හැමෝටම පේන්න හැම අතින්ම ගැලපෙන ජෝඩුවක් වෙන්නේ පුළුවන් ක්‍රම 7ක්

March 13, 2017
15,431
The 7 Secrets of Happy Couples
අපිට එදිනෙදා ජීවිතයේදී හමුවෙන සමහර ආදරවන්තයින් දැක්කම අපිට ඉබේටම කියවෙනවා "ෂා නියමෙට ගැළපෙන ජෝඩුවක් නේ කියලා". මෙහෙම අපිට කියවෙන්නේ සමහර විට ඔවුන් හැසිරෙන විදිහ වගේම ඔවුන්ගේ පෙනුම අතින් ඔවුන් හොදට ගැලපෙනවා කියලා අපිට හිතෙන නිසා. අපි උනත් කැමතියිනේ අනිත් අය අපිට කියනවා නම් අපි හොදට ගැළපෙනවා කියලා. මේ නිසා කවුරු උනත් කැමතියි හොදට ගැළපෙන ආදරවන්තයින් යුවලක් වෙන්න.

1. ඔබ ඔබම වෙන්න ඒ වගේම අවංක වෙන්න

බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ අනිත් අය ඉදිරියේ තමන් පරිපුර්ණ කෙනෙක් ලෙස පෙනී සිටින්න. නමුත් හොදම දේ තමයි ඔබ ඔබේ ඇත්තම ස්වරුපයෙන් පෙනී සිටින එක. එතකොට ඔබට වැඩි වෙහෙසක් දරන්න ඕනේ වෙන්නේ නැහැ වෙන චරිතයක් රගපාන්න. ඔබට පුළුවන් හරිම සැහැල්ලුවෙන් ඔබ ලෙසම පෙනීසිටින්න. එය ඔබේ අවංක භාවය සහකරුවට වගේම අනිත් අයටත් පෙන්වාවි.

2. ධනාත්මකව සිතන අයෙක් වෙන්න

ධනාත්මකව සිතන පුද්ගලයන් නිතරම අනෙක් අයගේ ජිවිත වලට ගෙන එන්නේ සතුටක්. ඔවුන් කවදාවත් තමන්ගේ සහකරුවාට දුකින් ඉන්න ඉඩ තියන්නේ නැහැ. මේ නිසා මේ විදිහේ ආදරවන්තයින් නිතරම ඉන්නේ සතුටින්.

3. කරුණාවන්ත වෙන්න ඒ වගේම එකිනෙකාට උදවු කර ගන්න

හැමෝටම හැම දවසක්ම හොද වෙන්නේ නැහැ. මේ නිසා ඔබේ සහකරුවා ප්‍රශ්නෙක ඉන්නවානම් ඔහුට ඉන් මිදෙන්න උදවු කරන්න. ඔහුගේ අවශ්‍යතාවයන් හොදින් වටහාගෙන ඔහුට ඒවා ලබා දෙමින් ඔබ ඔහු ගැන සොයා බලන බවත් ඔහු තනිවී නොමැති බවත් ඔහුට දැනෙන්නට සලස්වන්න.

4. ඔබේ ආදරය ඔවුන්ට නිතර දැනෙන්නට සලස්වන්න

මෙය ඉතා වැදගත් කාරණාවක්. ඔබ නිතරම ඔහු ඔබ වෙනුවෙන් කරන කියන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔහුට කියන්න ඔබ ඔහුට කොපමණ ගරු කරනවද සහ ආදරය කරනවාද යන වග.

5. එකිනෙකාගේ නිදහස ලබාදෙන්න

ඔබ දෙදෙනා ආදරය කරනවා කියන්නේ මුළු සතියම පැය 24ම ඔබ දෙදෙනා එකට ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඔහුගේ විනෝදාංශ වලට ඔහුට නිදහස ලබාදෙන්න. ඒ වගේම ඔබ කැමති දේවල් කරන්නත් වෙලාව වෙන් කර ගන්න.

6. ගරු කරන්න පුරුදු වෙන්න

ඔබ දෙදෙනා එකිනෙකාට ගරු කරනවා කියන්නේ ඔබ දෙදෙනා අතර විශ්වාසය වගේම ආදරයත් වර්ධනය වෙනවා කියන එකයි. මේ නිසා නිතරම එකිනෙකාගේ අදහස් වලට සහ සිතුම් පැතුම් වලට ගරු කරන්න.

7. එක්ව මතකයන් ගොඩනගා ගන්න

ඔබේ ආදරය තුල වෙන කිසිම දෙයක් නැහැ ඔබ දෙදෙනාගේ සතුට තරම් වටිනා. මේ නිසා හැකි සෑම අවස්ථාවකම සතුටින් ගතකරලා ඒ හැම අවස්ථාවක්ම ඔබ දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම මතකයන් බවට පත් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 120 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:16 AM
Script:/article/120/the-7-secrets-of-happy-couples.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:17 AM
Script:/article/120/the-7-secrets-of-happy-couples.html