සෘණාත්මක සිතුවිලි වලින් මිදීමට යතුරු 5 ක්

May 7, 2020
9,325
Five keys to get rid of negative thinking
අපිට ඍණාත්මක සිතුවිලි දැන් දැන් වැඩිපුර දැනෙන්නේ හදිසියේ ඇති වුණු නිරෝධානය කාල සීමාවත් එක්ක නිවෙස් වලට ම වෙලා ජීවත් වෙන්න සිද්ධ වුණු නිසයි. මේ වගේ වාතාවරණයකදී බොහෝ විට ඒ වගේ සිතුවිලි හිතට පැමිණිම සාමාන්‍යයි. සමහර විට ඒක අපගේ ඔලුව ඇතුළේ උපදින එක් සිතුවිල්ලක් පමණක් වෙන්න පුළුවන් අතර සමහර වෙලාවට ඍණාත්මක ශක්තියකට ඇද වැටෙන සිතුවිලි මාලාවක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේ ඍණාත්මක සිතුවිලි සමඟ සටන් කිරීමට නම් ඔබ ඒවා කළමනාකරණය කරගන්න ඕනේ. මේ කාලයේදී විතරක් නෙමෙයි ජීවිතේ ඕනේම අවස්ථාවකදී ඔබට සිද්ධ වෙන්න පුළුවන් ඍණාත්මක දේවල් වලට මුහුණ දෙන්න ඕනේ ආකාරයන් තියනවා. ශක්තිමත් වෙන්න වටින ක්‍රම 5ක් අපි ඔබට කියන්නම්...

1. "අනේ දෙවියනේ, දැන් මේක වෙන්න යන්නේ ..."
සමහර අවස්ථාවලදී අයහපත් තත්ත්වයක් පැනනැඟී නොතිබුණත්, අනාගතයේ දී වෙන්න තියන දෙයින් බොහෝ ඈතකින් තිබ්බත්, තත්වයේ නරකම දේ ගැන සිතන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා තත්ත්වයන් වල නරකම දේවල් ගැන සිතීම නතර කරගන්න. ඒ වගේම ඔබ අසත්‍ය පුවත් වලට හසු වෙලා වර්තමාන තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් හිතනවා නම්, ඒ වැඩේ නවත්වන්න. හොඳින් හුස්මක් අරන් ඒ වෙලාව​ට මේ විදිහට ඔබටම කියාගන්න, “මේක ඇත්තක් නෙමෙයි. මේක තවම සිදු වෙලා නෑ, මට තවමත් තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. උදවු උපකාර ගන්නත් පුළුවන්.”

2. "මම ආයෙමත් අසමත්!"
ඔබ ජීවිතයේ අසාර්ථකත්වයන්ට පත් වෙලා ඇත්නම්, මතක තබා ගන්න ඒකෙන් ඔබේ මුලු ජීවිතය ගැන ම නිර්වචනය කරන්න බෑ කියලා. බොහෝ විට අප කොතැනක හෝ සිර වෙලා ඉන්නකොට හෝ අසාර්ථකත්වය අත්විඳිනකොට ඒක වුණේ කොහොමද කියලා හිතාගන්න බැරි වෙනවා. හැබැයි ඒක හොඳටයි වුණේ කියලා අමතක කරන්න. ඒ නිසා සෑම විටම ඍණාත්මක තත්ත්වයකට මුහුණ දෙනකොට ඔබ සාර්ථක වූණු සියලුම අවස්ථා මතක් කරගන්න. ඒ මොහොතේ ඔබට හැඟුණු ආකාරය මතක තබා ගන්න. එම ධනාත්මක සතුට හරහා ඔබට දැනෙන ඍණාත්මක අත්දැකීම් ජය ගැනීමට ඉඩ දෙන්න.

