ඔබ තරබාරු වේගෙන එන බව දැනගන්න පුලුවන් පෙර ලකුණ

September 28, 2021
5,667
The sign that shows you are getting obese
ඔබත් නියමිත බර ඉක්මවා ක්‍රමයෙන් තරබාරු වන බව දැනගන්නේ කෙසේද..එසේ නැතිනම් ඔබගේ ශරීර ස්කන්ධය ක්‍රමයෙන් අනතුරුදායක සීමාවන් කරා ළඟා වනවා දැයි දැනගන්නේ කෙසේද..? BMI දර්ශකයට අමතරව ඔබ ක්‍රමයෙන් තරබාරුවන බව හෙළිවන තවත් සංඥා තිබෙනවාද..?

තරබාරුවීම යනු කුමක්ද..?

ශරීරයේ අධික මේදය තැන්පත්වීමත් සමග ඇතිවන සංකීර්ණ තත්ත්වයක් ලෙසට ඇතැම් විශේෂඥයින් තරබාරුව හඳුන්වනවා..එයින් දියවැඩියාව, හෘද රෝග, ආඝාත වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 30ට වඩා වැඩිවීම තරබාරුව ලෙස හඳුන්වනවා.

ඔබ තරබාරුවන බව දැනගන්නේ කෙසේද..?

දිනෙන් දින ඔබේ ඉණ වට ප්‍රමාණය වෙනස්වනවා නම් එය ඔබ තරබාරු වන බවට වන ප්‍රධානම සංඥාවයි...

තරබාරුවන බව දැනගත හැකි සාර්ථක ක්‍රමයක් වන්නේ ඔබගේ ඉණවට ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් ව සිටීමයි. විශේෂඥයින් බොහෝ විට බර කිරා බලනවාට වඩා සෑම මසකම වරක් හෝ ටේප් පටියක් ආධාරයෙන් ඉන වට මැන බැලීම නිර්දේශ කරනවා.

ඔබත් තරබාරුවන බවට බියක් තිබේ නම් කුමක් කළ යුතුද..?

ඔබ ක්‍රියාශීලි දිවියක් ගත නොකරනවා නම් හෝ නිසිපරිදි ශාරිරික ව්‍යායාම් හි නිරත නොවනවා නම් ඔබ ආහාරපාන මගින් ලබාගන්නා ශක්තිය, ඔබ නිසිපරිදි ව්‍යායාම්වල නිරත නොවීම හේතුවෙන් දහනය නොවී මේදය ලෙස ඔබගේ සිරැරේ තැන්පත් වීමෙන් ඔබ ක්‍රමයෙන් තරබාරු ස්වභාවයට පත් වනවා.


තරබාරුවීමෙන් වැළකීමට කලයුතු දේ..

1. දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ලබාගැනීමෙන් වළකින්න
ශරීරයට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවා යාමට ඔබ ගන්නා බිස්කට් දෙකක් වුවත් ප්‍රමාණවත් වනවා..එමනිසා ඔබ ආහාරයට ගන්නා ආහාරපානයන් හි අඩංගු කැලරි ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනවා.

දිනපතා නොහැකි නම් සතියකට වරක් හෝ සිරැරේ බර කිරා බලන්න. බර ක්‍රමයෙන් වැඩිවනවා නම් ඔබ ගන්නා ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණය පිළිබඳවත් ඔබගේ ජීවන රටාව පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් වනවා. දිනකට විනාඩි 20ක පමණ කාලයක් ශාරිරික ව්‍යායාමයක නිරත විය යුතුයි.

2. ශරීරයේ හැඩය අහිමි කර නොගන්න
- අධික ලෙස කාබොහයිඩ්‍රේට් සහ මේදය අඩංගු ආහාර සීමා කරන්න
- ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න
- දිවීම, ඇවීදීම වැනි ව්‍යායාමයක දිනපතා නිරත වන්න
- පරිවෘත්තීය ක්‍රියාවලිය දුර්වල වීම බොහෝ විට තරබාරුවට හේතුවන අතර ඒ පිලිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වනවා.. පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන තන්තුමය ආහාර වැඩිකිරීමත්, ජලය පානය වැනි දෑ ත් සිදුකල යුතුයි.

3. පෝෂ්‍යදායී, තෘප්තිමත් ආහාර වේලක් ලබාගන්න
පෝශ්‍යදායි ආහාර වේලක් යනු ශරීරයට අත්‍යවශ්‍ය සියලු පෝශ්‍ය පදාර්ථ ප්‍රෝටින්, විටමින්, මේදය හා ඛනිජලවන අඩංගු ආහාරවේලක් ගැනීමයි. එයට පලතුරු, එළවළු, මාළු සහ හිතකර මේදය අඩංගු විය යුතුයි.එමෙන්ම සැකසූ ආහාර මස් වර්ග වැනිදෑ සීමා විය යුතුයි. උදාහරන ලෙස අතිරේක ආහාර වේලට පොටෑටෝ චිප්ස් වෙනුවට ධාන්‍ය වර්ගයක්, නට්ස් වර්ග නැතිනම් කෙසෙල් ගෙඩියක් ලබාගැනීම වඩාත් යෝග්‍ය වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2072 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:07 AM
Script:/article/2072/the-sign-that-shows-you-are-getting-obese.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:07 AM
Script:/article/2072/the-sign-that-shows-you-are-getting-obese.html