රසවත් චිලී ප්‍රෝන්ස්

July 27, 2021
2,675
Chilli prawns recipe
හැමදාම ඉස්සෝ එකම විධියටම කාලා එපා වෙලා නේද....මෙන්න ඔබට රසවත් චිලී ප්‍රෝන්ස් රෙසිපි එකක්.. පොඩි වෙනසක් කරලා බලමුද එහෙනම්..

සෑදිමට ගතවන කාලය - විනාඩි 10

අවශ්‍ය ද්‍රව්‍ය (තුන් දෙනෙකු සඳහා)
ඉස්සන් 20
තෙල් තේ හැඳි 1
චොප් කරගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1 බැගින්
කුඩා කැබලි කැපූ වියළි මිරිස් කරල් 2
බී ළූණු ගෙඩි 3
අඟල් භාගයක පමණ කැබලි කැපූ බෙල් පෙපර් හෝ මාලු මිරිස් 2
සෝයා සෝස් තේ හැඳි 1
රතු චිලී සෝස් තේ මේස හැඳි 2
කොළ චිලී සෝස් මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1
ළූනු කොල ස්වල්පයක්
වතුර මේස හැඳි 1 ක දියකරගත් කෝන් පිටි තේ හැඳි 1

ඉස්සන් මැරිනේට් කිරිම සඳහා අවශ්‍ය වනවා
ඉස්සන් 20
සෝයා සෝස් තේ හැඳි 1
රස අනුව ලුණු සහ ගම්මිරිස්
කෝන් පිටි තේ හැඳි 4
අවශ්‍ය නම් වතුර
ගැඹුරු තෙලේ බැදීමට තෙල්

සාදන ආකාරය :
පියවර 1
- භාජනයක් ගෙන තෙල් හැර මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බදුණකට දමා මිශ්‍ර කරන්න.
- පසුව ගැඹුරු භාජනයක් ගෙන තෙල් දමා රත්කර ඉස්සන් ටික බදින්න.
- රන්වන් පැහැවන තෙක් බැද පසෙක තබන්න.

පියවර 2
- පෑන් එකක් ලිප තබා තෙල් තේ හැඳි 1 දමා රත් කරන්න.
- ඉඟුරු, සුදු ලූණු, කැබලි කපාගත් වියළි මිරිස් එක්කරන්න.
- කැබලි කපාගත් බී ලූණු එක්කරන්න.
- මාලු මිරිස් හෝ බෙල් පෙපර් එක්කරන්න.
- සෝයා සෝස්, රතු සහ කොළ චිලී සෝස්, විනාකිරි, ලුණු, සීනි සහ ගම්මිරිස් එක්කරන්න.
- දැන් බැදපු ඉස්සන් ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- දියකරගත් කෝන් පිටි ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- අවසානයට සිහින්ව කපාගත් ළූනු කොළ ටික උඩින් ඉසින්න.

උණු උණුවේම රස බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2027 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:00:42 AM
Script:/article/2027/chilli-prawns-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:00:42 AM
Script:/article/2027/chilli-prawns-recipe.html