කාන්තාවන්ගේ රූප සොබාවට බලපෑම් කරන ආර්ථවහරණය කියන්නේ මොකද්ද?

August 13, 2020
4,470
What is menopause?
ආර්ථවහරණය වෙන්න නියමිත කාලයේදී සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ජීවිතයේ හෝමෝන හා මානසික වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබත් ආර්ථවහරණය සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා නම්, ඒ තත්ත්වයන් වලට විසඳුමක් විදිහට "හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය" (HRT) උපකාරී වෙනවා. HRT ප්‍රතිකාරයේ ප්‍රතිලාභ දැන ගැනීමට ඔබත් කැමති නම් මේ ලිපිය කියවලාම බලන්න.

ආර්ථවහරණය කියන්නේ ඔසප් චක්‍රයේ අවසාන කාලයයි. මේ නිසා ඔබේ ශරීරයෙන් බොහෝ රෝග ලක්ෂණ  දිස්වෙන්න පටන් ගන්නවා. නමුත් ආර්ථවහරණයේ අහිතකර බලපෑම් ERT හෝ ඊස්ට්‍රජන් ප්‍රතිස්ථාපන ප්‍රතිකාර මගින් වළක්වා ගන්න පුළුවන්. ඒකත් ඇත්තෙන්ම හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරයේම (HRT) කොටසක්.

ආර්ථවහරණය නිසා ඇති වන අතුරු ආබාධ මොනවාද?

කාන්තාවකගේ වයස අවුරුදු 45-50 පමණ වෙනකොට මාසික ඔසප් වීම ස්ථිරවම නතර වෙනවා. ඔසප් වීම නැවතීම හේතුවෙන් කාන්තාවකගේ ශරීරයේ කායික හා මානසික වෙනස්කම් රාශියක් සිදු වෙනවා. ඔසප් වීම නැවතීම හේතුවෙන් කාන්තාවන් අත්විඳින අතුරු ආබාධ කිහිපයක් මෙන්න.

උණ
ඔබේ ශරීරයට හදිසියේම උණ ගන්න පුලුවන්. ඒ එක්කම කරකැවිල්ල, ඔක්කාරය, නොසන්සුන්තාවය සහ දහඩිය දැමීම වගේ තත්ත්වයන් ද ඇති වෙන්න පුලුවන්.

මනෝභාවය
ආර්ථවහරණය කාන්තාවන්ගේ මානසික වෙනස්කම් ඇති කරන නිසා හදිසියේම ඔබේ මනෝභාවයන් වෙනස් වෙන්න පුලුවන්. මනෝභාවය වෙනස් වීමේ ලක්ෂණ අතර ඉවසීමක් නොමැතිකම, මානසික අවපීඩනය, දුක, ආතතිය, කාංසාව, ඉක්මනින් කේන්ති ගැනීම, නොසංසුන්තාවය වැනි හැඟීම් ඇතුළත් වෙනවා. 

ඔස්ටියෝපොරෝසිස්
ඔස්ටියෝපොරෝසිස්  කියන්නේ අස්ථි දුර්වල වීමයි. ඔබේ ඔසප් වීම නතර වීමේදී ඊස්ටජන් මට්ටම අඩුවීම නිසා අස්ථි දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආර්ථවහරණය ඔස්ටියෝපොරෝසිස් වලට හේතු වෙන්න පුලුවන්.

යෝනි‍යේ වෙනස්කම්
ආර්ථවහරණය නිසා යෝනිය තුල වෙනස්වීම් දක්නට ලැබෙනවා. මෙම යෝනි වෙනස්කම් වලට යෝනියේ පටක තුනී වීම, යෝනි ආසාදන, යෝනිය තුළ දැවිල්ලක් හෝ වියලි බව නිසා අපහසුතාවයට පත්වීම, නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනීම යනාදි ලක්ෂණ ඇතුළත්.

සමේ වෙනස්කම් 
ආර්ථවහරණය ඔයාගේ සමේ බොහෝ වෙනස්කම් ඇති කරයි. ඒ එක්කම ඔබේ සම අවශ්‍ය පමණට කොලජන් නිපදවීමත් නතරකරන්වා. ඒ විතරක් නෙමෙයි සමට යටින් ඇති මේදය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් සමේ නම්‍යතාවය පහත වැටෙන්න පුළුවන්. මේ හෝමෝන වෙනස්කම් නිසා ඔබේ බෙල්ල, හකු හා කම්මුල් වල රැළි ඇති වෙලා වයස්ගත පෙනුමක් ඇති කරන්න පුලුවන්.

වෙනත් අතුරු ආබාධ
ඊට අමතරව කාන්තාවන්ට පහත සඳහන් පරිදි වෙනත් අතුරු ආබාධ ද ඇති වෙන්න පුළුවන්.

හිසකෙස් හැලීම
නියපොතු ඉක්මනින්ම කැඩිම 
වියළි සමක් ඇති වීම
මාංශ පේශි සහ සන්ධි වේදනාව ඇති වීම
හෘද රෝග
බාධා සහිත නින්ද
පියයුරු වල මුදු මොළොක් බව
විදුරුමස් වලින් ලේ ගැලීම
බර වැඩිවීම
අජීර්ණය ඇති වීම 
මතකය අඩු වීම

ආර්ථවහරණයේ අහිතකර බලපෑම් අවම කර ගන්නේ කොහොමද?
ඊස්ටජන් ප්‍රතිස්ථාපන චිකිත්සාව (ERT) මගින් ආර්ථවහරණය මගින් ඇති වන අහිතකර බලපෑම් බොහෝ දුරට වළක්වා ගත හැක. ERT මගින් ඔස්ටියෝපොරෝසිස්, හෘදයාබාධ හා ආතතිය ඇතිවීම අඩු කරන අතර සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යහපැවැත්ම සහ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්. 

ආර්ථවහරණය මගින් ඇති කරන රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඊස්ටජන් හෝමෝනය තමයි භාවිතා කෙරෙන්නේ. ඊස්ටජන් ප්‍රතිස්ථාපන චිකිත්සාව (ERT) සහ හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව (HRT) වගේ ප්‍රතිකාර මගින් මානසික වෙනස්කම් අවම කර ගන්න පුලුවන්. ඒ වගේම ඒකෙන් අස්ථි නැවත පණ ගැන්වන අතර හෘද වාහිනී රෝග අවදානම ද අඩු කරයි. HRT මගින් කරන්නේ හෝමෝන නැවත ශරීරයට ලබා දීමකි. මෙය පෙති ආකාරයෙන් සහ සමට යටින් හෝමෝන පැලට් එකක් ඇතුල්කිරීමෙන් සිදු කරනවා.

අනෙක් විකල්ප පිළියම් මොනවාද?
යම් යම් හේතු නිසා HRT වලට භාජනය වීමට අකමැති කාන්තාවන්ට වෙනත් පිළියමක් තෝරා ගන්න පුළුවන්. මෙම පිළියම් අතරට නිතිපතා ව්‍යායාම කිරීම, සමබර හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, මත්පැන් හා දුම්පානය වැනි නරක පුරුදු අත්හැරීම, ජලය වැඩිපුර පානය කිරීම වැනි ජීවන රටාවේ හොඳ වෙනස්කම් ද සිදු කරන්න වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1769 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:13:32 PM
Script:/article/1769/what-is-menopause.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:13:32 PM
Script:/article/1769/what-is-menopause.html