ඔයාගේ දියණියට හොඳ මවක් වෙන්නේ කොහොමද?

February 24, 2020
10,695
How to be a good mother to your daughter
ඔයා බිරිඳක් වගේම කාලයක් යනකොට මවක් වෙනවා. ඒ වගේම මව සහ දියණිය අතර ඇති වන බැඳීම සැබවින්ම සුවිශේෂීයි. ගැහැණු ළමයින්ගේ ජීවිත කාලය පුරාම අම්මාට ලැදියාවක් දක්වනවා. මව්වරුන් සහ දියණියන් අතර සමීප සම්බන්ධතාවයක් පැවතීම පවුලේ සතුට වැඩි කරන්නක්. ඉතින් අද හැඩකාරී අපි ඔයාගේ දියණියට ඵලදායී සහ ආදරණීය මවක් වීමට ඔයාට උපකාරී වන අදහස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

මවක් වුණාට පස්සේ දරුවන්ගේ වැඩත් කරන්න වෙන්නේ අම්මට තමයි. නමුත් ඔයාට දියණියක් ඉන්නවා නම් ඔයාගේ වැඩ තරමක් දුරට පහසු වෙනවා. ඒවගේම මවක් තම දියණිය ඉදිරියේ ක්‍රියා කරන ආකාරය බොහෝ දුරට ඔයාගේ දියණියගේ හැසිරීමට බලපානවා. ඔයා​ට ආඩම්බර විය හැකි ආකාරයට ඔ​යා​ගේ දියණිය​ව උස් මහත් කරන්න. දියණියට ආඩම්බර විය හැකි මවක් වෙන්නත් ඔබ හිතෙ තබාගන්න ඕනේ. දියණියගේ ජයග්‍රහණයන් ගැන සතුටු වන්න, දියණියගේ දක්ෂතාවයන් ගැන නිසි අවබෝධයක් ඇති​ව සහ ධනාත්මක​ව ඔයා​ගේ දියණියගේ අනාගත​ය සවිබල ගන්වන්න.

පුතෙකුට වඩා දියණියක්ගේ හැඟීම් හා ශාරීරික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට වැඩි වෙහෙසක් ගන්න වෙනවා. ඒ සඳහා යම් යම් සීමාවන් පණවන්නත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නිමාවක් නැතිව සීමාවන් ප​ණවද්දී දියණියන් මව්වරුන්ගෙන් ​ඈත් වෙන්න පටන් ගන්නවා. ​ඒ නිසා දියණිය සහ මවගේ සම්බන්​ධතාවය මිතුරන් සේ පවත්වා ගැනීම වැදගත්.

කාන්තාවන්​ට රූපලාවණ්‍ය කෙරෙහි ඇල්මක් තියෙන නිසා මව සහ දියණියට රූපලාවණ්‍යය ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා. අලංකාරය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇයව දැනුවත් කරන්න. තමන්ගේ පෞරුෂයට හානි නොවන ආකාරයට ඒ දේවල් වල සීමාවන් දැනගෙන කරන්න ඇයට උදවු වන්න.

ඔයාට හැකි සැම විටම දියණිය සමග කාලය ගත කර ඉන් නිසි ප්‍රයෝජනය ගන්න. ඇය මොන වගේද කියා තේරුම් ගන්න ඒ කාලය යොදාගන්​න. ඇයව සැලකිල්ලට ගෙන ඇයගේ රුචි අරුචිකම් ගැ​න විවෘතව කතා කරන්න. ඒ ගැන ඔබ දෙදෙනාගේ අදහස් හුවමාරු කරගන්න. ඔයාට දියණියගේ තීරණ වලට එකඟ වීමට අවශ්‍ය නැති නම් එයට අකමැති බව සහ එම තීරණයේ වාසි සහ අවාසි ගැන කියලා දෙන්න. තමන්ගේ ගෞරවය සහ ස්වාධීනත්වය වර්ධනය කර ගැනීමට ඇයට අවස්ථාව ලබා දෙන්න.

ගැහැනු ළමයින්ගේ කේන්තිය නවත්වන්න උත්සහ කරන්න එපා. එම හැඟීම් වලින් ලබන අත්දැකීම් වි​ඳ ගැනීමටත්, හැගීම් සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමටත් අවස්ථාව ලබා දෙන්න. ජීවිතයේ සතුටුදායක වගේම දුක්ඛදායක හැඟීම් එක්කත් සාර්ථකව ගනු දෙනු කරන්න ඉගෙනගන්නට ඇයට සහාය වන්න.

නව යොවුන් වියේ සිට මැද භාගය දක්වා ඇයගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට හැකි වන පරිදි විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලීමට ඇයව දිරිමත් කරන්න. සමහර ගැහැනු දරුවන්ට ඔවුන්ගේ ආශාවන්, දක්ෂතාවයන් සහ අරමුණු සොයා ගැනීමට අනෙක් අයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ගැහැනු ළමයින්ට කුරුල්ලෙකු ලෙස සිතන්න පුරුදු කරන්න. ගැහැනු ළමයෙක් ඇගේ ආශාවන් සහ අනාග​ත අරමුණු සොයාගත් පසු, ඇයගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කරන්න.

ඔයාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසයක් තබා ගන්න. ඔයාගේ සහජ බුද්ධිය මඟින් දියණිය දෙමව්පියන්ට කීකරුව හදා වඩා ගන්න. ගැහැනු ළමයින් තම මව්වරුන්ට ආදර්ශයට ගන්නවා. එ නිසා ඔයා සැමියාට හො​ඳ බිරිදක් වීමටද අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතයේ ස්ථාවර වීමට මවගේ චරිතය බෙහෙවින් ඉවහල් වෙන බව සිහියේ තබාගෙන කටයුතු කරන්​න .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,833
   49

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,015
   33

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,630
   28

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,029
   20

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed