ඔයා make-up කරනවද? එහෙනම් ඔයත් මේ වැරදි කරවාද කියලා බලන්න

October 31, 2018
12,489
How to do your make-up correct
කාන්තාවන් හැමෝම වගේ ලස්සනට පේනවට කැමතියි. ලස්සන උණත් හැමෝම make-up පාවිච්චි කරනවා. ඊට හේතුව ඔයා කැමතියි අනිත් අයට වඩා ලස්සනට ඉන්න. එය ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරනවා. ඔයත් make-up කරනවා නම් ඇතැම් විට ඔයාගේ අතින් පොඩි පොඩි වැරදි වෙනවා ඇති. ඒ පොඩි වැරදි නිසා ඔයාගේ මුහුනේ කුරුලෑ එන්න පටන් අරන්, වයසට වඩා වැඩි පෙනුමක් ඔයාට ලැබෙන්න ඇති. ඒ නිසා ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ වැරදි කරනවා නම් අදම නවත්තන්න. කාන්තාවකගේ රූපයෙන් කාන්තාවක්  ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්. එනිසාම ඔයා ඔයාගේ රුපෙ ගැන හිතන්න ඕනි. ඔයාගේ  මුහුනේ සම සියුම්. එනිසා ඔයා ඔයාගේ මුහුණට මොනවා කරන්නත් කලින් දෙපාරක් හිතන්න. අද හැඩකාරී අපි ඔයාට make-up කරනකොට ඔයාගේ අතින් වෙන්න පුලුවන් වැරදි ටිකක් ගැන දැනුවත් කරන්න හිතුවා.

කන්සීලර් (Concealer) අලේප කිරීම

ඔයාගේ මුහුණට නොගැලපෙන වර්ණයක් පාවිච්චි කරොත් ඔයාගේ මුහුණට වයසින් වැඩි පෙනුමක් ගෙනල්ලා දෙනවා. ඔයාගේ මුහුණේ කුරුලෑ තියෙනවා නම් මුහුණ අදුරු වෙලා නම් රැලි වටිලානම් ඔයා Concealer වැඩිපුර ඒ තැන් වලට ගානවා.  ඒවා වලින් ඔයාගේ ලස්සන වැඩි කර ගන්න ගිහින්  ඔයා ඔයාගේ මුහුණ අවලස්සන කර ගන්නවා. ඝනත්වයෙන් අඩු liquid base එකක් පාවිච්චි කරන්න. ඔයාගේ මුහුණට ස්වභාවික තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන්.

පවුඩර් අලේප කිරීම 

ගොඩක් අය කරන වැරද්දක් තමා පවුඩර් වැඩියෙන් මුහුණට ගාන එක. එයින් මුහුණට එළියක් දෙනවා කියලා හිතලා. එහෙම පවුඩර් වැඩියෙන් ආලේප කලොත් ඔයාගේ වයස වැඩි කරලා පෙන්නනවා. අනික ඔයාට දහඩිය දැම්මම මුහුණේ ඉටි ඉටි වගේ රැලි වෙලා පේනවා. ඇස් දෙකට පවුඩර් පාවිච්චි කරන්නේ නැති නිසා ඇස් දෙක අදුරු වෙලා පේනවා. ඔයා make-up කරද්දී හොඳින් මුහුණට එළිය වැටෙන තැනක සිට make-up කරන්න.

මස්කාරා (mascara) ආලේප කිරීම

ඔයා දැන් mascara ආලේප කරන්න පුරුදු වෙලා ඇති. ඔයා mascara ආලේප කරනකොට ඔයා ඔයාගේ ඇස් දෙක ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනි. කෙනෙක් අනෙකාගේ ඉස්සල්ලම බලන්නේ ඇස් දෙක දිහා. ඒ නිසා ඔයාගේ ඇස් දෙක යට රැලි වැටිලා නම්  mascara ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න. mascara වැඩියෙන් තියෙනකොට බලන කෙනා ඔයාගේ ඇස් දෙක දිහා නිරන්තරයෙන් බලනවා. ඔයාගේ ඇස් රැලි වැටිලා නම් ඔයා දාපු  make up එකෙන් වැඩක් නැති වෙනවා.

දෙතොල් වර්ණ අලේප කිරීම.

ඔයාගේ තොල් දෙක හොදින් පේන්නට ඕනි නම් ඔයා තොල් ආලේපනය යොදාගන්න. ඔයා තොල් වර්ණ අලේප කරනකොට ඔයාගේ තොල් පොඩි නම් තද පාටක් ද ඔයාගේ තොල් ලොකුයි නම් ලා පාටක්ද පාවිච්චි කරන්න. ඔයා හැම තිස්සෙම බලන්න ඕනි ඔයාගේ හමේ පැහැයට ලිප්ස්ටික් වර්ණය ගැලපෙනවද කියලා.

ලිප් ලයිනර් (Lip liner) අලේප කිරීම

Lip liner එකෙන් තමා ඔයාගෙ දෙතොල් වලට මනා නිමාවක් ගෙනල්ල දෙන්නේ. Lip liner ආලේප් කරනකොටත් ලා පාටක් තෝරා ගන්න. ඉතා තද වර්ණ මුහුණට වැදගත් පෙණුමක් ගෙනත් දෙන්නේ නෑ. හරි lip liner එකකින් ඔයාගෙ දෙතොල් වලට ස්වාභාවික සුන්දරත්වක් ගෙනල්ලා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1148 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:52:36 AM
Script:/article/1148/how-to-do-your-make-up-correct.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:52:36 AM
Script:/article/1148/how-to-do-your-make-up-correct.html