පිරිමි අකමැති කාන්තා හැසිරීම් රටා 4ක්

November 19, 2018
10,295
4 behaviour patterns that men do not like about women
පිරිමි කෙනෙකුට ආදරයක් ඇති වෙන්නේ පළමු දැකීමෙන්මයි. පිරිමි පාර්ශවයට කාන්ත්වකට ආදරයක් ඇති වෙන්නේ කාන්තාවකගේ රැවට වශී වෙලයි. කවුරු නැහැ කිවුවත් ඒක තමා ඇත්ත කතාව. ඉක්මනින් ආදරෙන් බැඳුනත් කාලයත් සමග ඔයාගේ හැසිරීම් රටාව නිසා පිරිමි පාර්ශවයට අපහසුවක් දැනෙන්නට පුළුවන්. පෙම්වතා ඔයාට ඔයාගේ හැසිරීම ගැන කිව්වේ නැති උනත් හිතින් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. අද හැඩකාරි අපි ඔයාට කතා කරන්න යන්නේ පිරිමි පාර්ශවයේ හිත හැමදාටම දිනා ගන්නේ කොහොමද කියලා.

පොදු තැන්වලදී විනෝදජනකව හැසිරීම සහ ඔහුගේ කෑම පිගානට අත දැමීම

පොදු තැන් වලදී විනෝද කතා පවසමින්, සිනහවෙමින් විනෝද වෙන්න පිරිමි පාර්ශවය වැඩි ප්‍රියතාවයක් දක්වනවා. නමුත් ඒ තමන්ගේ යාළුවො එක්ක විතරයි. තමාගේ පෙම්වතිය පොදු තැන් වලදී විනෝදව හැසිරෙන එකට ඔවුන් අකමැතියි. ඒ හැසිරීම ඔහුව අපහසුතාවයට පත් කරවනවා.

අනික තමයි ගැහැණුන්ට සාපේක්ෂව පිරිමි පාර්ශවයට බඩගින්න දැනෙනවා වැඩියි. ඉතින් ඔයා ඔහුගේ පිඟානෙන් ආහාර ගන්න යන්න එපා. හොඳම දේ තමයි ඔයා ඔහු ගන්නා ආහාරයට කැමති නම්, ඒ ආහාරය ඇනවුම් කර ගෙන්වා ගැනීම.

සහකරුගේ කාමරය පිරිසිදු කරන්නට යාම 

පිරිමි කෙනෙක්ගේ කාමරය නැතිනම් මේසය උඩ දැක්කම ඔයාට පිස්සු හැදෙන එක සාමාන්‍යයි. හැබැයි ඔයා ඒවා පිරිසිදු කරන්න යන්න එපා. ඔහුගේ දේවල් අස් කරන්නට යාමෙන් සිදු වන්නේ, තේරුමක් නැති පොඩි පොඩි රණ්ඩු වලට මුල පිරීම විතරයි. පිරිමි පාර්ශවය ඔහුට අවශ්‍ය දේවල් ඔහු ඒ අවුල් ජාලාවෙන් සොයා ගන්න හරි දක්ෂයි. ඒත් ඔබ ඒවා පිළිවෙල කරන්නට යාමෙන් සිදු වන්නේ, සහකරුට ඔහුගේ බඩු තිබුණු තැන් වලින් ඉක්මනින් සොයා ගන්නට බැරි වීම සහ රණ්ඩු ඇතිවීමයි.

ඔහුත් සමග ඕපාදුප කතා කිරීම

ගැහැණු අය ඕපදුප කතා කරන්න කැමති වුණත් ගොඩක් පිරිමි අය එයට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඕපාදුප කතා කිරීම ගැහැණු ගැහැණු අතරේ කල යුතු දෙයක් මිසක්, පිරිමි පාර්ශවයත් එක්ක කලයුතු දෙයක් නෙමෙයි. ඔහු කතා කරන්නට කැමති ක්‍රීඩා තරඟ, ව්‍යාපාර කටයුතු වැනි පිරිමි කැමති මාතෘකා පමණයි. ඔයා එහා ගෙදර සිදුවීම් ගැන ඔහුට කියනවාට ඔහු එතරම් කැමති නැහැ. බොහෝ විට ඔහු ඕපාදුප අසා සිටින්නේ ඔබේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසා වෙන්න පුළුවන්.

නිතරම අඬන්න එපා

ගැහැණියකගේ කඳුළකින් කල හැකි හුඟාක් දේවල් තිබෙන බව ඔයා හොඳට මතක තියාගන්න. පෙම්වතාගේ රළු හිතක් මෘදු කිරීමේ හැකියාව කඳුලකට තිබෙනවා. නමුත් ඔයා නිතරම හඬා වැටෙන කෙනෙක් නම්, ඔයාගේ කඳුලේ ඇති අගයත් එන්න එන්නම අඩු වෙලා යනවා. ඔයා කිසිම හේතුවක් නැතිව හඬන විට ඔහු අපහසුතාවයට පත් වෙනවා. ඉන්පසුව ඔහුට ඔයාගේ හඬා වැටීම දැනෙන්නේ මහා හිසරදයක් විදිහටයි. පොඩි හෝ ලොකු හෝ කුමන ප්‍රශ්නයකදී උනත් ඔයා ඔයාගේ මතය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කඳුළු පාවිච්චි කරනවා නම්, ඔහු ඉබේටම ඔයා ගැන කලකිරීමට පත් වෙනවා.

පෙම්වතා ළඟ ඉන්නකොට ඔහු කැමති විදිහට හැමදාමත් ඉන්න. එයත් ඔයාට පණ වගේ ආදරේ කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1172 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:02:53 PM
Script:/article/1172/4-behaviour-patterns-that-men-do-not-like-about-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:02:53 PM
Script:/article/1172/4-behaviour-patterns-that-men-do-not-like-about-women.html