තේ මේසෙට මාළු පාන්

March 12, 2017
10,110
Fish Bun (Maalu Paan, Malu Pan) recipe
 
පන් පිටි 450g
බටර් 40g
ඊස්ට් මේස හැදි 1ක්
සීනි තේ හැදි 1ක්
වතුර කෝප්ප 1ක්
ලුණු තේ හැදි 1/2ක්

මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර විනඩි 5ක් පමන තබන්න. පසුව එම දියරය පිටි වලට පියවරෙන් පියවර එකතු කරගෙන හොදින් අනාගන්න. මොලිය පදමට පැමිණී පසු ව්නාඩි 15ක් පමන ආවරනය කර පිපෙන්න තබන්න. පසුව එය කුඩා ප්‍රමාණයේ බෝල වලට වෙන් කර ගන්න. ඉන්පසු කුඩා බෝල තුනි කර එයට මාළු පිරවුම මේස හැන්දක් පමන දමා ත්‍රිකෝණාකරව සාදාගෙන නැවත විනඩි 30ක් පමන පිපෙන්නට තියන්න.

සාදා ගත් සියලුම මාළු පාන් වල උඩ කොටසේ, හොදින් ගසා ගන්නා ලද බිත්තර සුදු මද පින්සලක් ආදරයෙන් ආලේප කරන්න. පසුව oven තැටියක බටර් ස්වල්පයක් තවරා එයට පාන් පිටි ස්වල්පයක් ඉස ගන්න. එහි මාළු පාන් තබා 180c විනාඩි 30ක් පමන oven එකේ පිසගන්න්න. හැම විටම oven එක නියමිත උෂ්ණත්වයට කලින් රත් කරගන්න.

පිරවුම සදහා අවශය වන්නේ,

සැමන් හෝ තම්බාගත් මාලු 200g
තම්බාගත් අල ගෙඩි 2ක්
ලීක්ස් ස්වල්පයක්
ළූණූ ගෙඩි 1ක්
අඹරාගත් සුදු ළූණු තේ හැදි 1ක්
අඹරාගත් ඉඟුරු තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 2ක්
තෙල් මේස හැදි 2ක්
කරපිංචා ඉත්තක්
ලුනු පදමට
කහ කුඩු තේ හැදි 1/4ක්
ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්
අබ ඇට තේ හැදි 1/4ක්

තෙල් රත්වෙන්නට හැර එයට ඇබ ඇට දමා පුපුරන විට, ඉගුරු, සුදු ළූණූ, කරපින්චා, අමු මිරිස්,ළූණූ දමා තෙම්පරාදු කරගන්න. එයට ලීක්ස්, මාලු හෝ සැමන්, තම්බා පොඩි කරගත් අල එක්කර හොදින් මිශ්‍ර කරන්න. හොදින් තෙම්පරාදු කර පදමට ලුණු දමා ගම්මිරිස් එක් කර ලිපෙන් ඉවත් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Beauty tips with coconut oil
   827
   717

පොල් තෙල් වලින් හිතන්න වත් බැරි මේ දේවල් කරන්න පුළුවන්

ආහාර පිසිමට අමතරව සුදු පොල්තෙල් වලින් කරන්න පුලුවන් දේවල් ගොඩයි
Pregnant women have the highest risk in influenza
   796
   700

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිම අවදානම ගර්භනී මව්වරුන්ට

හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒනමුත් තව දුරටත් එවැනි තත්ත්වයන් සුළුවෙන් හිතන එක සුදුසු නැහැ
Some small tips to be a good cook
   1,864
   451

දක්ෂ කුක් කෙනෙක් වෙන්න මෙන්න ඔයාට අපෙන් පොඩි උදව්වක්

හැම කාන්තාවක්ම කැමති තමන්ට කටට රහට කෑම ටික උයන්න පුළුවන්කම ලැබෙනවා නම්.. ඒකට ඔයාට පොඩි උදව්වක් කලොත්හොඳයි කියලා හිතුනා
Mistakes that make you look older
   2,217
   350

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
Be aware! These may cause continues illnesses
   1,709
   170

බලාගෙනයි! එක පිට එක ලෙඩ හැදෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්

ඔබත් නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් වල වෙන්න පුළුවන්

Latest Articles

Most Viwed