරනවා.

වැස්ලීන් සහ ලෙමන් යුෂ

ඔයාගේ පාදවල විලුඹ පැලීම්වලට ප්‍රතිකාර කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි වැස්ලීන් හා ලෙමන් යුෂ. මේ සංඝටක දෙකම ඔයාට පහසුවෙන් නිවසෙන් සොයාගත හැකියි. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. වැස්ලීන් හා ලෙමන් යුෂ හොඳින් මිශ්‍ර කරලා විලුඹ මෘදුව පිරිමදින්න. ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් මේ මිශ්‍රණය දෙපතුල්වල ආලේප කරලා රාත්‍රී කාලය තුළ මේස් දෙකක් පැළද නිදා ගන්න පුළුවන්. මෙයින් ඔයාගේ විලුඹ සුවපත් වී පැලුම් ඉවත් වී ඉක්මනින් දෙපතුල් සුවපත් කරනවා.

ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් කියන්නේ ඔයාගේ සමේ නිරෝගී බවට වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යයේ නිරෝගී බවටත් වටිනා ඖෂධයක් කියලා ඔයාට මීට පෙර හැඩකාරී ලිපියකින් කරුණු ඉදිරිපත් කළානේ. ඔන්න දැන් ඔයාගේ දෙපාවල විලුඹේ ඉරි පැලීම් ඇති වෙලා දෙපතුල් අවපැහැ ගැන්වී තියෙනවා නම් දැන් ඊට විසදුමක් විදිහට ඔලිව් ඔයිල් භාවිත කළ හැකියි. ඔයා දෙපාවලට භාවිත කරන foot cream එකක් තියෙනවා නම් ඒ ක්‍රීම් එකට ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කර ගත හැකියි. එහෙම නැතිනම් ඔයාට ඔලිව් ඔයිල් දෙපාවල ආලේප කළ හැකියි රාත්‍රී නින්දට පෙර. ඔයාට මේ සත්කාරය දිනපතා කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වැඩි කල් නොගොස්. ඉතිං ඔයාගේ පාද ඉරි තැලී ගොස් අවපැහැ වෙලා නම් ඔයා මෙවැනි සත්කාරයක් උත්සාහ කරලා බලන්න.

මී පැණි

මී පැණි කියන්නේ ඉතා වටිනා ඖෂධයක්. ඔයාගේ සම පැහැපත් කර ගන්න වගේම ඔයාගේ ශරීරයේ නිරෝගීමත්ව තියා ගන්නත් මී පැණි පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත සංඝටකයක්. මි පැණි කෝප්පයක් උණුවතුර සමග මිශ්‍ර කර ගන්න. පසුව මේ විදිහට ඔයා සකස් කර ගන්නා මිශ්‍රණයේ පාද පොගවා තියන්න විනාඩි 20 ක් විතර. ඔයාගේ පාදවල විලුඹේ ඉරි තැලීම් සුවපත් වෙනවා මේ සත්කාරය මගින්. මී පැණිවල තුවාල සුව කිරීමේ ගුණය තියෙන නිසා ඔයාගේ පාදවල වේදනාකාරී පැලුම් ඉක්මනින් හොඳ වෙනවා. ඒ විතරක් නෙමෙයි මී පැණිවල ඔයාගේ පාදවල පතුල්වල ගෝරෝසු බව ඉවත් කරලා ඔයාගේ යටිපතුල්වලට මෘදු බවක් ලබා දෙනවා.

සහල් පිටි

සහල් පිටි කියන්නේත් ඔයාගේ පාදයේ පැලුම්වලට සාර්ථක විසඳුම් හොයන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඔයාට නිවසේ ඉඳලා පහසුවෙන් මේ මිශ්‍රණය සකස් කර ගත හැකියි. ඔයා සහල් බ්ලෙන්ඩර් කර ගත්තට පස්සේ සහල් පිටි මේස තේ හැදි 03 ට මී පෑනි මේස තේ හැන්දක්, ආම්න්ඩ් ඔයිල් හැන්දක්, විනාකිරි එකට මිශ්‍රකර මිශ්‍රණය සකස් කර ගන්න. දෙපතුල් මද උණුසුම් ජලයේ පොඟවා ගැනීමේන් අනතුරුව ඔයා සකස් කර ගත් මිශ්‍රණය දෙපතුල්වල හොඳින් ආලේප කරන්න. මේ විදිහට දින කිහිපයක් මේ සත්කාරය කිරීමෙන් ඔයාගේ පාදවල ඉරිතැලීම් අඩු වෙන්න පටන් ගන්නවා.

තල තෙල්

තල තෙල් කියන්නේත් ඔයාගේ පැලුණු දෙපාවලට හොඳ ප්‍රතිකාරයක්. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. ගුණාත්මක භාවයෙන් ඉහළ තල තෙල් වර්ගයක් ඔයාගේ දෙපතුල් වල හා විලුඹේ හොඳින් ආලේප කර මෘදුව සම්භාහනය කරන්න. නින්දට පෙර මේ සත්කාරය ඔයා කළ යුතුයි. පසු දින දෙපතුල් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් යනවිට ඔයාට අදහා ගන්නත් බැරි විදිහට දෙපතුල්වලට සුවපත් බවක් ලැබේවී.

දෙපතුල් ලස්සනට තියා ගන්න නම් ඔයාගේ පාද රැකබලා ගැනීම අත්‍යාවශ්‍යයි. මොකද ඔයාගේ මුහුණ ලස්සනට තියා ගන්න ඔයා කොතරම් දේවල් කරනවාද. ඒ වගේම ඔයාගේ පාදවලට අවධානය යොමු කිරීම හරිම වැදගත්. ඔයාගේ දෙපතුල්වල විලුඹ පැලිලා තියෙන විට කුණු දුහුවිලි ඉතාමත් වේගයෙන් රැදෙනවා. ඒ නිසා නිරන්තරයෙන් දෙපතුල් පිරිසිදු කරන්න. දැඩි අව් රශ්මියට හෝ තාපයට නිරාවරණය වෙනවා නම් පාදවලට එයින් සිදු වෙන හානීය ගැනත් හිතන්න. දෙපතුල් සුවවෙන තෙක් ආරක්ෂාකාරී හා දෙපතුල්වලට අපහසු බවෙන් තොර සෙරෙප්පු වර්ගයක් භාවිත කරන්න. උණුසුම් කාලගුණයක් පවතින විට දෙපතුල්වලට මොයිස්චරයිස් වර්ගයක් භාවිත කිරීම ඉතාමත් වැදගත්. එයින් ඔයාගේ දෙපතුල්වල වියළි බව අඩු වෙලා තෙතමනය රදා පවතනිවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1056 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:00 AM
Script:/article/1056/treat-your-cracked-heels-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:01 AM
Script:/article/1056/treat-your-cracked-heels-at-home.html