තක්කාලි චට්නි

September 25, 2019
3,418
Tomato Chutney
මේ දවස්වල තක්කාලි බොහොම අඩු මිළට ගන්න පුලුවනි. ඒත් මිළ අඩු වුනත් ඔය හැටි කන්න පුලුවනැයි. නමුත් සුලබව තිබෙන තක්කාලි වලින් චට්නියක් හදා ගත්තොත් කටට රහට කන්නත් පුලුවනි. මිළ ඉහළ ගියාමත් කලබල වෙන්න දෙයක් නැහැ. හදාගත්ත තක්කාලි චට්නියෙන් ප්‍රයෝජනයට ගන්න පුලුවනි. බතට විතරක් නොවෙයි, රොටී, ආප්ප වගේ ආහාර සමගත් තක්කාලි චට්නි රස බලන්න පුලුවනි.

අවශ්‍ය දේ :

තක්කාලි ග්‍රෑම් 500 ක්
රටඉඳි ග්‍රෑම් 50 ක්
ඉඟුරු කැබැල්ලක්
විනාකිරි කෝප්පයක්
කරල් මිරිස් හතක්
සීනි ග්‍රෑම් 200 ක්
කරාබු නැටි කීපයක්
එනසල් කරල් තුනක්
සුදුළූණු ගෙඩියක්

සාදා ගන්නේ මෙහෙමයි... :

01. මුලින්ම තක්කාලි ගෙඩි සෝදා ගන්න. මේවා උනුවතුරට දමා විනාඩි තුනක් පමණ තම්බා ගෙන පෙති කපන්න.

02. මිරිස් කරල් ටික විනාකිරි කොටසක් ගෙන පොගවා ගන්න. දැන් ඉඟුරු, සුදුළූණු, මිරිස් යන ටික මිරිස් පෙඟවූ විනාකිරි වලින් බ්ලෙන්ඩ් කර ගන්න.

03. ඉතිරි විනාකිරි කොටස මතකයිනේ...එයට රටඉඳි, සීනි, එනසල් සහ කරාබු නැටි දමා උණුකරන්න. එය පිසීගෙන එන විට තක්කාලිත් එකතු කරන්න. එයටම බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයත් එකතු කරන්න.

04. වතුර හිඳෙන පදම ආවාම බිමට ගෙන නිවුනාට පසුව සුළං නොවදින සේ අසුරා ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1402 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:48 AM
Script:/article/1402/tomato-chutney.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:49 AM
Script:/article/1402/tomato-chutney.html