උයන රහස් : පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් (02)

October 8, 2019
4,468
small-cooking-tips-for-a-big-change-02
උයන පිහින විටත් පුංචි පුංචි ටිප්ස් දැන ගෙන හිටියොත් අපේ වැඩ කටයුතු පහසු වේවි. අන්න ඒ වගේ පුංචි ඉගි කීපයක් මේ…

කේක් හදන විට

- අපේ හැඩකාරියෝ කේක් අයිසිං කරද්දී පිලියෙල කර ගන්නා බටර් අයිසිං වලට කිරි හැන්දක් එකතු කරන්න. සාමාන්‍ය බටර් කේක් මිශ්‍රණයටත් කිරි හැන්දක් එකතු වුනොත් රසය ඉස්තරම්.
- කේක් බීට් කරන විටත් එකම පැත්තකට ගසන්න. කේක් බීට් කරන නිවරැදිම ක්‍රමය එයයි.
- ඒ වගේම කේක් විශාල ප්‍රමාණයෙන් සාදා ගන්නවා නම් කොටස් කොටස් සකස් කර ගන්න. එහෙම නැති වුනොත් අවසාන කේක් කොටස බේක් කර ගන්නා තෙක් පිටත තියන්න සිදු වෙන කාලවේලාව වැඩියි. එවිට කේක් මිශ්‍රණයේ නිසි පදම ලබා ගැනීමට නොහැකි වෙනවා.

- උණු උණු කේක් කපන විට පිහියට වඩා නූලක් භාවිතා කරන්න. නොකැඩී කපා ගන්න පුලුවනි.
- ඒ වගේම කේක් ප්ලාස්ටික් භාජනවල තබන්න එපා. ටික දිනකින් දුගඳක් දැනේවි.
- පෘට් කේක් කිසිම දිනක ඊයම් කඩදාසිවල ඔතා තබන්න එපා. ඒවායේ ඊයම් කේක් සමග ප්‍රතික්‍රියා කිරීමට පුලුවන්.
- කේක් අසුරන භාජනයට පාන් පෙත්තක් දැම්මොත් කේක්වල වියලි ගතිය නැති වේවි.

පොලොස් ඇඹුල

- පොළොස් ඇඹුල ටික දවසක් තබා ගැනීමට අවශ්‍ය නම් අමුමිරිස්, කරපිංචා ආදිය ගලේ අඹරා ගන්න. රතුළූණු, රම්පෙ ආදියත් තෙලෙන් තෙම්පරාදු කර ගන්න. මුලින් අඹරා ගත් මිශ්‍රණයත් තෙලෙන් තෙම්පරාදු කර ගන්න. නැත්නම් ඉක්මනින්ම ආහාරයට නුසුදුසු තත්වයට පත් වේවි.
- පොළොස් ඇඹුලට කෝපි කුඩු ස්වල්පයක් එක් කිරීමෙන් රසය වැඩි කර ගන්න පුලුවනි.
- ඒ වගේම නිවසේ මිටිකිරි ඉවත් කර ගත් පොල් කුඩු තිබෙනවා නම් ඉවත දමන්න එපා. මේවා කරපිංචා සමග කබලේ බැදලා කුඩු කර ගෙන තබා ගන්න. පොලොස් වගේම මස් ආදිය පිසින විට මේ පොල් ටිකක් අඹරා දමන්න පුලුවන්. හැබැයි පොල් ඉක්මනින් මුඩු වෙන නිසා සුලං නොවදින සේ අසුරා තබා ගන්න.

සුප්

- සුප් පිළියෙල කරන විට මාමයිට් හැන්දක් එකතු කර ගැනීමෙන් රසය වැඩි වේවි.
- ඒ වගේම රාත්‍රියට සකස් කර ගන්නවා නම් නූඩ්ල්ස් ස්වල්පයකුත් සුප් එකටම එකතු කරන්න.
- ඒ වගේම සලාද කොළයක් එක් කර ගත් විට තෙල් ගතිය අඩු වේවි. හැබැයි සුප් එක පිළියෙල කිරීමෙන් පසුව සලාද කොළය ඉවත් කරන්න.
- පැණි දොඩම් යුෂ එක් කිරීමෙන් ප්‍රණීත රසයක් ලැබේවි.
- මස් යොදා ගෙන සුප් පිළියෙල කරනවා නම් මුලින් මස් තැම්බෙන්න තබන්න. මස් තැම්බුනාට පසුව එළවලු එකතු කරන්න.
- සමහර උදවිය සුප් දියාරුවට අකමැතියි. ඒ නිසා අර්තාපල් ගෙඩියක් එකතු කරන්න. දියාරු ගතිය නැති වේවි.
- දියවැඩියා රෝගීන් නම් කුරහන් පිටි ටිකක් එකතු කර ගන්න පුලුවනි.

පුඩිං

- පුඩිමක් පිළියෙල කරන විට ඊට පෙරාතුව අවන් එක රත් කර ගන්න.
- පුඩිම වාෂ්පෙන් තම්බා ගන්නා විට භාජනය තෙල් කඩදාසියකින් වසන්න.
- ඒ වගේම භාජනයේ තුන්කාලක ප්‍රමාණය ඉක්මවන්න එපා.
- වාෂ්පයෙන් තම්බා ගත් පුඩිම ඒ භාජනයේම නිවෙන්න තබන්න.
- නිවසේ දොඩම් ලෙලි ඉවත දමනන් එපා. මේවා වියලාගෙන කුඩු කර සුළං නොවදින සේ අසුරා තබා ගෙන පුඩිං සකස් කරන විට ටිකක් එකතු කරන්න.
- පුඩිම උඩින් දියර ග්ලුකෝස් තවරා ගත් විට දිලිසෙන ගතියක් ලැබේවි.

බණ්ඩක්කා සාදන විට…

- බණ්ඩක්කා බැද ගත්තාම සෙවෙල ගතිය නැහැ.
- බණ්ඩක්කා පිසින්න පෙර දෙහි යුෂ එකතු කරන්න.
- ඒ වගේම මුදවපු කිරි තේ හැන්දක් එකතු කිරීමෙනුත් සෙවෙල ගතිය නැති වේවි.
- කරවිල වගේ ගැඹුරු තෙලෙන් බණ්ඩක්කා බැද ගෙන සලාද පිළියෙල කර ගන්න පුලුවනි.
- බණ්ඩක්කා සහ දෙහි එකට තැබූ විට බණ්ඩක්කා ඉක්මනින් මෝරන්න පුලුවන්.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1415 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:09:15 PM
Script:/article/1415/small-cooking-tips-for-a-big-change-02.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:09:15 PM
Script:/article/1415/small-cooking-tips-for-a-big-change-02.html