ගර්භනී සමයේ ගැස්ට්‍රයිටීස් ඇති වුනොත් වහාම මේ දේවල් කරන්න

May 18, 2018
6,093
Do these if you get gastritis while you are pregnant
ගැස්ට්‍රයිටීස් කියන්නේ අද වෙද්දී වයසේ කිසිම භේදයක් නැතුව ඇති වෙන රෝගී තත්ත්වයක්. අහල බැලුවොත් නැති කෙනෙක් හොයා ගන්නත් බැරි වෙයි. අහන අහන කෙනාට ගෑස්. ගොඩාක් වෙලාවට ඉස්කෝලේ යන වයසේ දරුවන් අතරේ සුලබව දකින්න පුළුවන්. ආහාර වෙල් මඟහැරීම, වැරදි ආහාර පුරුදු, ක්ෂණික ආහාර ඇතුළු ආහාර රටාවේ තියෙන මේ වගේ දුර්වලතා නිසා ගොඩාක් දෙනෙක් මේ ලෙඩේ හදා ගන්නවා.

ගර්භනී සමය කියන්නේ විවිධ ශාරීරික අපහසුතා වලට මව මුහුණ දෙන කාලයක්. ගැස්ට්‍රයිටීස් කියන්නේ ඒ අතරින් තවත් එකක් විතරයි. ගර්භනී සමයේ ඇති වන ගැස්ට්‍රයිටීස් තත්ත්වය අවම කර ගන්න මවක් අනිවාර්යෙන් මේ දේවල් නම් අනිවාර්යෙන් අනුගමනය කල යුතුයි.

1. ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඉහල නංවන ආහාර වලින් වළකින්න

අපි ගන්න ආහාර වලින් ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇති වීම සඳහා ඉහල බලපෑමක් තියෙනවා. ඒකට ගර්භනිද? නැද්ද කියන එක අදාල වෙන්නේ නැහැ. කොහොම වුණත් විශේෂයෙන් ඔබ කන බොන ආහාර ගැන සැළකිලිමත් වෙන්න. සමබර පෝෂ්යදායී ආහාරයක් හැම විටම ලබා ගන්න. ඒ අතරම, අධික තෙල් සහිත හෝ තෙල් වලින් බදින ලද ආහාර වලින් වළකින්න. එසේම, සෝඩා සහ කෘත්‍රිම බීම වර්ග, පාන්පිටි බහුල ආහාර අවම කල යුතුයි.

2. හිතකර පාන වර්ග මඟහරින්න එපා

හිතකරම පානය තමයි ඉතින් වතුර. වැඩිපුර වතුර පානය කරන්න. එයින් ගර්භනී මවකගේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය අවම කරන්න වගේම සිරුරේ උෂ්ණත්වයත් අවම කර ගන්න පුළුවන්. ඒ වගේම ගර්භනී සමයේ ඇති වන මලබද්ධය අවම කරන්නත් එයට පුළුවන්. දිනකට වතුර විදුරු 8-10ත් අතර ප්‍රමාණයක් පානය කරන්න. ඊට අමතරව පලතුරු හා එළවලු යුෂ පානය කරන්න. ගස්ලබු, කොමඩු, කැරට්, පිපිඤ්ඤා වැනි යුෂ පානය ඉතාමත් හිතකරයි.

3. තන්තු බහුල ආහාර පරිභෝජනය වැඩි කරන්න

තන්තුමය ආහාර දිනපතා ලබා ගත්තත් විවිධාකාර හේතු නිසා අමාශයේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තන්තු බහුලව අඩංගු ආහාර වැඩි වශයෙන් හා දිනපතා ලබා ගන්න. ගැස්ට්‍රයිටීස් එක්ක සටන් කිරීමේ හැකියාව තන්තුමය ආහාර වලට තියෙනවා. මලබද්ධය අවම කරනවා. දිනපතා තන්තු 25g -30g අතර ප්‍රමාණයක් සිරුරට ලබා දීම අතාවශ්‍යයි.

4. ක්‍රියාශීලි වෙන්න

ඔබ ගර්භනී වුනා කියන්නේ දවස තිස්සෙම ඇඳේ වැතිරිලා ඉන්න ඕන කියන එකවත්, මුළු දවසෙම විවේක ගන්න ඕන කියන එකවත් නෙවෙයි. අනිවාර්යෙන් ඔබ ක්‍රියාශීලිව ඔබේ දවස ගෙවා දැමිය යුතුයි. ගෙදරදොරේ වැඩ කරන්න. හැබැයි බර වැඩ හෝ නුසුදුසු දේවල් කරන්න යොමු වෙන්න එපා. ගර්භනී මවකට සුදුසු ව්‍යායාම කරන්න. මේ දේවල් ගර්භනී සමයේ ඔබේ බර අනවශ්‍ය විදියට වැඩි වීම අවම කරමින් සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබා ගන්න උදවු වෙනවා.

5. ආතතිමය තත්ත්වයන්ගෙන් මිදෙන්න

ගර්භනී මවකට කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යයත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒ දෙකම දරුවාට බලපෑම් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් මව මානසිකවත් නිරෝගිව ඉන්න ඕනමයි. ඒ වගේම එය ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්වයන් ඇති කරන්න අනිවාර්යෙන්ම බලපෑම් කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 821 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:50 AM
Script:/article/821/do-these-if-you-get-gastritis-while-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:50 AM
Script:/article/821/do-these-if-you-get-gastritis-while-you-are-pregnant.html