රෝග රැසක් නසන හෙළ ඔසු අතර දියවැඩියාවට බණ්ඩක්කා කියාපු සිංහල බෙහෙත කියා ඔයා දැන සිටියාද? බණ්ඩක්කා යනු ලංකාවේ ගෙවතු වල පහසුවෙන්ම වගා කල හැකි අද්විතීය ගුණැති එළවළුවක්. බණ්ඩක්කා තෝරා ගැනීමේදී යන්තම් මෝරා ඇති බණ්ඩක්කා තෝරා ගන්න. දැන් බලමු බණ්ඩක්කා සම්බෝලය හදන හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය :
බණ්ඩක්කා කරල් 7-8ක්
අමු මිරිස් කරල් 3-4ක්
දෙහි යුෂ
ලොකු ළූණු ගෙඩි 1
තක්කාලි
ලුණු
බැදීමට තෙල්
සාදන ක්‍රමය :
01. බණ්ඩක්කා සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගන්න.
02. ලොකු ළූණු, අමු මිරිස්, තක්කාලි සිහින්ව කපන්න.
03. දැන් ලියාගත් ළූණු, අමු මිරිස්, තක්කාලි බඳුනකට දමා එයට රස පදමට ලුණු සහ දෙහි යුෂ දමා බැදගත් බණ්ඩක්කා කලවම් කරන්න.