රතුමිදි විශාදයට ගුණයි

August 6, 2020
6,144
Red grapes for depression
රතුමිදි ආහාරයට ගැනීමෙන් විශාදය මානසික රෝග තත්වය මර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්ත බව නිව්යෝක් නගරයේ බෆලෝ විශ්ව විද්යාලය මගින් සිදු කරන අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ උක්ත විශ්ව විද්යාලයේ ඖෂධ විද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය “Young Xu” විසින්.

මෙම අධ්‍යයන මීයන් යොදා ගෙන සිදු වුණා. මිදිවල අඩංගු “රෙස්වෙරටෝල්” නිස්සාරනය කර ගෙන මීයන් කොටස් දෙකකට බෙදා මිදිවලින් ලබා ගත් මෙම නිස්සාරන ද්‍රාවණය ලබා දුන්නා. මේ වෙනුවෙන් මහාචාර්යවරයා විසින් “රෙස්වෙරටෝල්” අඩංගු කොට කැප්සියුලයක් යොදා ගත්තා. රතු වයින් යොදා ගෙන මෙම අධ්‍යයනය කිරීමට පහසු වුනත් මහාචාර්යවරයා ඒ වෙනුවෙන් යොමු වුනේ නැත්තේ යම් හේතුවක් ඇතුවයි. කැප්සියුලයේ ඇති “රෙස්වෙරටෝල්” මිලිග්රෑම් 10 වෙනුවෙන් වයින් ගැලුම් දෙකක්වත් මීයන්ට ලබා දීමට සිදු වෙනවා. මීයන්ට මෙම ප්‍රමාණය ලබා දුන්නොත් ප්‍රතිඵලය වෙනස් වෙන නිසා මහාචාර්යවරයා වයින් වෙනුවට කැප්සියුලය යොදා ගත්තා.

කොහොම වුනත් මිදි ආහාරයට ලබා දුන් මීයන්ගේ විශාදය ජනනය හෝර්මෝන මට්ටම මිදි ආහාරයට නුදුන් මීයන්ට වඩා පහල මට්ටමක පැවතුනා. බාහිරව යොදන වස විස චෝදනා නිසා රතු මිදි ආහාරයට ගැනීමේ සීමාවන් තිබුනත්, Young Xuගේ අධ්‍යයන වාර්තාව මගින් රතු මිදි ආහාරයට ගැනීම විශාදය රෝග තත්වය අඩු වෙන බව පිලිගැනීමට සිදු වෙනවා. මේ ගැන වැඩි විස්තර neuropharmacology ජර්නලයේ 2019 වසරේ ජුලි 30 වැනි දින කලාපය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1748 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:09 PM
Script:/article/1748/red-grapes-for-depression.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:10 PM
Script:/article/1748/red-grapes-for-depression.html