ඔබේ මනෝභාවය ඉහළ නැංවිය හැකි වර්ණ 4 ගැන දැනගන්න

May 14, 2021
4,856
4 colours that increase your mood
ඔබ දකින වර්ණවල ඇසට පෙනෙන දේට වඩා බොහෝ දේ ඇත. විවිධ වර්ණ විවිධාකාර හැඟීම් ජනිත කරයි. ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීම සඳහා මේ වර්ණ මනෝ විද්‍යාවට අනුව භාවිතා කරන්නේ කොහොමද?

නොයෙකුත් වර්ණ අප වටා ඇති අතර, එකිනෙකාගේ කැමැත්ත අනුව විවිධ වර්ණ වලට ප්‍රිය කරනවා. වර්ණ අපේ ජීවිතවලට සතුටක් සහ මනසට සැහැල්ලුවක් ඇති කරයි. ඔබ මේ කියන්නට යන දේ ඇසුවොත් නිසැකවම පුදුමයට පත් වෙයි. පැබ්ලෝ පිකාසෝ පවසා ඇති පරිදි, “වර්ණ වලට විවිධ ලක්ෂණ ඇති අතර, හැඟීම්වල වෙනස්කම් ඇති කිරීමට සමත් වෙනවා.” විවිධ වර්ණ විවිධ හැඟීම් ජනිත කරන අතර ඒවා ඔබේ මනෝභාවය ඉහල නැංවීමට සහ ඔබේ හැඟීම් වලට බලපායි. ඇතැම් වර්ණ රුධිර පීඩනය අඩු කිරීමට, පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහල නැංවීමට සහ ජීවන තත්ත්වය සමඟ ද සම්බන්ධ වී ඇත.

නමුත් අපි වර්ණ ගැන දැන ගැනීමට පෙර, පළමු ව වර්ණ-මනෝ විද්‍යාව ගැන ඉගෙන ගනිමු.

*වර්ණ-මනෝ විද්‍යාව යනු කුමක්ද?

විද්‍යාඥයෙක් වන ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් 1666 දී පරීක්ෂණයක් සිදු කළ ඇති අතර සුදු ආලෝකය ප්‍රිස්මයක් හරහා ගමන් කරන විට එය විවිධ වර්ණවලට වෙන් වන බව සොයා ගත්තා. තවද, සෑම වර්ණයක්ම තනි තරංග ආයාමයක් ඇති අතර වෙනත් වර්ණවලට වෙන් කළ නොහැකිය. ඒ විතරක් නෙමෙයි, ඇතැම් වර්ණ සංයෝජනය වූ විට ඒවා නව වර්ණ ඇති කරන බව අපි දැනටමත් දන්නවා.

තවත් බොහෝ පර්යේෂණ ඇති නමුත් වර්ණ මනෝ විද්‍යාව අද සෑම තැනකම පවතිනවා. වෙළඳ නාමවල සිට ආහාර සංකල්ප දක්වා මිනිසුන්ගේ මනෝභාවයන්, හැඟීම් සහ හැසිරීම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙනවා. සෑම වර්ණයක්ම විවිධ පුද්ගලයින් සඳහා විවිධ අර්ථයන් දක්වයි. රතු සහ තැඹිලි වැනි උණුසුම් වර්ණ යමෙකුට නොපැහැදිලි හැඟීමක් ඇති කළ හැකි අතර අනෙක් අය තුළ කෝපය ඇති කරයි.

නිල් යනු සන්සුන් භාවයේ හැඟීම් සමඟ සම්බන්ධ වූ වර්ණයකි, නමුත් සමහරුන්ට දුකක් දැනිය හැක.

වර්ණ සමඟ මනෝභාවය වැඩි දියුණු කරන්නේ කොහොමද?

1. නිල්
මෙම වර්ණය බොහෝ මිනිසුන්ගේ මනස සන්සුන් කරන අතර මෘදුකම සහ සාමය නියෝජනය කරයි. මෙය ආතතිය කළමනාකරණය සඳහා ඵලදායී වන වර්ණයකි. ඒ වගේම රුධිර පීඩන මට්ටම අඩු කරයි, කාංසාව අඩු කරයි, ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී කරයි, සහ ඔබට සතුටක් ඇති කරයි. ධනාත්මක චිත්තවේගයන් අත්විඳීමට ඔබට නිල් පැහැති ඇඳුම් ඇඳීමට හෝ ඔබේ කාමරයේ නිල් පැහැති තීන්ත ආලේප කිරීමට තෝරා ගන්න.

2. කොළ
මෙම වර්ණය බොහෝ දුරට සොබාදහම හා බැඳී ඇති අතර මනසට සැහැල්ලුවක් එක් කරයි. මෙම වර්ණය මනස සන්සුන් කරන අතර කාංසාව සන්සුන් කිරීමට ද උපකාරී වෙනවා. සමහරුන්ට මේ වර්ණය නිසා අනුකම්පාවක් දැනෙන අතර තවත් සමහරු මෙම වර්ණය දුටු විට හෝ එය පැළඳ සිටින විට ඔවුන් තුළ ශක්තියක් හා ශුභවාදී හැඟීමක් ඇති කරයි.

3. රෝස
සතුට හා ප්‍රීතිය ප්‍රවර්ධනය කරන වර්ණයක් ලෙස රෝස පැහැය ගත හැකිය. Feng Shui පවා පවසන්නේ රෝස පැහැය කාංසාව අඩු කර ධනාත්මක ශක්තියකින් පුරවන බවයි. සමහරුන්ට, රෝස පැහැය මල් පිපෙන කාලය ගැන මතක් කර දෙයි. ඔබට රෝස වර්ණයෙන් ඇඳුම් ඇඳිය හැක, තාරුණ්‍යය අතර අතිශයින්ම ජනප්‍රිය වර්ණයකි. රෝස සන්සුන් බවක් විදහා දක්වයි.

4. සුදු
මෙම වර්ණය බොහෝ දුරට සංශුද්ධතාවය සහ නැවුම්බව සමඟ සම්බන්ධ වී ඇති අතර මිනිසුන්ට තමන් සමඟ සමාදානය ඇති කරයි. සුදු පැහැය දීප්තිමත් වන අතර පිරිපුන් හැඟීමක් එක් කළ හැකි අතර පුද්ගලයෙකුට බොහෝ ආකාරවලින් ධනාත්මක හැඟීමක් ඇති කරයි. සුදු පැහැය බොහෝ දෙනෙක්ගේ වඩාත් කැමති වර්ණයක් වීමට හේතුව එය නව ආරම්භයක් හෝ නැවුම් ආරම්භයක් සංකේතවත් කරන නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1974 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:46:39 AM
Script:/article/1974/4-colours-that-increase-your-mood.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:46:39 AM
Script:/article/1974/4-colours-that-increase-your-mood.html