කොන්ඩේ දිග අනුව ඔබේ චරිත ලක්ෂණ මෙන්න

May 30, 2017
13,555
What Does Your Hair Length Say About You?
කාන්තා ඔබේ කෙස් කළඹෙන් ගොඩාක් දේවල් කියන්න පුළුවන් කියලා දන්නවද?සමහරක් අය කැමතියි කොන්ඩේ කොටට කපන්න. සමහරක් අය කැමතියි කොන්ඩේ දිගට වවන්න. ඉතින් මේ කැමැත්ත සහ ඒ අනුව කොන්ඩේ දිග පවත්වා ගැනීම තුල ඔබේ ඇතුලාන්තය ගැන කියවෙනවා කියලා දන්නවද? ඒ ගැන කතා කරන්න තමයි අද මේ සටහන.

1. ප්‍රික්සි කට් එක

ගොඩාක් ම කොන්ඩේ කොටට කපලා ඉන්න කැමති අය ඉන්නවනේ. එහෙම කැමති අය හරිම සමාජ ශීලි, තමා ගැන ලොකු ආත්ම විශ්වාසයකින් වැඩ කරන, ටිකක් මනමාල අදහස් ඇති අයයි. ඉක්මනටම යාලු මිත්‍රකම් ඇතිකරගන්න මේ අය ගොඩාක් දක්ෂයි. තමන්ගේ බුද්ධිය වෙහෙසවලා කරන වැඩ රාජකාරී සඳහා තමයි මේ අයගේ වැඩි කැමැත්ත. ප්‍රශ්නයක් ආවහම තමන්ගේ ගෞරවය රැකගෙන ඊට මුහුණ දෙන්න හොඳ හැකියාවක් තයෙනවා. හැබැයි සමහරක් වෙලාවට චුට්ටක්වත් හිතන්නේ නැතිව වැඩ කරන අවස්ථාත් තියෙනවා.

2. බොබ් කට් එක (උරහිසින් මදක් ඉහලින් සිටින සේ කොණ්ඩය කැපීම)

මේ විදිහට කොන්ඩේ කපන කට්ටිය හැමවෙලේම තමන්ගේ අදහස් කෙලින්ම කියලා දානවා. තමන්ට අයහපත් වුනත් හැම වෙලේම ඇත්ත කතා කරනවා. හරිම හොඳින් වැඩ කටයුතු සංවිධානාත්මකව කරන මේ අය තමගේ පෞද්ගලික ජීවිතය සහ රැකියාව කිසිම ගැටලුවකින් තොරව හොඳින් කරගෙන යන්න දක්ෂයි. එකම විදිහට කරන්නේ නැතිව ඕනෙම දෙයක් වෙනස් විදි වලින් කරලා බලන්න ආසයි. හැබැයි සමහරක් වෙලාවට පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව දේවල් කරලා කරදරේ වැටෙන අවස්ථාත් එමටයි.

3. උරහිස ලඟට කොන්ඩේ කපන අය

මෙහෙම කොන්ඩේ කපන අය කොහොමත් ලස්සනයි. තමන්ගේ රූ සපුව එක්ක හරිම සතුටින් ජිවත් වෙන අය තමයි මේ. කතාවට දක්ෂ මේ අය කෙරෙහි ඕනෙම කෙනෙක් ආකර්ෂණය වෙනවා. අලුත් අභියෝග භාරගන්න ලොකු කැමැත්තක් දක්වන මේ අය අලුත් යාළුවො ඇති කර ගන්නත් හරිම දක්ෂයි.

4. කොණ්ඩය ගොඩාක් දිගට වවන අය

හරිම ආදරණිය අය කොන්ඩේ දිගට වවනවා. හරිම ඉවසිලිවන්තයි. ඒ වගේම දීර්ඝ කාලින ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්න මේ අය හරිම දක්ෂයි. ආදරවන්තයෙක් සොයා ගනිද්දී මේ අය හරිම අරපරිස්සම්. හුඟාක් කල් වේලා අරගෙන තමයි ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නේ. තමන්ගේ සිහින හඹාගෙන යන්න පුදුම හැකියාවක් තියෙන මේ අය අරමුණු ඉටු කරගන්න නොකරන දෙයක් නැති තරම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 296 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:49:36 PM
Script:/article/296/what-does-your-hair-length-say-about-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:49:36 PM
Script:/article/296/what-does-your-hair-length-say-about-you.html