පිරුණු ආකර්ෂණීය දෙතොලකට ටිප්ස්

January 18, 2021
10,616
Tips to have plump lips
තොල් කියන්නේ බොහෝ විට අපේ මුහුණේ වඩාත් කැපී පෙනෙන අංගයක්. ඒ නිසා අපේ තොල් ආකර්ශනීය කර ගැනීම සඳහා, අපි අතිවිශිෂ්ට වර්ණ සහිත ලිප්ස්ටික් මිලදී ගන්නවා. නැත්නම් නවතම රූපලාවණ්‍ය නිෂ්පාදන උත්සාහ කරනවා. අද හැඩකාරී අපි ඔබට තොල් වලට මේක් අප් කිරීම සඳහා උපකාරී වන වඩාත් ඵලදායී ටිප්ස් කිහිපයක් අරන් ආවා.

ඔබේ දෙතොලේ ඇති මතුපිට සිවිය ඉවත් කිරීමට
ඔයාට අවශ්‍ය වන්නේ;
අලිගැට පේර තෙල්, ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් තේ හැඳි 1
සීනි මේස හැඳි 1
මී පැණි මේස හැඳි 1
පොල්තෙල් හෝ වැස්ලින් තේ හැඳි 1
කුඩා භාජනයක් ගෙන සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න. ඔබේ තොල්වලට සදා ගත් ඝණ මිශ්‍රණය ආලේප කරලා විනාඩි 2 සිට 3 ක් දක්වා මෘදු ලෙස අතුල්ලන්න. ස්ක්‍රබ් කර අවසන් වූ පසු ඉතිරි වන පේස්ට් ටික අනිත් දවසේ පාවිච්චි කරන්න අරන් තියන්න. හොඳම ප්‍රතිඵලය සඳහා, සතියකට වරක් හෝ දෙවරක් මෙම ස්ක්‍රබ් එක භාවිතා කරන්න.

ඔබේ තොල් මෘදු කිරීමට
ඔබේ තොල් පිරිසිදු කිරීම සඳහා විශේෂ ස්ක්‍රබ් එකක් හෝ මෘදු දත් බුරුසුවක් භාවිතා කරන්න. මේ ආකාරයෙන් කරන සම්බාහනය මගින් ලිප්ස්ටික් ගාද්දී වුණත් ඔබේ තොල් මත ඒකාකාරව හා සුමටව ආවරණය කෙරෙනවා.

ලිප් ලයින් එක ඇඳ ගන්න
මුලින්ම දෙතොල් මත හොඳ කන්සීල එකක් ආලේප කරන්න. ඊට පස්සේ ලිප් ලයිනර් එකක් භාවිතා කරමින් ඔබේ මුහුණට ගැලපෙන ආකාරයෙන් ලිප් ලයින් එක අඳින්න. එමඟින් ඔයාගේ තොල ලොකු හෝ පොඩි කරලා පෙන්වන්න පුලුවන්. ඒ අතර ඔයාගේ ස්වභාවික දෙතොල් වල ඇති පෙනුමේ අඩු පාඩු හදලා දෙනවා.

වර්ණ මිශ්‍ර කරන විට
ඔයාගේ makeup එකට ගැලපෙන ආකාරයට ලිප් ලයිනර් එක ඇද ලිප්ස්ටික් වර්ණ මැච් කිරීම වඩා හොඳයි.

Outline කරන්න
ඔබේ තොල්වල රේඛාව උද්දීපනය කර පෙන්වීමට සහ තොල් වලට පූර්ණ පෙනුමක් ලබා ගැනීමට concealer එකක් හෝ හයිලයිටරයක් භාවිතා කර තොල් outline කරන්න.



ඔබේ තොල් මහත් කර පෙන්වීමට
තොල් මහත් කර පෙනවන්න ඕනේ නම්, lip liner පැන්සලෙන් තොල් වටා outline කර මැදට concealer ආලේප කර ඒ මත lipstick ආලේප කරන්න.



ලිප්ස්ටික් වර්ණය
ඔයා තොල් අලේපනයක් තෝරා ගන්නකොට ඉස්සෙල්ලම බලන්න ඕනි ඔයාගේ සමේ පැහැය සහ තොලේ පැහැයයි. මේ වැදගත් දේවල් අමතක කරන්න එපා. pearl ලිප්ස්ටික් මගින් ඔබේ සමේ ඇති සියලුම අඩුපාඩු ඉස්මතු කරන බව, matte ලිප්ස්ටික් මගින් ඔබේ තොලේ පෙනුම අඩු කල හැකි බව සහ glossy ලිප්ස්ටික් සමහර අවස්ථාවන්ට සුදුසු ති බවත් මතකයේ තබා ගන්න.



ලිප්ස්ටික් පිළිවෙලට ආලේප කරන්න
ඔබේ උඩු තොලට ඉහළින් ඇති නැම්මට පහළින් උඩු තොලේ මැදින් කතිරයක් දමා ගැනීමෙන් තොලේ ලයින් එක පහසුවෙන් ඇඳගන්න පුළුවන්. ඉන්පසු ඔබේ තොල් මත දළ සටහනක් ඇඳ ගෙන රේඛා සම්බන්ධ කරන්න.

තොල් මෘදු හා සිනිඳු කිරීමට
බීට්රූට් ගෙඩියක් ගෙන ලෙලි ඉවත් කරන්න. එය කුඩා පෙති වලට කපලා බීට්රූට් වලින් යුෂ හොඳින් මිරිකා ගන්න. බීට්රූට් යුෂ වලට පොල්තෙල්, මී පැණි හෝ beeswax තේ හැන්දක් පමණ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරලා ඔබේ තොල් වල පුලුවන් සෑම විටම ආලේප කරන්න. සතියකට පමණ පස්සේ ඔබට මෘදු රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1936 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:27 AM
Script:/article/1936/tips-to-have-plump-lips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:28 AM
Script:/article/1936/tips-to-have-plump-lips.html