සාම්බාර්

October 18, 2019
4,501
Sambar
හැඩකාරියන්ට තෝසේ හදා ගන්න පුලුවන් වුනත් ඒ වෙනුවෙන් සාම්බාර් හදා ගැනීම පුංචි ගැටලුවක්. ඔන්න එහෙමනම් මේ වට්ටෝරුව අත්හදා බලන්නකෝ..

අවශ්‍ය ද්‍රව්‍ය :

පරිප්පු ග්‍රෑම් 100 ක්
වම්බටු ග්‍රෑම් 75 ක්
මුරුංගා ග්‍රෑම් 75 ක්
බණ්ඩක්කා ග්‍රෑම් 75 ක්
වට්ටක්කා ග්‍රෑම් 75 ක්
තක්කාලි ගෙඩියක්
බී ලූණු ගෙඩියක්
ලුණු පදම අනුව
මිරිස් කුඩු තේ හැන්දක්
කොත්තමල්ලි තේ හැඳි 2 ක්
කොත්තමල්ලි කොළ
තෙල්
කහ
අබ
කරපිංචා
කරල් මිරිස් 4 ක් පමණ
සියඹලා යුෂ මේස හැඳි දෙකක්
වතුර ලීටර 2ක් පමණ

සාදන අන්දම :

01. තරමක් ලොකු භාජනයකට වතුර ටික එකතු කර සාමාන්‍ය ගින්දරේ ලිපේ තියාගන්න. එයට මුරුංගා සහ අල කැබලි කර ගෙන එය තැම්බී ගෙන එන විට පරිප්පු, බණ්ඩක්කා, වට්ටක්කා, තක්කාලි, බටු ආදි කැබලි කපා එකතු කරන්න.

02. ඒ සමග මිරිස්, ලුණු, කහ, කොත්තමල්ලි කොළත් එකතු කරන්න.

03. තැම්බුනාම සියඹලා යුෂ එකතු කර ගෙන බාන්න.

04. කැමති නම් අබ, වියලි මිරිස් තෙලෙන් පොඩ්ඩක් රත් කර සාදාගත් සාම්බාරුව එයට එක් කර තෙම්පරාදු කරගන්නත් පුලුවන්. මේසයට යවන්න පෙරාතුව කොත්තමල්ලි කොළ එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1423 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:40 PM
Script:/article/1423/sambar.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:41 PM
Script:/article/1423/sambar.html