කඩල කරිය

January 26, 2019
6,677
Chickpea Curry Recipe
කඩල කියන්නේ ප්‍රෝටීන්, යකඩ, විටමින්, ලවන සහ තන්තු යන සියල්ල අඩංගු ධාන්‍ය වර්ගයක්. ලෙඩ රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන්නත්, ආහාර දිරවන්න උදව් වෙන්නත් වගේම ඔබේ බර පාලනය කරන්නත් කඩල වලට පුළුවන්. උදේ ආහාරයක් ලෙස බොහෝ දෙනෙක් කඩල තම්බලා කෑවත් සමහරුන් එහෙම කන්න කැමති නෑ. ඉතින් කරි එකක් විදිහට හදලා හරි කඩල ටිකක් කන්න පුළුවන් නම් එය ඔයාගේ සෞඛ්‍යයට ලොකු පිටුවහලක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා ගත් කඩල ග්‍රෑම් 500
පොල්තෙල් මේස හැඳි 2
කුඩාවට කපා ගත් ලොකු ලූණු ගෙඩියක්
තලා ගත් සුදුලූණු බික් 2
තලා ගත් ඉඟුරු අඟල් 2ක පමණ කැබැල්ලක්
තුනපහ මේස හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 2
ගම්මිරිස් තේ හැඳි 1/2
තක්කාලි ලොකු ගෙඩි 2
පොල් කිරි කෝප්ප 1 1/2
රස පදමට ලුණු

සාදන ආකාරය :

01. තෙල් ටික රත්වෙන්න තබා එයට කපාගත් ලූණු සහ ලුණු පොඩ්ඩක් එකතු කර විනාඩි 5ක් පමණ පිසගන්න.

02. එයට සුදු ලූණු එකතු කර විනාඩියක් පමණ පිස ගන්න.

03. එයට තුනපහ සහ ඉඟුරු ටික එකතු කර සුවඳ හමන තුරු පිස ගන්න. තප්පර 30ක් පමණ.

04. එයට කඩල සහ තක්කාලි ටික එකතු කර සාමාන්‍ය ගින්දරේ විනාඩි 15 පමණ පිස ගන්න.

05. දැන් පොල්කිරි සහ රස පදමට ලුණු එකතු කර විනාඩි 5ක් පමණ පිස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1243 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:45 AM
Script:/article/1243/chickpea-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:46 AM
Script:/article/1243/chickpea-curry-recipe.html