උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

March 14, 2017
56,472
Birthmark Meanings
අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා. ඉතිං මේ උපන් ලපවලින් හෙලිවන ජීවන තොරතුරු බලලා ඔබටත් පුලුවන්, ඔබ ගැන දැනගන්න.

වම් කම්මුල : අවංක අදහස් දරණ, කරුණාවන්ත, අන් අය වසග කරගත හැකි, විනොදකාමි, ක්‍රියාශිලි අයෙකි. හොද මග ගියොත් සම්මානයෙන් පිදුම් ලබයි. නොමග ගියොත් අපකීර්තියට ලක්වේ.

වම් කම්මුලේ උපන් ලප දෙක තුනක් ඇත්නම් : ඉගෙනීමට දක්ෂ, ශාස්ත්‍රීය කටයුතුවලට ලැදි, ධන සම්පත්වලට හිමිකම් කියන අයෙකි.

ඇහි බැමේ : රාගධිකයි. බොහෝ සබදතා ඇතිකර ගනී.

නාසයටත් මුඛයටත් අතර උපන් ලප : සමජයේ සැලකිලි ලබන ප්‍රසිද්ධ අයෙකු වේ.

නලල මත උපන් ලප : ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව වැඩ කරන, කිසිම කරුණකදි පසුබට නොවන අයෙකි.

නිකටේ උපන් ලප : රාගධිකයි.

ගෙලේහි උපන් ලප : නිතර සිත් වෙදනාවන්ගෙන් පීඩා විඳී.

පපුවේ උපන් ලප : අසුබ පල ගෙනදේ, ජීවිතය දුකින් ගෙවා දමයි.

ශරීරය පුරා උපන් ලප : නිතරම රෝග වලින් පෙලේ. දුක් කරදර නිමක් නැත.

ගෙලෙහි ලප තුනක් පිහිටීම : ජනප්‍රිය අයෙකු වේ. ධන සම්පත් ලබයි.

කන්වල උපන් ලප : උගත්කමින් ප්‍රයෝජන ලබයි. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරයි.

නාසයේ උපන් ලප : කපටිකමෙන් ජීවත් වෙයි. අන් අයට රිදවා තමන්ගේ කාර්යය කරගනි.

දිවේ උපන් ලප : බොරු කියමින් සුරතල් වන්නට වෙර දරයි. වංචනිකය. ජීවිතේ අවුල් කර ගනී.

නලල මැද උපන් ලප : වාසනාවන්ත, දරුවන්ට ආදරේ කරන හොද පවුල් ජීවිතයක් ගතකරන අයෙකි.

දකුණු අතේ උපන් ලප : හොර සිත් ඇති, ප්‍රවේශම් විය යුතු අයෙකි.

අත්වල උපන් ලප : අත්වල හා අල්ලේ උපන් ලප පිහිටීම අපකීර්තියට ලක්වීමේ ලක්ෂණයකි.

උඩු තොල් වල උපන් ලප : කාන්තාවන් නම් නරක දේ සදහා පෙලඹේ. පිරිමි අයෙකු නම් නොකල වැරදි වලටත් වන්දි ගෙවීමට සිදුවේ. බොහෝ විට මෙවන් අය සමාජයේ ජනප්‍රිය අයයි.

පාදයේ උපන් ලප : ගුණමකු, කුහක පුද්ගලයින්ය. අන් අයට ද්වේෂ කරයි.

ඉකිලියේ උපන් ලප : වාසනාවන්තය. දුදරුවන්ට මෙන්ම සැමියාට, බිරිදට ආදරය කරයි.

යටි තොලෙහි උපන් ලප : අධික රාග ආශාවන්ට ලක් වෙයි.

පෙකනිය හා ඒ අවට : වාසනාවන්තය. ආහාර පානයෙන් අඩු නැති වාසනාවන්ත දිවියක් ගෙවයි.

ඉල පෙදෙසෙහි උපන් ලප : ජනප්‍රිය අයකු වේ.

පියයුරෙහි උපන් ලප : පති භක්තිය ඇති වාසනාවන්ත කෙනෙකි.

සටහන - සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,240
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,987
   21

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,409
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed