කාන්තාවන්ට ඇවිදීම එපා කරවන යටිපතුලේ වේදනාවට හොඳම පිළියම්

January 23, 2017
32,163
Common reasons of Foot Pain for women
යටිපතුලේ වේදනාව යනු කාන්තාවන්ට බහුල වශයෙන් වැළඳෙන රෝගයකි. මේ හේතුවෙන් ඔවුන්ට ගෙදර දොර වැඩකටයුතු කරගැනීමට පවා අපහසු තත්වයක් උදාවන අවස්ථාව ඔබද දැක ඇත.

ශරීරයේ අනෙක් කොටස් සේම අපගේ පාදය එනම් වළලුකරෙන් පහළ කොටස අස්ථි 26 ක්ද, සන්ධි 33 ක්ද, ඒවා එකිනෙකට සම්බන්ධ කරන පේෂි ඛණ්ඩරා (Tendons & Ligarment) රාශියක් එනම් සියයකට අධික ප්‍රමාණයකගේ එකතුවෙන් සෑදී ඇති අතර යටි පතු‍ලේ ඇති විශාලම අස්ථියෙන් විලුඹ සෑදී තිබේ.

යටි පතු‍ලේ වේදනාවට හේතු

යටිපතු‍ලේ වේදනාව විවිධ හේතු කිහිපයක් නිසා ඇතිවන අතර ඒ අතර ආතරයිටිස් (Arteritis) Planter Fasciitis අස්ථිවලට සිදුවන අනතුරු (Trauma), විෂබිජ ආසාදන බහුල වීම වැනි කරුණු දැකගත හැකිය. මේ සිද්ධි අතරින් ආතරයිටිස් නිසා කාන්තාවන් බොහෝ පිරිසකට යටිපතුලේ වේදනාව ඇතිවන බවට වෛද්‍යවරු විසින් සොයාගෙන ඇත.

ආතරයිටිස්

වයස 30-60 ත් අතර කාන්තාවන්ට බහුලව දැකිය හැකි මෙම තත්ත්වය ඕනෑම වයසකදී ඇතිවිය හැකි අතර මෙම තත්ත්වය හඳුන්වාගත හැකි ඉතාමත් පහසුම කරුණ වන්නේ උදෑසන ඇදෙන් බැස්ස විටදී පය බිම තැබූ විටදී වේදනාවක් දැනීමයි.

කෙසේ නමුත් ඉන් මඳ වේලාවකින් එය ඉබේම නැති වී යා හැකි අතර පසුව එසේම පඩිපෙළක් නැගීම, දීර්ඝ වේලාවක් සිටගෙන සිටින විටදී ද මෙම තත්වය නැවත ඇතිවිය හැකිවේ.

මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යානුකූලව ප්‍රතිකාර ක්‍රම කීපයක් එකවර අනුගමනය කළ හැක.

ඉතාමත් කලාතුරකින් මේ සඳහා එක්ස් රේ හා එම්. ආර්. අයි. ස්කෑන් භාවිත කරනු ලැබේ.

ප්‍රතිකාර කිරීමේ දී විවේකීව සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

විශේෂිත ටේප් වර්ගයක් විලුඹ ප්‍රදේශයේ ඇලවීම (Taping) මෙය නවතම ක්‍රමයකි. සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි මෙම ක්‍රමය ක්‍රීඩා වෛද්‍යවරයකුගේ උපදෙස් මත පැලඳීම සුදුසු වේ.

සපත්තු තුළට දැමිය හැකි විශේෂිත උපකරණ මගින් පාදයේ වක්‍රතාවයෙන් සිදුවන සංකූලතා මගහරවාගත හැක.

ව්‍යායාම හා සම්බාහන ක්‍රම අනුගමනය කළ හැක.

ඉතාමත් කලාතුරකින් ශල්‍යකර්ම සිදු කරනු ලබයි. මෙහිදී වැඩි ව්‍යාකූල තත්ත්වයක් නම් පමණක් මේ සඳහා යොමු වේ.


යටිපතු‍ලේ වේදනාව ඇති වීම වළක්වාගත හැකි ක්‍රම කිහිපයක් ඇත.

1. නිතරම නිවැරදි පාවහන් භාවිතය
2. අවශ්‍ය විටදී පාවහන් මාරු කර නව පාවහන් පැලඳීම
3. සිරුරේ බර අඩුකර ගැනීම
4. ක්‍රීඩා කරන විට උණුසුම් මෙන්ම සිසිල් කරන ව්‍යායාමද නිසි අයුරින් කිරීම
5. නිවැරදි ආහාර පුරුදු හා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 11 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:35 AM
Script:/article/11/common-reasons-of-foot-pain-for-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:35 AM
Script:/article/11/common-reasons-of-foot-pain-for-women.html