පාන් පුඩිම අතුරුපසක් විදිහට පමණක් නෙමෙයි උදෑසන ආහාර වේලකටත් කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පෙති 8
කිරි කෝප්ප 1
බිත්තර 2
සිනි 100g
කුරුඳු පවුඩර් ස්වල්පයක් තේ හැඳි 1/4 හෝ 1/2 (රස අනුව අඩු වැඩි කරගන්න පුලුවන්)
වියළි මිදි ස්වල්පයක්
වැනිලා තේ හැඳි 1/2
සාදන ක්‍රමය :
01. පළමුවෙන්ම පෑන් එකක් ලිපේ තියලා සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා හැඳිගාන්න. සීනි ටික තද දුඹරු පාටට එනවිට එය පුඩින් එක හදන භාජනයට දමාගන්න. ඒක පැත්තකින් තියන්න
02. පාන් වල කරවූ වාටි කපා ඉවත් කර, පොඩි කැබලි වලට කපලා කිරි වල පොගවා ගන්න.
03. බිත්තර, සීනි, වියළි මිදි සහ වැනිලා එකට මිශ්‍ර කර, කිරි පෙඟවූ පාන් ටික මතට එම මිශ්‍රණය එක්කර ගන්න.
04. ඉන්පසු එම මිශ්‍රණය සීනි කැරමල් කර දැමු භාජනයට සෙමින් දමා විනාඩි 45ක් පමණ මිශ්‍රණය ස්ටීම් කරගන්න.
05. උණුවෙන්ම හෝ ශිතකරණයේ තබා කෑමට ගන්න.