මේ ස්වාභාවික අමුද්‍රව්‍ය 8 අධික ලෙස භාවිතා කළොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දන්නවාද?

January 22, 2021
14,302
Use these natural ingredients carefully
ස්වාභාවික ආලේපන කියන්නේ අද කාලයේ ප්‍රවණතාවක්. ඒ නිසා වර්තමානයේ රූපලාවණ්‍ය කර්මාන්තයෙන් 33.5% ක් ස්වභාවික සම ආරක්ෂණ නිෂ්පාදන වලින් සමන්විත වෙනවා. ඊට අමතරව ස්වාභාවික හිසකෙස් රැකවරණයන් 33% ක් සහ රූපලාවණ්‍ය පාරිභෝගිකයින්ගෙන් 41% ක් මාසිකව “do-it-yourself” නිෂ්පාදනයක් භාවිතා කරනවා. නමුත් ඒවා පරිසර හිතකාමී සහ සාමාන්‍යයෙන් අඩු හානිකර දේවල් වුවත්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය අපගේ රූපලාවණ්‍ය කටයුතුවලට එකතු කිරීමේදී අපි තවමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඕනේම ස්වාභාවික අමුද්‍රව්‍යයක් ප්‍රමාණය ඉක්මවලා අධිකව භාවිතා කළොත් වෙන්නේ මොකක්ද කියලා අද අපි ඔබට කියන්නම්.

1. වියළි හිසකෙස් සුමට කිරීම සඳහා පොල්තෙල්
සම රැකවරණයේ ඉඳන් හිසකෙස් ප්‍රතිකාර දක්වා සෑම තැනකම පොල්තෙල් භාවිතා කරනවා අපට දැක ගන්න පුළුවන්. නමුත් පොල්තෙල් සෑම වර්ගයකම හිසකෙස් සඳහා සුදුසු නොවන බව ද ඔබ දැනගැනීම වැදගත්. අඩු සිදුරු සහිත හිසකෙස් සඳහා, the thin layer of coconut oil can block the few ways water can penetrate the strands, එමඟින් හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය අහිමි වෙනවා හා ජීවී දේවල් වියළී යනවා.

2. ඇපල් සයිඩර් විනාකිරි ඇස්ට්‍රිජන්ට් ලෙස
බොහෝ අය කුරුලෑ, හිසේ කැක්කුම් වලට ප්‍රතිකාර කිරීම සඳහා සහ ස්වාභාවික ඩියෝඩ්‍රන්ට් එකක් ලෙස ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරනවා. කෙසේ වෙතත් ඒවයේ තියන අධික ආම්ලිකතාවය නිසා ඔබේ සම මත භයානක රසායනික පිළිස්සුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වඩා හොඳ භාවිතයක් සඳහා ඔබේ මිශ්‍රණයට ජලය එක් කිරීමට උත්සාහ කරන්න.

3. සිදුරු තද කිරීම සඳහා බිත්තර සුදු මද
බිත්තර සුදු මද බොහෝ විට මුහුණේ සිදුරු තද කර සම පැහැපත් කරන්න භාවිතා වෙනවා. කෙසේ වෙතත්, බිත්තර කියන්නේ salmonella සම්ප්‍රේෂණය කරන පොදු සම්ප්‍රේෂකයක් වන අතර, ඒවා අමුවෙන් තියනකොට අපි ඒවා අපගේ කටට එතරම් සමීප නොකළ යුතුයි.

4. කුරුලෑ ප්‍රතිකාර සඳහා කුරුඳු
කුරුලෑ නාශක විසඳුමක් ලෙස කුරුඳු ජනප්‍රියයි. ඒ නිසා බොහෝ අය මෙම අමුද්‍රව්‍යය ඔවුන්ගේ ෆේස් මාස්ක් වලට එක් කිරීමට පටන් ගත්ත අතර, ඊට පස්සේ අසාත්මිකතා සහ දැවිලි සංවේදනයන් පිළිබඳ සමහරුන්ගෙන් පැමිණිලි කිරීම් සිද්ධ වුණා. කුරුඳු අධිකව භාවිතයේ පොදු අවාසියක් වන්නේ contact dermatitis නම් සමේ රෝගය වැළඳීමයි. ඒ වගේම රතු පැහැය, කුෂ්ඨ හා සමේ දැවිලි වලට හේතු වීමයි.

5. ෆේස් ස්ක්‍රබ් ලෙස සීනි
සීනි ඔබේ මුඛයට රසවත් සංග්‍රහයක් වෙන්න පුලුවන්. නමුත් ඔබේ සමට එය එතරම් හොඳයි කියන්න බෑ. ඔබ ඕනෙම ස්ක්‍රබ් එකක් වුණත් සීනි සමඟ එකතු කරලා මුහුණට අධිකව භාවිතා කළොත් ඔබේ සම සීරෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය මඟින් ඔබේ මුහුණේ කුඩා තුවාල පවා විවෘත වෙලා ඔබේ සම අපිරිසිදු තත්ත්වයන්ට හා පාරිසරික වෙනස්කම් වලට නිරාවරණය වෙන්න පුළුවන්.

6. වයස්ගත නොවීමට ෆේස් මාස්ක් එකක් ලෙස ලෙමන් යුෂ
ලෙමන් යුෂ වල විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරී තිබීම පුදුමයක් නෙමෙයි. වයස්ගත වීම වැළැක්වීමේ එම ප්‍රතිඵලවලින් ප්‍රයෝජන ගැනීම සඳහා වැඩි වැඩියෙන් කාන්තාවන් මෙම අමුද්‍රව්‍යය ඔවුන්ගේ ෆේස් මාස්ක් වලට එකතු කරන්නේ ඒ නිසායි. නමුත් ලෙමන් අධිකව භාවිතා කිරීම මගින් හයිපර්පිග්මන්ටේෂන් සහ පිළිස්සීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මුහුණට භාවිතා කරන්න ඕනේ.

7. සමේ කැසීම සඳහා ඕට්මීල්
සමහරුන්ට oatmeal bath එකක් පිළියෙළ කිරීම කියන්නේ සමේ කැසීම සඳහා හොඳම විසඳුමයි. කෙසේ වෙතත්, oatmeal අධිකව පරිභෝජනය කළොත් ඒක atopic dermatitis වලට හේතු වෙන්න පුළුවන්. ඒ අතර ඔබේ සමේ කැසීම් ද තවත් වැඩි කෙරෙනවා.

8. වේදනාව සමනය කිරීම සඳහා baking soda bath
ආතතිය හා වේදනාව සමනය කිරීමේ සිට රුධිර සංසරණය ඉහළ නැංවීම දක්වා විවිධ සෞඛ්‍ය තත්වයන් කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා baking soda bath ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා වෙනවා. නමුත් එහි තිබෙන ක්ෂාරීය මට්ටම නිසා ඔබේ සමට හානි කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1939 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:33:30 AM
Script:/article/1939/use-these-natural-ingredients-carefully.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:33:31 AM
Script:/article/1939/use-these-natural-ingredients-carefully.html