දරුවන් නොලැබෙන ශුක්‍රාණු හීනතාව ගැන ඔයත් දැනුවත්ද?

October 10, 2018
8,573
Are you aware of lack of sperms which cause no children?
විවාහ වෙන ඕනෑම දෙදෙනෙකුගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද කියලා අපි ඔයාගෙන් ඇහුවොත් ඔයා හැඩකාරී අපිට ඕන තරම් පිළිතුරු ලබා දේවී. ඒත් අපි දන්නවා ඔය උත්තර අතරේ තමන්ගේ පුංචි කැදැල්ලට දරු පැටියෙක් ගෙන එක තමයි ගොඩක් දෙනෙක්ගේ පිළිතුර වෙන්නේ. දරු සම්පත් ලබන්නත් වාසනා මහිමයක් තියෙන්න ඕන කියලා ඔයා කතාවටත් අහලා ඇතිනේ. අද කොච්චර සැප සම්පත්, යාන වාහන, මුදල්, ඉඩකඩම් තිබුණත් සමහරු දරු සම්පත නැතුව ගොඩක් දුක් පීඩා විඳිනවා. අපේ සමාජය කොචච්ර දියුණු වුණත් ආකල්ප අතින් වෙනස් කරන්න ටිකක් විතර අමාරුයි. විවාහ ජීවිතයෙන් පස්සේ දරුවන් නොලැබීමේ වරද කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පටවන්නේ කාන්තා පාර්ශ්වයටනේ. ඒ නිසා තමයි ගොඩක් වේලාවට වඳ ගැහැණිය කියලා නමක් දරුවන් නොමැති පවුල්වල කාන්තාවට පටබැඳිලා තියෙන්නේ. දරු සම්පත් අහිමි වීමට කාන්තා පාර්ශ්වයේ විතරක් නෙමෙයි පිරිමි පාර්ශ්වයේද විවිධ ගැටළුත් අඩු වැඩි වශයෙන් බලපෑ හැකියි. ඉතිං අද හැඩකාරී ඔයාට ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ශුක්‍රාණු හීනතාව දරු සම්පත වෙනුවෙන් බලපෑම් කරන්නේ කොහොමද කියලා.

වැඩිවියට පත්වීම

ගැහැණු දරුවෙකු වගේම පිරිමි දරුවන්ද වැඩිවියට පත් වෙනවා කියලා අපි ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ. විශේෂයෙන්ම ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම මවක් වෙන්න පළමු සුදුසුකම සම්පූර්ණ කළා කියලයි සමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ. දරුවෙකු කුස පිළිසිඳ ගන්න පුරුෂයාගෙන් පිටවන ශුක්‍රාණු සරු ශුක්‍ර තරල වීම ඉතාමත් වැදගත්. පිරිමි දරුවෙක් වැඩිවියට පත් වෙන විට කටහඬ රළුවීම, රැවුල ඇති වීම, උරහිස් පළල් වීම ආදී වු ශාරීරික වෙනස් වීම් රැසක්ම සිදු වෙනවා. මෙවැනි ලක්ෂණ වලින් පුරුෂයෙකුටද දරු සම්පත් ලැබීමේ මහිමය ඇති බව විශ්වාස කෙරෙනවා. මේ අතරින් ඉතාමත් වැදගත්ම දේ වෙන්නේ ශුක්‍රාණු වල ඇති නීරෝගී බව හා සරු බවයි.

පරිණත ශුක්‍රාණු පිටවීම

සමාන්‍යයෙන් ආයුර්වේද ක්‍රමයට අනුව නම් අවුරුදු 25 තමයි පුරුෂයෙකුට විවාහ වෙන්න හොඳම වයස විදිහට සැළකෙන්නේ. මේ වයසෙන් පස්සේ ශුක්‍රාණු වල සරුබව ලබාගත හැකි බව ආයුර්වේදය තුළ විශ්වාස කෙරෙනවා. නිසි වයසේ විවාහ වුණ කෙනෙක්ගෙන් සරු ශුක්‍රාණු පිට වීම සිදු වෙනවා. එක් වරකදී සමාන්‍යයෙන් මිලියන 60 ටත් වඩා වැඩියෙන් ශුක්‍රාණු පිට වීම සිදු වෙනවා. හිස, කඳ සහ වලිගය යන මේ කොටස් ත්‍රිත්වයම නිරෝගී නම්, නිරෝගී සමාන්‍ය ශුක්‍ර තරලයක් ලෙසින් හඳුනා ගත හැකියි. ඒත් මේ එක් කොටසක් හෝ අඩුපාඩු සහිත නම් එය අසාමාන්‍ය ශුක්‍රාණුවක් විදිහට තමයි හඳුනා ගන්නේ. මේ විදිහට දිගින් දිගටම අසාමාන්‍ය ශුක්‍ර තරල පිටවීමෙන් තමයි මදසරු භාවය ඇති වෙන්නේ.

