කිරි කොස් ව්‍යාංජනය ගෙදරදී ලේසියෙන්ම හදාගන්නේ මේ විදිහටයි
අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳට පැසුණු කොස් මදුලු 500g
පොල් ගෙඩි 1/2 ක මිටිකිරි සහ දියකිරි
තුනපහ කුඩු රස අනුව
උළුහාල් ස්වල්පයක්
කහ කුඩු මේස හැඳි 1/2
ලුණු රස අනුව
රම්පේ අඟලක පමණ කෑල්ලක්
තෙම්පරාදුවට :
කරපිංචා
රතුළූණු
අමුමිරිස් කරල් 4
කෑලි මිරිස් තේ හැඳි 1/2ක් පමණ
අඹරාගත් අබ ස්වල්පයක්
සූදුරු ස්වල්පයක්
සාදන ක්‍රමය :
01. කොස් මදුළු දිග අතට හීනියට කපා ගන්න
02. කොස් ඇට තලා පොත්ත ඉවත්කර ගන්න
03. ඇතිලියක් ගෙන අඩියට තලා ගත් කොස් ඇට දමා උඩින් කොස් මදුළු දමාගන්න
04. පසුව දියකිරි, තුනපහ, කහ කුඩු, උළුහාල්, රම්පේ එක්කර දිය කිරෙන් කොස් තමබාගන්න
05. කොස් බාගෙට තැම්බෙන විට ලුණු එක්කර ගන්න
06. කොස් හොඳින් තැම්බුන පසු මිටිකිරි එක්කර උතුරන්නට හැර ඒකට ළූණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, මිරිස්, අඹරාගත් අබ හා සූදුරු රත් වූ තෙලේ තෙම්පරාදු කර උඩින් දමා මිශ්‍ර කර ලිපෙන් බා ගන්න.