සැමියාව සතුටින් තියන්න කැමති බිරින්දෑවරු කවදාවත් නොකරන දේවල්

March 4, 2017
75,807
wife who loves husband don't do these things
බහුතරයක් කාන්තාවන් සමහර වෙලාවට උත්සහ කරනවා තමන්ගේ සැමියාව පාලනය කරන්න. නමුත් මේක යහපත් පවුල් ජිවිතයක් ගෙනයන්න විශාල බාධාවක්. මේ නිසා කාන්තාවක් අනිවාර්යෙන්ම පවුල් ජීවිතය තුල නිවැරදි ස්ථානය සැමියාට ලබාදිය යුතුයි. නැතිනම් වෙන්නේ ඔබේ පවුල් ජීවිතය ඔබ නොසිතන විදිහට විනාශ වෙලා යන එක. ඒ නිසා තමන්ගේ පවුල්ජිවිතය ගැන හිතන බුද්ධිමත් කාන්තාවන් කවදාවත් තමන්ගේ සැමියාට මේ වගේ දේවල් කරන්න කියන්නේ නෑ.

1. ඇය කවදාවත් හිතන්නේ නෑ සැමියා ඇයව රැකබලා ගත යුතුයි කියා

ඔවුන් දන්නවා තමන්ගේ පවුල වෙනුවෙන් ඔවුන් අතින් ඉටුවියයුතු වැඩ කොටසක් තිබෙන බව. ඔවුන් මේ වැඩ කොටස ඉටු කරන ගමන් සැමියාගේ වැඩ වලටත් උදවු උපකාර කරනවා. ඇය හොදින්ම දන්නවා සැමියාට විතරක් පවුලේ වගකීම් සියල්ල පවරන එක සාධාරණ නොවන බව.

2. ඔහු ආදරය කරන දේවල් අත්හැර දමන්න ඔහුට කියන්නේ නෑ

සැමියා කැමති රැකියාව ඔහු කැමති පුරුදු වගේ දේවල් අත්හරින්න කියා කවදාවත් ආදරණිය බිරිදක් තමන්ගේ සැමියාට කියන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා තමන්ගේ සැමියාගේ සතුට අනෙක් හැමදෙයකටම වඩා ඔවුන්ට වැදගත් බව.

3. ඔහුගේ මිතුරන් සහ පවුලේ උදවිය ආශ්‍රය කරන එක නතර කරන්න උත්සහ කරන්නේ නැහැ

සමහර කාන්තාවන් කැමති නැහැ සැමියා පිටස්තර පුද්ගලයන් ආශ්‍රය කරනවට. නමුත් යහපත් බිරිදක් දන්නවා සැමියාට වෙන්වූ නිදහස් ලෝකයක් ඔහුට තිබිය යුතු බව. ජිවිත කාලයම තම පවුල වෙනුවෙන් කැප කල පිරිමියෙකුට අනිවාර්යෙන්ම හොද මිතුරන්ගේ ආශ්‍රය වගේම පවුලේ නෑදෑ හිතමිතුරන්ගේ ආශ්‍රය තිබිය යුතුයි හොද මානසික යහපැවත්මක් ගොඩනගාගන්න.

4. ඔබ කැමති අකමැති දේවල් වලට ඔහුව එකග කරගන්න උත්සහ කරන්නේ නැහැ

අපි එකිනෙකා කැමැත්ත අකමැත්ත දක්වන දේවල් ඇත්තටම වෙනස්. සැමියා කැමති දේවල් වලට බිරිද කැමති වෙන්න ඕනේ කියලවත් බිරිද කැමති දේවල් වලට සැමියා කැමති වෙන්න ඕනේ කියලාවත් දෙයක් නෑ. පවුලක පැවැත්මට අවශ්‍ය එකම දෙය තමයි එකිනෙකා ගැන තියන මනා අවබෝධය. මේ නිසා හොද කාන්තාවක් කවදාවත් ඇය කැමති අකමැති දේවල් වලට සැමියාව එකග කර ගන්න උත්සහ කරන්නේ නැහැ.

5. ඇය ඔහුව වෙනස් පුද්ගලයෙක් කරන්න උත්සහ කරන්නේ නැහැ

හැම කෙනෙක්ගෙම ජිවිතේ ඇතුලේ ඔවුන් විසින්ම හදාගත් ජිවන රටාවක් තියනවා. කාන්තාවක් තමන්ගේ සැමියාගේ ජිවන රටාව වෙනස් කරන්න උත්සහ කරනවා කියන්නේ ඇය ඇත්තටම සැමියාව තේරුම් අරන් නැහැ කියන එක. මේ නිසා යහපත් බිරිදක් කවදාවත් තමන්ගේ සැමියාව වෙනස්ම කෙනෙක් කරන්න උත්සහ කරන්නේ නැහැ .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 98 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:22 AM
Script:/article/98/wife-who-loves-husband-dont-do-these-things.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:23 AM
Script:/article/98/wife-who-loves-husband-dont-do-these-things.html