සතුට හැමදාටම ළඟ රැඳෙන මේ දේවල් ඔයත් කවද හරි කරලා තියෙනවද?

December 16, 2017
5,444
Have you done these that keep you happy everyday
හැමදාම සතුටින් ඉන්න තමයි අපි කරන කියන හැම දෙයක්ම කරන්නේ. එත් සතුට හැමදාමත් අපි ළඟ රැඳෙන්නේ නැහැ. සතුට වගේම දුක, වේදනාවත් වරින් වර අපේ ජිවිත වලට යනවා, එනවා. හැබැයි ඉතින් අපිට පොඩි පොඩි දේවල් වලින් සතුට හොයා ගන්න පුළුවන් නම් සතුටින් ඉන්න කියලා අනවශ්‍ය විදියට මහන්සි වෙන්න වත් දුකේදී අනවශ්‍ය විදියට හිත රිද්ද ගන්නවත් ඕන වෙන්නේ නැහැ. මේ දේවල් කරොත් අපිව වැඩියෙන්ම සතුටින් තියන්නේ අපි කරන පොඩි පොඩි දේවල් වලින් කියලා ඔයත් පිළිගනීවි.

1. ඔයා දුකෙන් ඉන්න වෙලාවක ලස්සන සින්දුවක් අහන්න පුරුදු වෙන්න. හැබැයි දුක නැති කරන සින්දුවක්. තවත් දුක හිතෙන එකක් නෙවෙයි. සංගීතය කියන්නේ හිත නිවන කලාවක් කියලා ඔයා අහලා ඇතිනේ. හැබැයි ඉතින් ලෝකේ මෙතෙක් ලියවිලා තියෙන ලස්සනම, සුන්දරම විරහ ගීත ලියවිලා තියෙන්නෙත් දුක නිසා තමයි.

2. දැන් ඔයා ඉන්නේ සතුටින් නෙවෙයි නම් සමහර විට ඒ ඔයා අතීතයේ කරපු වැරද්දක් හේතුවෙන් වෙන්නත් පුළුවන්. අද දවසේ අපි කරන දේවල් කාලයත් එක්ක අපේ අතීතයට එකතු වෙනවා. එනිසා හැම වෙලාවකම යහපත් දේ කරන්නත් අනාගතේ දවසක දුක් වෙන්න වෙන දේවල් අද නොකරන්නත් හිතට ගන්න. දුකෙන් ඉන්න වෙලාවට ඔයා කරපු හොඳ දේවල් ගැන හිතන්න. හැබැයි ඉතින් එහෙම හිතන්න පුළුවන් වෙන්නේ අපි හොඳ දේවල් කරලා තිබුනොත් විතරයි.

3. නිදහසේ ඉන්න වෙලාවක ඔයා ඔයාගේ ගැනම ටිකක් කල්පනා කරන්න. ඔයාගේ දුර්වලතා හඳුනා ගන්න. ඒ දේවල් එකින් එක කොලයක ලියා ගන්න. ඊට පස්සේ ඒ එක එක දුර්වලතාවයන් හෙමින් ඔයාගෙන් ඈත අරන්න. ඔක්කොම අඩුපාඩු එක වර හදා ගන්න බැරි වෙයි. ඒ වගේම ඉක්මන් කොටයි කියනවනේ. ඒ නිසා හෙමින් හෙමින් ඔයාගේ දුර්වල තැන හදා ගන්න. මොකද අපේ වැරදි, දුර්වලතාම තමයි අපිව දුකින් තියන්නත් හේතු වෙන්නේ.

4. ඔයාට පුළුවන් නම් තව කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න ඒක අනිත් හැම දේටම වඩා වටිනවා. හැම දවසකම අනිත් අයව සතුටු කරන්න එක දෙයක් කරන්න. ලොකු දේවල් ඕන නැහැ. හරිම පුංචි දේවල්. ඒක ඔයාගේ කාරුණික වචනයක් වෙන්න පුළුවන්, ඔයාගේ පොඩි පරිත්‍යාගයක්, උදව්වක්, පොඩි කැප කිරීමක්, සමාව දීමක්, ඔයාගේ එක හිනාවක් තව කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් ඔයාගේ සතුටත් ඒ මතම රැඳෙයි. ඒ නිසා තව කෙනෙක්ගේ මුහුණට හිනාවක් ගෙන එන දේවල් කරන්න.

5. ඍණාත්මක විදිහට හිතන එක අදම නවත්තන්න. ඍණාත්මක අදහස් දරන අයගේ ආශ්‍රයෙන් ඈත් වෙන්න එතකොට ඔයාගේ සතුට ඔයා ළඟ රඳවා ගන්න පුළුවන්. ඍණාත්මකව හිතන පතන කෙනක් ළඟ කොහොමටත් ළඟ සතුටක් රැඳෙන්න විදිහක් නැහැ. ඒ නිසා යම් යම් දේවල් දිහා ඔයා බලන ආකාරය වෙනස් කරන්න. හැම දෙයකම යහපත් පැත්ත දකින්න පුරුදු වෙන්න.

6. ගෙදර නිදහසේ ඉන්න වෙලාවක විශේෂ කෑමක් විශේෂයෙන් අතුරුපස වගේ දේවල් අත්හදා බලන්න. ගෙදර අය එක්ක බෙදා හදා ගන්න. ඒක ඔයාට අනිවාර්යෙන්ම සතුටක් ගෙන දෙන දෙයක් වෙයි.

7. මනසට විවේකයක් ලබා දෙන්න පුළුවන් දේවල් කරන්න. පොත් කියවන්න, භාවනා කිරීම වගේ දේවල්. එත් අපිට කොහෙන්ද ඕවට වෙලාවක් කියලා ඔයා හිතුවත් ඔයාගේ මානසික සුවය, සතුට ගැනත් හිතන්න ඕන නේද? නිවාඩු දවසක හරි, හොඳ පොතක් කියවන්න. පොත් වලට පුළුවන් ඔයාගේ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරවන්න. ඒ වගේම පොතක් කියවලා ගන්න අත්දැකීම අවුරුදු 100ක් ජිවත් වෙලා වත් ගන්න බෑ කියලා ඔයා අහලා ඇතිනේ.

මේ දේවල් කියවලා බලද්දී ඔයාටම තේරෙන්න ඇති සතුට තියෙන්නේ අපි ළඟමයි කියලා. ඔව්, සතුට තියෙන්නේ ඔයා ළඟමයි. ඒ සතුට හොයා ගන්න එක තමයි කරන්න ඕන. එකට පොඩි උදව්වක් තමයි මේ කරේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Kaju Dosi Recipe
   178,973
   19

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed