ඉස්සො හොද්ද කන්න අපි කවුරුත් කැමතියි. ඒත් පොල්කිරි මිරිකන්න අකමැති වෙලාවකට, ශීතකරනයේ පොල්කිරි ටිකක් තිබ්බෙ නැති වෙලාවකට ටක් ගාලා ඉස්සො ටිකක් හදාගෙන රස බලන්න මේ ක්‍රමය නියමයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
පොත්ත ඉවත් කල ඉස්සො ග්‍රෑම් 500
මිරිස් කුඩු තේ හැඳි 3
කහ කුඩු තේ හැඳි 1
දෙකට පලාගත්ත අමු මිරිස් කරල් 1
අඟල් 1ක ඉඟුරු කැබැල්ලක්
ඉති 5ක පමණ කරපිංචා කොල
රස පදමට ලුණු
වතුර කෝප්ප 2 / ග්‍රයින්ඩ් කරන්න වතුර තේ හැඳි 2-3
පොල් තෙල් මේස හැඳි 2-3
සාදන ආකාරය :
01. ඉඟුරු, අමු මිරිස්, ඉති දෙකක පමණ කරපිංචා කොල, කහ, මිරිස් කුඩු වතුර හැඳි 2-3 එකතු කර පේස්ට් එකක් සේ වන තෙක් ග්‍රයින්ඩ් කරගන්න. පේස්ට් එකක් සේ වෙන තෙක් අවශ්‍ය නම් තව වතුර ටිකක් එකතු කරන්න.
02. ඝන අඩියක් සහිත පෑන් එකකට මද ගින්දරේ ග්‍රයින්ඩ් කරගත් මසාලා පේස්ට එක සහ වතුර කෝප්ප දෙක එකතු කරන්න.
03. එයටම දැන් ඉස්සෝ ටික සහ ලුණු එකතු කර මද ගින්දරේ විටින් විට හැඳි ගාමින් විනාඩි 10ක් පිස ගන්න.
04. දැන් ගින්දර වැඩි කර පෙස්ට් එක ඉස්සො වල හොඳින් තැවරෙන් තෙක් හැඳි ගාමින් පිස ගන්න. දැන් පොල් තෙල් ටික එකතු කරන්න. ඉතිරි කරපිංචා ටිකත් එකතු කරන්න.
05. රස බලා තව ලුණු අවශ්‍ය නම් එකතු කරන්න.
06. තව විනාඩි 3-4ක් පිස ලිපෙන් බාගන්න.
07. උණුවෙන් පරිප්පු හොද්දක් එක්ක බත් සමග පිළිගන්වන්න.