පෙම්වතා ඔබෙන් අනවශ්‍ය photos ඉල්ලුවොත් මොකද කරන්නේ?

June 15, 2017
19,197
What To Do If Your Boyfriend Demands For Your Nude Photos
අද තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට බොහොමයක් හොද දේවල් වගේම නරක දේවලුත් අහන්න දකින්න ලැබෙනවා. තාක්ෂණික දියුණුව නිසා අද බහුතරයක්ම ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ ආදර සබදතා වල. මොකද තාක්ෂනය අද පෙම්වතුන්ට අතීතයට වඩා සීමා රහිත නිදහසක් ලබාදී තිබෙනවා. මේ නිසා අද වන විට අනවශ්‍ය ප්‍රයෝජන ලබාගන්න ව්‍යාජ පෙම්වතුනේ ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා.

මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ ඔබේ පෙම්වතාත් ඔබේ නිරුවත් ජායාරුප ඉල්ලුවොත් ඔබ කල යුතු දේවල් පිළිබදවයි. මොකද කාන්තාවක් ලෙස ඔබ අනිවාර්යෙන්ම බුද්ධිමත් විය යුතුයි ආදර සබදතාවයක් පවත්වාගෙන යාමේදී.

1. ඔබ photos ලබා දීමට අකමැති වීමේ කිසිදු වරදක් නැති බව සිතන්න

බොහෝ තරුණියන් මේ වගේ පෙම්වතාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න බිය වෙනවා. ඔවුන් හිතනවා එය වැරද්දක් කියා. නමුත් හොදින් කල්පනා කරලා බලන්න ඔබ ඔහුව විස්වාස කරලා ඔහුට යවන photos ඔහු වැරදි විදිහට භාවිතා කරොත් ඔබට මොකද වෙන්නේ? ඒ වගේම තමයි අද තියෙන තාක්ෂණයේ දියුණුවත් සමග ඒ photos ඕනෑම කෙනෙක්ගේ අතට යන්න පුළුවන්, ඔබේ පෙම්වතා ඒ දේවල් ප්‍රසිද්ධ නොකලත්. මේ නිසා ඔබ හොදින් සිතට ගන්න මේ වගේ දෙයකට අකමැතිවීම කිසිදු ආකාරයක වරදක් නොවන බව.

2. පෙම්වතා සමග කතාබහ කරන්න

ඔබ කෙලින්ම ඔහුට පවසන්න ඔබ ඔබේ photo එවීමට අකමැති බව. සමහර විට ඔහු ඔබට කියාවි ඔහුව විස්වාස කරන්න කියලා. නමුත් ඔබ ඔහුට පවසන්න මෙය ඔහු ගැන අවිස්වාසයට නොකරන දෙයක් නොවන බව. ඔබ කිසිවිටක ඔබේ photos ලබාදීමට කැමති නැති බව ඔහුට පවසන්න.

3. ඔහු ඔබ කියන දෙයට එකඟ උනොත් තව දුරටත් ඔහුත් සමග ඉන්න

හිතන්න ඔහු ඔබ පවසන දෙය තේරුම් අරගෙන ඔබ කියන දෙයට එකග උනා කියලා. එහෙනම් ඔබට පුළුවන් ඔහුත් සමග තව දුරටත් ඔබේ ආදර සබදතාවය පවත්වාගෙන යන්න. නමුත් ඔහු ඔබට එකඟ නොවී ඔබට තව තවත් බල කරමින් ඔබේ photos ඉල්ලනවා නම් හොදම දෙය තමයි ඔහුත් සමග තිබෙන සබදතාවය අත්හැර දැමීම.

4. සැහැල්ලුවෙන් මේ ගැන හිතන්න එපා

සමහර තරුණියන් ඉන්නවා ඔවුන්ට කිසිම ගානක් නැහැ ඔවුන්ගේ photos පෙම්වතුන් ලග තිබුණට. නමුත් ඔවුන් අමාරුවේ වැටෙන්නේ කවදා හරි දවසක ඔහු ඒවා වැරදි විදිහට භාවිතා කරහම. මේ නිසා ඔබ මේ දේ ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. වෙනත් තරුණියන් කරනවා කියා ඔබත් මේ දේ කරොත් දවසක අමාරුවේ වැටෙන්නේ ඔබමයි.

5. ඔහු ඔබට දිගටම කරදර කරනවා නම් වැඩිහිටියෙකුට පවසන්න

ඔහු ඔබ ඔහුට තේරුම් කර දුන් පසුවත් ඔබෙන් ෆොටෝස් ඉල්ලමින් ඔබට කරදර කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම මේ ගැන ඔබේ පවුලේ විස්වාසවන්ත කෙනෙක්ට පවසන්න. මොකද මේ ප්‍රශ්නය සමහර විට ඔබට විශාල මානසික වදයක් විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 312 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:54:33 AM
Script:/article/312/what-to-do-if-your-boyfriend-demands-for-your-nude-photos.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:54:33 AM
Script:/article/312/what-to-do-if-your-boyfriend-demands-for-your-nude-photos.html