කසාදයෙන් පස්සේ ඔයා වෙනම ගෙදරක ජීවත් විය යුත්තේ ඇයි?

July 19, 2018
8,221
Why you should live separately from parents after marriage
විවාහ ජීවිතය අවුල් ජාලයක් වෙලාද? නැන්දම්මා ලේලි ප්‍රශ්ණ ඉවරයක් නැද්ද? අලුතෙන් විවාහ වුණු ගොඩක් ආදර කතාවලට කණකොකා හඩන්නේ මුලින්ම තමන්ගේම ගෙදරින්. විවාහ වෙලා අලුතෙන් ජීවිතය පටන් ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්. කාලයක් ආදරය කරලා හොදට මගුලක් කාලා ඉතිං විවාහ ජීවිතය පටන් ගත්තත් ටික කාලයක් ගියාම ඔයාලා දෙදෙනා අතරට ප්‍රශ්ණ එන්නේ කියලා නම් නෙමෙයි. ඒ ප්‍රශ්ණ අතරින් බහුතරයකට තියෙන ප්‍රශ්ණයක් තමයි නැන්දම්මා ලේලි ප්‍රශ්ණ. සමහර පවුල්වල අම්මලා, පිටින් එන ලේලියට තමන්ගේ දරුවන්ට වගේ සලකනවා. ඒත් ගොඩක් තැන්වල නැන්දම්මා ලේලි ගැටුම්වලින් අඩුවක් නම් නෑ. එවැනි තත්ත්වයක් තුළ ඔයාට ඔයාගේ බිරිද එක්ක හෝ ස්වාමියා එක්ක ලස්සන විවාහ ජීවිතයක් ගෙන යන්න ඉඩකඩ ලැබෙන්නේ නෑ. හොදම දේ හොදම වේලාවට කියලා කිව්වත් මෙවැනි තත්ත්වයකදි නම් ඔයාට හොදම දේ කලින්ම සිදු කරන්න වෙනවා. මොකද කසාදයෙන් පස්සේ ඔයාලා දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න තෝරා ගැනීම ඉතාමත් වැදගත්. hadakari.com අපි එහෙම කියන්නෙ ඇයිද කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.

කසාදයෙන් පසුව වෙනම ජීවිතයක් ගත කිරීම ඉතා වැදගත්.

කාලයක් ආදරය කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන විවාහ වෙන හැමෝගේම එක හීනයක්. කොච්චර බාධක අභියෝග පැමිණියත් ඒ හැම අපහසුතාවක්ම කොහොම හරි විසඳගෙන මගුලක් අරගෙන යුග ජීවිතයට එළඹෙන ඔයා විවාව උත්සවයට වගේම අවධානය යොමු කළ යුතු දෙයක් තමයි විවාහ වුණාට පස්සේ ගත කරන ජීවිතය. විවාහ වුණාට පස්සේ ඔයාලා දෙන්නා තවදුරටත් තම දෙමාපියන් වෙත නොයා යුතුයි. විවාහ වුණත් ඔබව දෙමාපියන්ට කරදරයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබ වෙනම පවුල් ජීවිතයකට හුරු විය යුතුයි. විවාහ වුණාට පස්සේ ඔයාලා දෙන්නාගේ අනාගතය වෙනුවෙන් ඔයාලා ගන්න ගොඩක් තීරණ ස්වාධීන විය යුතුයි.

ඒත් අද සිද්ධ වෙන ගොඩක් දේවල් හරිම අවසනාවන්තයි. මොකද ගොඩක් අම්මලා හිතන්නේ තමන්ගේ පුතා විවාහ වෙලා ගෙදරට කැන්දන් එන ලේලිය සියලු දෙනාට අවනතව සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු කරමින් ජීවත් විය යුතුයි කියලා. අන්න ඔතනින් තමයි ගොඩක් දෙනෙක්ගේ ආදර කතාවලට කණ කොකා අඩන්න පටන් ගන්නේ. ඒ නිසා ඔබට පුළුවන් විදිහට ජීවත් වෙන්න පොඩි නිවසක් තෝරා ගන්න. එවිට ඔබට ඔබේ බිරිදට ඔබට වගේම ඔබේ ජීවිතයේ ඇයට තියෙන අයිතිය නිසි ලෙස ලබා දෙන්න පුළුවන්.

ඔබේ බිරිදට තනියම ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන

ඔයාලා දෙන්නා විවාහක යුවලක් වුණාට පස්සේ තවත් එක් පවුලක්. පුංචියට පටන් ගන්න පවුලට ටිකෙන් ටික වගකීම් යුතුකම් වැඩි වෙනවා. ඒ සෑම වගකිමක්ම, යුතුකමක්ම ඔබලා දෙදෙනා සතු විය යුතුයි. අම්මලා ඔබට තිඛෙන ආදරය නිසා තව දුරටත් දෙමාපිය සෙවණේ ඔයාලව රදවා ගන්න අකමැති වෙන්නේ නෑ. නමුත් එයින් වෙන්නේ ඉදිරියට ඔයාට ස්වාධීනව වැඩක් කරන්න වගේම ජීවිතේ ගෙනියගන්න බැරි වෙන එක. විශේෂයෙන්ම බිරිදට ගෘහණියක් විදිහට විශාල වගකීමක් පැවරෙනවා. විවාහයෙන් පසුවත් ඔබේ සියලූ වැඩකටයුතු වගේම ඉවුම් පිහුම් ආදීය ඔයාට කරලා දෙන්නේ අම්මා නම් ඔයාට අම්මා නැති දවසක තනියම ජීවිතේට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං හොදම දේ කසාදයෙන් පස්සේ වෙනම ජීවත් වෙන එක. එය අනාගතය වෙනුවෙන් ඔයා ගන්න වැදගත් තීරණයක් වේවී.

