හැමෝම කරන hair style එකෙන් මාරු වෙලා පොඩි change එකක් කරන්න කැමතියිද?

October 2, 2017
8,233
Want to have a change in your hair style among the others?
Girls, boys  කියල වෙනසක් නැතුව හැමෝම කැමතියිනේ වෙනස් වෙනස් දේවල් කරන්න. ඒ නිසාම ගොඩාක් වෙලාවට අපේ අය uncommon  දේවල් follow කරන්න පෙළඹෙනවා. එහෙම වෙන්න හේතුව තමයි අපි කැමතියි අනිත් අය අතර කැපිලා පේන්න. අපි කරන වෙනස් දේවල් නිසාම අනිත් අයගේ අවධානය නිකම්ම දිනා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ඇඳුමක් පැලඳුමක් ගන්න ගියත් අනිත් අය ළඟ නැති වැඩිපුර දැකලා නැති විදියේ විලාසිතා හොයන්නේ එකනේ. අපි ළඟ තියෙනවා වගේම
ඇඳුමක් තව කෙනෙක් අඳිනවා දැක්කොත් ඊට පස්සේ ඉතින් ඒ ඇඳුම ආයේ අඳින්න හිතෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත. ඇඳුම එක උදාහරණයක් විතරයි. ගොඩාක් තැන් වලදී අපි මේ කියන වෙනස් දේවල් කරන්න try කරනවා.

හැබැයි මේ තරම් uncommon දේවල් follow කරන ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක common දෙයක් කරනවා. හිතන්න ඒ මොකක් වෙන්න ඇත්ද කියලා...

මතක් වෙන්නේ නෑ නේද? එහෙනම් බලන්නකෝ ඔයාගේ කොන්ඩෙ දිහා.

එලියට බැස්සම කළු කොණ්ඩයක් හොයා ගන්න බැරි තරම්. මොකද හැමෝම වගේ තමන්ගේ කොණ්ඩේ ස්වභාවය වෙනස් කරලා. ඒ කියන්නේ  හැමෝම වගේ කොණ්ඩේ color කරලා bleach කරලා. එත් ඔයා වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක් නම් ඇයි අනිත් අය කරන කරන දේවල් කරන්න යන්නේ? ඒකෙන් වෙන්නේ අනිත් හා සමාන වෙන එක. ඇඳුම් පැළඳුම් වල වගේම ඔයාගේ කොණ්ඩෙත් වෙනසක් කරන්න. එහෙනම් ඔයාගේ ඔය ලස්සන කළු කොණ්ඩේ එක්ක ටිකක් enjoy කරමු. එකෙන්
ඇත්තටම ඔයාගේ ලොකු වෙනසක් වෙයි. අනිත් අය අතරේ ඔයා ළඟ කැපී පෙනෙන වෙනසක් දකින්න පුළුවන්.

නිකම්ම නිකන් කොණ්ඩයක් නෙවෙයි දිදුලන කළු කොණ්ඩයක් දිහා ඕනම කෙනෙක් හැරිලා බලනවා. කාලෙන් කාලෙට එන විවිධ විලාසිතා කරලා අපි කොච්චර fashionable වෙන්න හැදුවත් ඒ වගේ black shine කොණ්ඩයක් දැක්කොත් ආස හිතෙනවා නේද? අනේ මටත් ඒ වගේ කොණ්ඩයක් තිබුන නම් කියල හිතෙනවා නේද?

එහෙනම් දැන් හිත හිතා ඉන්න එක නතර කරලා ඔයාගේ ඔය කොණ්ඩේ ගැනත් ටිකක් වෙනස් විදියට හිතන්න. ඒ වෙනුවෙනුත් පොඩි වෙලාවක් වෙන් කරන්න.හැමෝම කරන fashion එකෙන් මිදිලා ඔයාටම අවේනික වුනු fashion එකකට මාරු වෙන්න.ඔයාගේ කළු පාට දිදුලන කෙස් කළඹ ඔයාව තවත් ලස්සන කරලා පෙන්නාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 434 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:14:14 PM
Script:/article/434/want-to-have-a-change-in-your-hair-style-among-the-others.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:14:14 PM
Script:/article/434/want-to-have-a-change-in-your-hair-style-among-the-others.html