ඌෂ්ණය වැඩි මේ කාලයේදී ආහාරයට ගන්න ඕන කරන ආහාර වර්ග 6 ක්

January 25, 2019
19,077
6 foods that you can take in hot season
කාර්යබහුල වටපිටාව එක්ක ඔයාට ඔයා ගැන හිතන්න සුළු අල්ප මාත්‍රයකවත් වේලාවක් නැති වුණත් ඔයාගේ ආහාර රටාව ගැන නම් අවධානය යොමු කරන්නම වෙනවා. ඔයා කතාවටත් අහලා ඇතිනේ මොනදේ කරන්නත් කාලා ඉන්න ඕන කියලා. ඒත් බඩ පිරෙන්න ඕනම දෙයක් කෑවාට වැඩක් වෙන්නේ නෑ. මොකද අපේ රටේ තියෙන දේශගුණය, කාලගුණය එක්ක ආහාර තෝරා බේරා ගන්න වෙනවා. එහෙම නොවුණොත් ඔයාට හැමදාම වෙන්නේ හිතෙන හිතෙන දේවල් කාලා ලෙඩ වෙන්න. අද හැඩකාරී තුළින් අපි ඔයාට කියලා දෙනවා ඌෂ්ණය වැඩිපුර තියෙන කාලයට ඔයා ආහාරයට එකතු කරගත යුතු ආහාර කිහිපයක් සම්බන්ධව. ඔයා දන්නවානේ අපේ රටේ කාලගුණය ඉතාමත් වියළියි. ඉතිං මේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහේ ආහාර තෝරා ගත්තේ නැති වුණොත් ඔයාගේ සිරුරේ විවිධ විපර්යාසයන් ඇති විය හැකියි. ඉතිං රස්නය එහෙමත් නැති නම් ඌෂ්ණය වැඩිපුර තියෙන කාලයට අපි මේ කියන ආහාර ඔයා ටිකක් වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.

01. නෙල්ලි

රස්නය වැඩි කාලේට මුත්‍රා වර්ධක ආහාරපාන වන තේ, කෝපී, පැණි බීම වගේ දේවල් බොන එක එතරම් ගුණදායක වෙන්නේ නෑ. මේ වගේ දේවල් බිව්වම සිද්ධ වෙන්නේ ඔයාගේ සිරුරේ තියෙන වතුර ටිකත් මුත්‍රා විදිහට පිට වෙලා යන එක. එතකොට ඔයාගේ සිරුර ඉක්මනින් විජලනය වෙනවා. සමේ තෙතමනය නැතිවෙලා මළානික පෙනුමක් ඇති වෙනවා. ඉතිං ඔයාටත් නොදැනීම තමයි ඔයාට ලෙඩ වෙන්න පටන් ගන්නේ.

මෙන්න මේ කියන ගැටළුවට විසදුමක් විදිහට හැඩකාරී අපි කියන්නේ අමු නෙල්ලි පානයක් බොන්න කියලා. නෙල්ලිවලින් ජුස් එකක් සකස් කර ගන්න. අමු නෙල්ලි ටිකක් අරගෙන එහි ඇට ඉවත් කර කුඩා කැබිලිවලට වෙන් කර ගන්න. පසුව යුෂ ලබා ගන්න හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් හා අයිස් කැට කිහිපයක් එකතු කරලා නෙල්ලි බීම එකක් සකස් කරන්න. පිනස, සෙම් රෝග ආදිය තියෙන කෙනෙක් නම් අයිස් කැට එකතු කර ගන්න එපා. නෙල්ලි කියන්නේ ඔයාගේ සිරුර සිසිල් කරන පානයක් නිසා ඔයාගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වෙන්නේ නෑ.

02. බෙලි

බෙලි කියන්නෙත් ඔයාගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී සිරුර සිසිල් කරන පළතුරක්. ඇඟ නිවන ලේ පිරිසිදු කරන පළතුරක් විදිහට තමයි බෙලි හඳුනා ගන්නේ. ගොඩක් දෙනෙක් කන්න කම්මැලි පළතුරක් තමයි බෙලි කියන්නේ. ඒ වුණත් මෙයින් ඔයාගේ සිරුරට ලැබෙන වාසීදායක තත්ත්වය ගැන නම් වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. හොඳට ඉදුණු බෙලි ගෙඩියක් සමාන්‍ය විදිහට පළතුරක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැති නම් බෙලි ඇට ඉවත් කර බෙලි යුෂ ලබා ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක්, සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරලා බීම එකක් විදිහට බොන්න. බෙලි කටු වගේම බෙලිමල් තම්බලා බොන්න පුළුවන් නම් මේ උෂ්ණය සහිත කාලගුණයේදී ඔයාගේ සිරුරට වඩාත් ගුණදායකයි.