චූටී චූටි රණ්ඩුවලට නිවසේ සෙසු අය මැදිහත් වෙන්න පටන් ගන්නවා

විවාහයෙන් පසු ඔබ දෙදෙනාට විවිධ ආකරයේ පුංචි පුංචි ගැටලු පැමිණිය හැකියි. මේ සැම ගැටලුකාරී තත්ත්වයක්ම විසඳා ගන්න ඕන ඔබ දෙන්නා අතර පමණයි. විවාහය කියන්නේ ජිවිතයේ විශේෂ සංධිස්ථානයක්. වෙනම වටපිටාවන් දෙකක ජීවත් වුණු ඔයාලා දෙන්නට විවාහයෙනේ පසු එක වහලක් යට ජීවත් වෙන්න සිදු වෙනවා. එතකොට ඔයාට විවිධාකාරයේ ප්‍රශ්ණ, ගැටලු මතු විය හැකියි. ඉතිං ඔයා ඔයාගේ බිරිද එක්ක තාමත් ජීවත් වෙන්නේ මහ ගෙදර නම් ඔයාලා අතර තියෙන මේ ප්‍රශ්ණ එක දෙක වෙන්න පටන් ගන්නවා. ඇවිලෙන ගින්නට පිදුරු වැටෙන්නේ අන්න එතකොටයි. මොකද ඔයාලා දෙන්නා රණ්ඩු සරුවල් වෙනකොට ගෙදර අනිත් අය මැදිහත් නොවී ඉන්නේ නෑනේ. එය තවත් ගැටළු රැසකට හේතු සාධකයක් වෙනවා. ඔයාලා දෙන්නගේ පොඩි ප්‍රශ්ණයකට වුණත් මේ මැදිහත්වීම්වලින් ඒ ප්‍රශ්ණය තවත් දුර දිග යන්න පුළුවන්.

අදහස් මතවාද ගැටීමෙන් ප්‍රශ්ණ ඇති විය හැකියි

ඔයාගේ අම්මා සහ ඔයාගේ බිරිද පරම්පරා දෙකක් නියෝජනය කරන දෙදෙනෙක්. මෙවැනි තත්ත්වයකදී ඔයාගේ බිරිද සහ අම්මා අතර අතර ගැටුම් ඇති වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩියි. ඇදුම් පැළදුම්, කෑමබීම විතරක් නෙමෙයි අදහස් මතවාද අතිනුත් ගැටුම් ඇති වෙන්න පුළුවන්. නවීන පරම්පරාවේ මතවාද හා අදහස් ඔයාගේ අම්මට නොගැළපෙන්නත් පුළුවන්. එවැනි තත්ත්වයකදී ඔයාගේ බිරිදගේ හොද වුණත් අම්මා තේරුම් ගන්නේ වැරදියට. එතකොට ප්‍රශ්ණ ඇති වෙනවා වැඩියි.

දරුවෝ ආච්චිගෙන් සීයාගෙන් ඈත් කරන්න පහසු නෑ

ඔයාලා දෙමාපියන්ගේ නිවසේ ඉද්දී ඔයාලා දෙන්නට ලැඛෙන දරුවෝ කුඩා කාලයේ ඉදලම හැදි වැඩෙන්නේ ඔයාගේ දෙමාපිය සෙවණේ. හුරතේලයට ආච්චි සීයා ගාව හැදුණම අම්මටයි තාත්තාටයි දරුවෝ අවනත කර ගන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි ආච්චියි සීයා නැති දවසක දරුවන්ව අවනත කර ගන්න අමාරුයි. මහගෙදරින් ඉවත් වෙලා ඔයාලා වෙන ගෙදරක ජීවත් වෙන්න ගිය දවසක දරුවන්ව ආච්චී සීයාගෙන් ඉවතට ගෙන යන්න පහසු වෙන්නේ නෑ.

දෙමාපියන්ට ආසන්නයේම වෙනත් නිවසක ජීවත් වෙන්න

ඔයාගේ කසාදයෙන් පස්සේ ඔයා වෙනම ගෙදරක ජීවත් වෙනවා කියන්නේ ඔයා මහ ගෙදර එක්ක තියෙන සියලු සම්බන්ධතා අත් හරිනවා කියන එක නම් නෙමේ. ඔයාට පුළුවන් මහ ගෙදර සමීපයේම වෙනම නිවෙසක ජීවත් වෙන්න. එතකොට ඔයාට ඕන වේලාවක ඔයාගේ අම්මා තාත්තා බලලා එන්න, එයාලට අවශ්‍ය යුතුකම් වුණත් හොදට ඉටු කරන්න පුළුවන්. දෙපිරිසගේම හිත් රිදවීම් හෝ සිත් තැවුල් ඇති වීම සිදු වෙන්නේත් නෑ. එය දෙපාර්ශ්වයේම පැවැත්මට හොදයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 953 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:57 AM
Script:/article/953/why-you-should-live-separately-from-parents-after-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:57 AM
Script:/article/953/why-you-should-live-separately-from-parents-after-marriage.html