කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?

June 10, 2019
16,169
Did you know that coffee powder is a beauty treatment?
කෝපි යනු මම ඔයා අපි කවුරුත් ප්‍රිය කරන පානයක්. සිතල වෙලාවට ටිකක් උණුසුම් වෙන්න, මානසික ආතතිය අවම කර ගැනීමට, තරබාරු බවට විසඳුමක් ලෙස වගේ තවත් බොහෝ සෞඛ්‍යමය වාසි රැසක් කෝපි වලින් ලබා දෙනවා. සමේ තෙතමනය රැක ගනිමින් තරුණ පෙනුමක් ලබා ගන්න මෙන්ම සමේ ඇති වන රැළි සඳහාද ඇස් වටා ඇති කළු පැහැය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද? අද හැඩකාරී අපි ඔයාට කෝපි කුඩු වලින් සුන්දර රුවක හිමිකාරියක් වෙන්න කියලා දෙනවා.

01 වන ක්‍රමය :

කෝපි කුඩු තේ හැඳි 2 
සිනි තේ හැඳි 2
ඔලිව් ඔයිල් තේ හැඳි 2

ඔයා නාන වේලාවට සිරුර තෙත් කර ගෙන සියළුම ද්‍රව්‍ය මිශ්‍ර කර සදා ගත් ආලේපනය මුළු ශරීරයේම හෝ විශේෂයෙන්ම අවපැහැ ගැන්වූ ප්‍රදේශයන්හි ගල්වා හොඳින් සම්භාහනය කරන්න. විනාඩි 10ක් - 15ක් අතර වෙලාවකින් පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මැරුණු සම ඉවත් කරලා, සුන්දර මෘදු සමක් හිමි කර ගැනීමට පුළුවන්. 

02 වන ක්‍රමය :

කෝපි කුඩු තේ හැඳි 2 
කොකෝවා තේ හැඳි 1
මි පැණි තේ හැඳි 1
පොල් තෙල් තේ හැඳි 1
කිරි තේ හැඳි 1

භාජනයක් ගෙන සියලුම ද්‍රව්‍ය දමා මිශ්‍ර කර ගන්න. පසුව මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර ගෙන සදා ගත් මිශ්‍රණය අලේප කර විනාඩි 20ක පමණ කාලයක් මිශ්‍රණය මුහුණ මත තබාගෙන කතා නොකර ඉන්න. පැහැදිලි සමක් මෙන්ම සමේ රැළි ස්වභාවය අවම කර ගැනීමට මේ පැක් එක උපකාරයක් වෙනවා.

03 වන ක්‍රමය :

මද උණුසුම් වතුර බේසමකට මේ කෝපි කුඩු ටිකක් එකතු කරන්න. පසුව දෙපා මේ බේසමේ ගිල්වා, විනාඩි 20කින් දෙපා ඉවතට අරන් පිසදා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. දෙපතුලේ ඇති වෙන තඩිස්සි වීම, දෙපා වියළීම සහ දෙපා වල ඇති වෙන වේදනකාරී තත්වයන් සුවපත් කරන අතර දෙපතුලේ රුධිර සංසරණ ක්‍රියාවලිය වේගවත් කිරීමටද මෙම ස්ක්‍රබ් එක දායක වෙනවා.

කෝපි කුඩු වලින් ගෙදරදීම භාවිතයට ගත හැකි සුළු සත්කාර වලින් පැහැපත් සුන්දර සමක් හිමි කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1346 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:24 AM
Script:/article/1346/did-you-know-that-coffee-powder-is-a-beauty-treatment.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:24 AM
Script:/article/1346/did-you-know-that-coffee-powder-is-a-beauty-treatment.html