03. පිපිඤ්ඤා

ඇඟ සිසිල් කරන එළවලුවක් වගේම පළතුරක් විදිහට තමයි පිපිඤ්ඤා අපි හඳුනා ගන්නේ. ගොඩක් දෙනෙක් පිපිඤ්ඤා උයලා කනවට වඩා සලාද විදිහට කන්න තමයි ගොඩක්ම කැමති.

කොහොම හරි උෂ්ණය සහිත දේශගුණයක් වැඩිපුර පවතින කාලවලදී ටිකක් වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ඔයාගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී පාලනය කර ගන්න පුළුවන්. ඔයාගේ ඇඟ සිසිල් කරනවා විතරක් නෙමෙයි අහාර ජීර්ණයද පහසු කරනවා. ඒ නිසා මළ බද්ධය වැනි තත්ත්වයක් ඇති වෙන්නෙත් නෑ.

04. කැකිරි

සමාන්‍යයෙන් ආහාරයට ගන්න ටිකක් විතර අකමැති පළතුරක් වගේම එළවලුවක් තමයි කැකිරි කියන්නේ. උෂ්ණ කාලයට තමයි කැකිරි ටිකක් වැඩි පුර හැදෙන්නේ. ඒ විතරක් නෙමෙයි වියළි කාලගුණයක් තියෙන ප්‍රදේශවලින් කිසි ගැටළුවක් නැතුව කැකිරි හොයා ගන්න පුළුවන්. කැකිරි වලිනුත් කරන්නේ ඔයාගේ සිරුරේ ඌෂ්ණය නිවන එක. කලින් කිව්වා වගේ ආහාර දිරවීමද පහසු කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කරලා ප්‍රතිශක්තිය දියුණු කරනවා. ඉතිං මේ තරම් ගුණ දෙන කැකිරි තවමත් ආහාරයට ගන්නේ නැතිනම් හිත හිත ඉන්නේ නැතුව මේ ඌෂ්ණ කාලේදීවත් ටිකක් වැඩිපුර කැකිරි ආහාරයට එකතු කර ගන්න.

05. අළු පුහුල්

අළු පුහුල් වෑංජනය කියන්නේ ඉතාමත් රසවත් ආහාරයක්. සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ගමේ කෑමක් විදිහට තමයි අළු පුහුල් වෑංජනය හඳුනා ගන්නේ. ගුණයෙන් ඉහළ මේ අළුපුහුල් වෑංජනය උෂ්ණය සහිත කාල ගුණයක් තියෙන කාලවලදී ආහාරයට ගැනීම වඩාත් හොඳයි. රක්තය තියෙන කෙනෙක්ට අළුපුහුල් කියන්නේ ගුණදායක ආහාරයක්. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අළුපුහුල් ඉතාමත් හොඳයි.

06. රණවරා

රණවරා කියන්නේ උෂ්ණය අධික කාලවලදී පානය කරන්න හොඳම පාන වර්ගයක්. ඔයාට රණවරා මල් තම්බා ගත් වතුර උෂ්ණය වැඩිපුර තියෙන කාලවලදී බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ රණවරා පානය ඔයාගේ සිරුරට සිසිලසක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි රණවරා දළු මැල්ලුම් විදිහට ලියලා ආහාරයට ගන්න පුළුවන් නම් එය ඔයාගේ සිරුරට වඩාත් ගුණදායකයි. ඉතිං මේ උෂ්ණාධික සමයේ මෙවැනි ආහාර ආහාරයට එකතු කර ගැනීමේන් බොහෝ ලෙඩරෝග සෑදීමේ ප්‍රවණතාවන් අඩු කරගත හැකියි.

උෂ්ණය නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ

01. අත් පා සහ ඇඟිලි කැසීම සහ වේදනා ගෙන දීම
02. අත්ලට සහ පතුලට දහඩිය දැමීම
03. බිබිළි ඇති වීම
04. අම්ල පිත්ත රෝග ලක්ෂණ මතු වීම
05. මලබද්ධය
06. කොණ්ඩය යාම
07. යටිපතුල් පැලීම
08. මදසරු භාවයේ ලක්ෂණ මතු වීම
09. දෙතොල්වල පැලීම් ඇති වීම
10. ඇතැම් ආහාරවල ආසාත්මිකතා ඇති වීම

මේ ආදී වු රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් උෂ්ණය අධික කාලවලදී ඇතිවිය හැකියි. ඉතිං මේ ගැටළු ඔයාට මගහරවා ගන්න අද හැඩකාරී ඔයාට කියලා දුන්න ආහාර හා පාන වර්ග ටිකක් වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 1242 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:37 PM
Script:/article/1242/6-foods-that-you-can-take-in-hot-season.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:37 PM
Script:/article/1242/6-foods-that-you-can-take-in-hot-season.html