3. "මිනිස්සු මොනවා හිතයි ද?"
 “මිනිස්සු මොකක් කියයි ද?” යන වාක්‍ය ඛණ්ඩය බොහෝ විට ඔබේ හිත තුලත් ඇති වෙලා ඇති. 
ඉතින් ඒ ගැටළුව විසඳගන්න විදිහ ගැන ඉගෙන ගන්න හොඳ ක්‍රමයක් කියන්නම්. කාලය ගතවීමත් එක්​ක අපි කරන කියන දේවල් අපි අවට සිටින අයට ඉබේම අමතක වෙනවා. අපගේ මතකයේ විතරයි අපි කරපුවා කියපුවා රැඳී තිබෙන්නේ. ඉතින් ඔබට මිනිස්සු ඉදිරියේ සිදු වූ දෙයක් ගැන සිතනකොට සහ ඒ ගැන ඔබට ලැජ්ජාවක් දැනුනා නම්, ඔබ මතක තබා ගන්න සෑම කෙනෙක්ටම ඒ වගේ දේවල් වෙන අතර එහෙම වෙන එක මනුෂ්‍ය ස්වභාවයක්. ඒකෙන් ඔබව නිර්වචනය කරන්න බෑ. ඔබට තවමත් අපහසුතාවයක් දැනෙනවා නම් ඔබේ තත්ත්වය ගැන සැලකිලිමත් වන මිතුරෙක් සමඟ කතා කරන්න. එදිනෙදා ඔබ කැමති දෙයක් කරන්න. එවිට ඔබ සහ තත්ත්වය අතර මානසික දුරස් බවක් නිර්මාණය වෙයි.

4. "එයා මට කැමති නැ ... කිසි කෙනෙක් මට කැමති නැ"
අපි අවට සිටින සියල්ලන්ගේම හිතන විදිහ අපිට සමාන වෙන්න ඕනේ කියලා කාලයකදී ඔබටත් හිතෙන්න ඇති. නමුත් මුළු සමාජයේම පිළිගැනීමක් අපේක්ෂා කරනකොට, අපට බොහෝ විට අපගේ සීමාවන් පිළිබඳව ඇති වෙන්නේ ඍණාත්මක සිතුවිලියි. මොකද සමහර විට අපි කතා කරන, බලන හෝ සිනාසෙන ආකාරයට අකමැති එක් පුද්ගලයෙක් වුණත් මේ ලෝකේ ඉන්න පුළුවන්. නමුත් සෑම කෙනෙකුම සතුටු කරන්න අපිට බෑ. නමුත් අපට ආදරය කරන අපගේ පවුලේ අය සහ මිතුරන් ගැන සිතීමෙන් අපට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට අකමැති කෙනෙක් ගැන හෝ වෙන්වීමක් ගැන ඔබ අපහසුතාවයක් අත්විඳිනවා නම්, ඔබ ඔබේ ආදරණීයන් සමඟ සිනාසෙමින් එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් කාලය ගත කරන්න. දැන් ඔබේ මතකයේ ඔවුන්ගේ ආදරණීය සමාගමේ උණුසුම අත්විඳින අතරතුර ධනාත්මක සිතුවිලි වල බුබුලු ඔබ තුළම වර්ධනය වීමට ඉඩ හරින්න.

5. ඔබ ගැනම සෘණාත්මක අදහස් 
බොහෝ විට අපට ටිකක් මානසිකව පසු බෑමක් දැනෙනකොට අපි අපි ගැනම ඍණාත්මකව සිතන්න පෙළඹෙනවා. නමුත් මතක තබා ගන්න ඔබේ අත්දැකීම් වලදී, ඔබේ සාර්ථකත්වයන් වලදී සහ ඔබේ අසාර්ථකත්වයන් තුළදී වුණත් ඔබ වෙනස් කෙනෙක්. ඔබේ ගමන තවමත් ලියාගෙන යමින් පවතින්නේ. ඔබ තවමත් ඔබ මත, ඔබේ වෘත්තිය මත, ඔබේ පෞද්ගලික සම්බන්ධතා මත කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා ඔබ අධෛර්යයට පත් වෙලා ඇති බවක් දැනෙන සෑම අවස්ථාවකම ඔබටම සහ ඔබ අවට සිටින පුද්ගලයින් වෙනුවෙන් ඔබ කරලා තියන සියලු යහපත් දේවල් මතක් කරගන්න. ඔබේ ජිවිතයේ සියලු දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කළ සියලු ආකාරයන් මතක තබා ගන්න. ඔබේ ඍණාත්මක සිතුවිලි මොනවා කිව්වත් ඒවා සත්‍යයක් නොවන බව ඔබටම මතක් කර දෙන්න. ඔබ සතුව ඇති සියලු ධනාත්මක දේවල් වලට ඔබම ආදරය කරන්න. සියල්ලට පසුව ඔබට ඔබව ම නැවත හොයාගන්න පුළුවන් වෙන අතර ඔබ ඔබටම රාජකීයත්වයෙන් සලකන්න පටන් ගනියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1587 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:23:25 PM
Script:/article/1587/five-keys-to-get-rid-of-negative-thinking.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:23:26 PM
Script:/article/1587/five-keys-to-get-rid-of-negative-thinking.html