රාත්‍රී ආහාරය මඟ හැරියොත් මොකද වෙන්නේ?

November 19, 2020
6,630
What happens if you skip dinner?
ඔබ බොහෝ විට රාත්‍රී ආහාරය මඟහරිනවාද? ඒත් එහෙම හිස් බඩක් එක්ක නිදා ගනිද්දී ඒක ඔබේ ශරීරයට මෙන්ම මානසික සෞඛ්‍යයටද ඒක බලපානවා. බොහෝ විට තමන්ගේ ආහාර හා පෝෂණ අවශ්‍යතා අමතක කරලා ජීවිතයේ වෘත්තීය වැඩ වලට හා පෞද්ගලික වැඩ වලට කැප වෙන්නයි අද කාලයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. ඉඳහිට ආහාර ගැනීමෙන් වැළකුණා කියලා ඒක අපේ සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්නේ නෑ. ඒත් ඒක දිගටම පුරුද්දක් බවට පත් කරගත්තොත් හෝ හිස් බඩින් නිදා ගන්න පුරුදු වුණොත් ඒක නම් නිසැකවම ඔබේ සෞඛ්‍යයට බොහෝ ආකාරවලින් බලපානවා.

ඔබත් එහෙම පුරුදු වුණ කෙනෙක් නම් ආරම්භයේදී රාත්‍රී ආහාරය මඟ හැරීමෙන් ඔබේ ශරීරය තුළ පෝෂණ ඌනතා හට ගන්නවා. දිනපතා ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා මැග්නීසියම්, විටමින් බී 12 සහ විටමින් ඩී 3 වැනි ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වෙනවා. ඔබ දිගු කලක් එම පුරුද්ද දිගටම කරගෙන ගියොත් එම පෝෂක ඔබට අහිමි වෙලා ඔබව මන්දපෝෂණය හෝ පෝෂණ ඌනතාවයන් වර්ධනය වීමේ අවදානමට ලක් වෙන්න පුළුවන්.

ඒ වගේම හිස් බඩින් ඉන්න එක ඔබේ මානසික යහපැවැත්මට, සාමාන්‍ය මොළයේ ක්‍රියාකාරිත්වයට සහ තීරණ ගැනීමේ හැකියාව සඳහා හානිකර විදිහට බලපානවා. උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වලට අනුව මොළයේ ක්‍රියාකාරීත්වය ග්ලූකෝස් මත ධාවනය වන නිසා රාත්‍රී ආහාරය මඟ හැරීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කෙරෙනවා. ඔබට කෝපාවිෂ්ට බවක් දැනෙනවා නම්, තෙහෙට්ටුවක් හෝ අවධානය යොමු කිරීමට බැරි වීමේ ගැටලුවක් තිබෙනවා නම්, දැන් ඔබ ඒවාට හේතුව දන්නවා!

ඒ විතරක් නෙමෙයි රෑට නොකා හිටියාම බර අඩු කරගන්න පුලුවන් කියන මතය සමාජයේ ජනප්‍රිය විශ්වාසයක්. ඒත් හිස් බඩින් නිදාගැනීම කියන්නේ අනවශ්‍ය බර වැඩිවීමකට හේතුවක් ද වෙන්න පුලුවන්. මොකද ඒ හරහා පහුවදාට ඔබට අධික ලෙස ආහාර අර ගන්න ඕනේ වෙනවා. ඒ නිසා ඔබ තුළ වෙනදාට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න ආශාවක් ඇති වීම සහ ඔබේ පරිවෘත්තීය කාර්‍යන් මන්දගාමී වෙන නිසා බර අඩු කර ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අඩු වෙනවා.

පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීම ඊළඟට ශරීරයේ මාංශ පේශි වර්ධනය වීමේ හැකියාව කෙරෙහි බලපානවා. සාමාන්‍යයෙන් අපි නිදාගෙන ඉද්දී ශරීරය අළුත්වැඩියා වෙනවා හා ශරීරය ප්‍රතිස්ථාපන මාදිලියට යනවා. ඒ අතරතුර මාංශ පේශි සෑදීම, ප්‍රෝටීන් මාංශ පේශි බවට පරිවර්තනය කිරීම හා හානියට පත් පටක අලුත්වැඩියා කිරීම ආදී ක්‍රියාවලීන් ශරීරයේදී සිද්ධ වෙනවා. ඒ නිසා ශරීරය අළුත්වැඩියා කිරීමට සහ යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රෝටීන ඔබට අහිමි වුණොත්, නිදා සිටියදී මාංශ පේශි අහිමි වීමේ අවදානමක් ඔබට ඇති වෙනවා.

රාත්‍රී ආහාරය මඟ හැරියොත් ඒක ඔබේ නින්දට ද බලපෑම් ඇති කරනවා. ශරීරයේ ඉන්සියුලින් මට්ටම අඩු වුණාම ඒක ඇසිපිය ගැසීමේ ක්‍රියාවලියට ද අහිතකර ලෙස බලපානවා.

ඒ විතරක් නෙමෙයි ඔබේ ආමාශයික හා ආහාර ජීර්ණ සෞඛ්‍යයද අවදානමට ලක් වෙනවා. හිස් බඩ නිසා ඇති වෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ආමාශයේ ගෑස්ට්‍රික් වර්ධනය වීමට හේතු වෙනවා. ඒක ආහාර අජීර්ණයේ හා ආමාශයේ වේදනාකාරී ගැටලු ඇති කරනවා.

ඒ නිසා නෝනාවරුනි, ඔබේ යහපත් සෞඛ්‍යයේ යතුර වෙන්නේ සමබරතාවය බව මතක තබා ගැනීම වැදගත්. රාත්‍රී ආහාරය සඳහා සුදුසු නිවැරදි ආහාරය ගැනීම ඔබේ ශාරීරික සෞඛ්‍යයට පමණක් නෙමෙයි ඔබේ ඥාණය සම්බන්ධ හැකියාවන්ටද අත්‍යවශ්‍ය වෙන පුරුද්දක් බව සිහියේ තබා ගන්න !

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1911 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:38 AM
Script:/article/1911/what-happens-if-you-skip-dinner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:38 AM
Script:/article/1911/what-happens-if-you-skip-dinner.html