සමහර යුවතියන්ට ආදරය ලබන්න බැරි ඇයි?

April 19, 2019
12,858
Why some women cannot have love?
සමහර යුවතියන් ආදර කරන්න වගේම ආදරය ලබන්න කොච්චර ආස වුණත් ආදරය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.එ නිසාම ආදරය යුවතියන්ට ආදරය ගැන කලකිරීමක් ඇති වෙනවා. සමහර යුවතියන්ට තමාට ලැබිලා ඉන්න ආදරවන්තයාගේ අඩුපාඩු දකිමින්, තමා බලාපොරොත්තු වන ආකාරයේ ආදරයක් තමාට නොලැබීම නිසා දුක් වෙනවා. අද හැඩකාරී අපි යුවතියන්ට ආදරය ලබන්න බැරි වෙන්න හේතු කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. බහුතරයක් පුද්ගලයන් ආදරය විඳිද්දී, සුළුතරයක් යුවතියන් ආදරයේ වේදනාව ගැන හිත හිත දුක් වෙනවා. මෙන්න මේ නිසාමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ. 

සැබෑ ලෝකයට වඩා සිහින ලෝකේ ආදරයක් බලාපොරොත්තු වීම

සැබෑ ලෝකයේ ජිවත් වෙනකොට පොළවේ පය ගහලා ඉන්න ඕනේ. ජිවිතය චිත්‍රපටි වගේ සුන්දර නැහැ. මේ නිසා ආදරයේදී සතුට පමණක් නොව දුකද දරා ගැනීමට පුරුදු වෙන්න ඕනේ. සිහින ලෝකයේ ජිවත් වෙන මිනිස්සු සර්ව සම්පුර්ණ වුණාට සැබෑ ලෝකයේදී එහෙම වෙන්නේ නැහැ. මිනිසුන්ගේ අතින් වැරදි සිදු වෙනවා. මිනිසා තුල යහපත් ගතිගුණ වගේම අයහපත් ගතිගුනත් තියෙනවා. ඉතින් සර්වසම්පුර්ණ ආදරවන්තයෙක් හොයන කෙනෙක්ට ආදරයක් හිමි කර ගන්න හරිම අමාරුයි. සර්වසම්පුර්ණ ආදරවන්තයෙක් කියලා කාව හරි තෝරා ගෙන, මාස කීපයකට පස්සේ ඔහුගේ අඩුපාඩුකම් පෙනෙන්න පටන් ගන්නවා.

ගරුත්වය නොමැති වීම 

තමාට ගරු නොකරන කෙනෙක්ගේ ආදරය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඊට හේතුව තමන්ට ගරු නොකරන පුද්ගලයෙක්ට වෙන කෙනෙක් ගරු කරන්නෙත් නැහැ. ඉතින් සමහර යුවතියන් ඉන්නවා තමන්ට සහකරුවෙක් හමුවුන ගමන් ඔහුට තමාගේ ජිවිතයේ අසීමිත වටිනාකමක් දීලා, තමන්ගේ වටිනාකමට තැනක් නොදෙන. අනිත් කෙනා වෙනුවෙන් තමන් කැමති දේවල් වෙනස් කර ගන්න. ඔයා විසින්ම ඔයාගේ ගරුත්වය කෙලෙස ගන්නවා නම් ඔහු තුල ඔයාට තියෙන ගරුත්වයත් අඩු වෙනවා.

සිමාවන් පැනවීම 

විශේෂයෙන්ම පිරිමි පාර්ශවයන්ට පෞද්ගලිකත්වයක් තිබෙනවා. සමහර පුද්ගලයන් හිතාගෙන ඉන්නවා ආදරය කිරීම කියන්නේ අනෙකාගේ පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කිරීම කියලා. ඉතින් පෞද්ගලිකත්වය ගැන නිතරම හොයනවා සේම අදරවන්තයගේ තීරණ සහ ජීවන රටාව වෙනස් කරන්නට යාමෙන් ආදර සබඳතාවය පලුදු වීමයි. අනිත් පුද්ගලයාගේ ගතිගුණ වලට ඔයා කැමති නැත්තම් ඔහුව බලෙන් වෙනස් කිරීමට උත්සාහ කරන්න එපා.

තමන් ගැන විතරක් සිතීම 

තමා ගැන විතරක් හිතන තමන්ගේ අවශ්‍යතා වලට විතරක් මුල් තැන දෙන පුද්ගලයන්ට කියන්නේ ආත්මාර්ථකාමී මිනිසුන් කියලයි. ආත්මාර්ථකාමී ගතිගුණ තියෙන පුද්ගලයෙක්ට ආදරය හිමි වන්නේ හරිම අඩුවෙන්. අනෙකාගේ අවශ්‍යතා වලට තැනක් නොදෙන යුවතියන් ළඟ රැඳෙන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් සාර්ථක යුවතියක් විදිහට දෙදෙනාගේම අවශ්‍යතා ගැන ම උනන්දු වෙන්න. 
ආදරය කියන්නේ සුන්දර අත්දැකීම් වලින් පිරුණු සුන්දර කාලයක්. ඉතින් යුවතියන් ආදරය ලබන්න හරිම කැමති ආදරය ලබන්න වගේම ලාබ වාසි වලට ආදරේ කරන්නේ නැතිව අවංකව ආදරය කරන්නත් පසුබට වෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1303 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:54:22 AM
Script:/article/1303/why-some-women-cannot-have-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:54:22 AM
Script:/article/1303/why-some-women-cannot-have-love.html