අසාමාන්‍ය ශුක්‍රාණු ඇති වෙන්නේ ඇයි?

සමාන්‍යයෙන් දෛනික ජීවිතයේ ඔබ අතිශය කාර්යබහුල කෙනෙක් නම් ඔයාට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දේශගුණික සාධක, පාරිසරික බලපෑම, මානසික තත්ත්වයන්, තාක්ෂණික මෙවලම් බහුල පරිසරයක ගණදෙනු කිරීම, දවස පුරාම යට ඇඳුම් ඇඳ සිටීම, මානසික ආතතිය වැනි තත්ත්වයන් වලදී මේ විදිහට අසාමාන්‍ය විදිහට ශුක්‍රාණු ඇති විය හැකියි. ශුක්‍රාණු නිපදවන සෛල යහපත් මට්ටමින් පැවතුණත් ශුක්‍රාණු වල වෙනස්කම් සිදු වුවහොත් එහිදී දරුඵල අහිමි විය හැකියි. නමුත් මෙවැනි තත්ත්වයක් වෛද්‍ය හා ආයුර්වේද ප්‍රතිකාර ඔස්සේ නිරාකරණය කර ගන්න හැකියාව තිබෙනවා. ඉහත කරුණු කාරණාවලට අමතරව හොඳ ආහාර රටාවක් පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා.

ආයුර්වේද ප්‍රතිකාර

සමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහේ ශුක්‍රාණු නිපදවීමට මාස 03 ක පමණ කාලයක් විතර ප්‍රතිකාර කළ යුතු වෙනවා. අද පිරිමි පාර්ශ්වය ඉතා කාර්යබහුල වටපිටාවක තමයි ගණුදෙනු කරන්නේ. ඉතිං මේ තත්ත්වය මඟහැරුණොත් මදසරු බවට යම් විසදුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කොතරම් යහපත් ශුක්‍රාණු බිහි වුණත් වැඩක් වෙන්නේ නෑ ඩිම්බයක් වෙත පීනා යාමේ හැකියාව අඩු වුණොත්. මුලින් සඳහන් කළා වගේ එවැනි හැකියාවකින් පරිපූර්ණ ශුක්‍රාණුවක් තමයි කලලයක් පිළසිඳ ගන්න වඩාත් යහපත් වෙන්නේ. ඉතිං සියලු ගුණාංගවලින් පරිපුන් ශුක්‍රාණු ලබා ගන්න ඔයාට දෛනික ජීවන රටාවද වෙනස් කර ගන්න සිදු වෙනවා.

මත්පැන්, සිගරට් වැනි දේවල් භාවිත කිරීම ඔබ නැවැත්විය යුතුයි. ඒ විතරක් නෙමෙයි තාක්ෂණික උපකරණ එක්ක ගණදෙනු කරන එක සීමා කරන්න. විශේෂෙයෙන්ම ආතතියෙන් තොර නිදහස් වටපිටාවක් එක්න සෑම විටම ගණදෙනු කිරීම අතිශය වැදගත් වෙනවා. ආහාර රටාව වඩාත් සෞඛ්‍යය සම්පන්න විය යුතුයි. කෘත්‍රිම රසකාරක ආහාර රටාවෙන් ඈත් වෙන්න, කාය වර්ධනය සඳහා ඖෂධ ලබා ගැනීම නතර කරන්න, අධික තාපය සහිත ස්ථානවල ගැවසෙන්න එපා. මේ ආදී ක්‍රියාකාරකම්වලින් ඈත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

ශුක්‍ර හීන පුද්ගලයෙකුගේ ලක්ෂණ :

අධික ලෙස කේන්ති යාම
පුරුෂ පෞර්ෂ බව මලානික වීම
උදාසීන බව
නිදිමත ගතිය
ලිංගික බෙලහීනතාව
ලිංගික කාර්ය සම්බන්ධයෙන් උනන්දු නොවීම
ආකාර්ෂණීය හා ප්‍රසන්න බව අඩු වීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1110 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:00 AM
Script:/article/1110/are-you-aware-of-lack-of-sperms-which-cause-no-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:01 AM
Script:/article/1110/are-you-aware-of-lack-of-sperms-which-cause-no-children.html