උපන් ලපේ තියෙන තැන අනුව ඔබේ ජීවිතය ගැන දැනගන්න

March 26, 2017
40,527
Birthmark Meanings 2
අපේ ඇඟේ එක එක තැන් වල උපන් ලප තියෙනවනේ. සමහර උපන් ලප වලින් අමුතුම ලස්සනකුත් අපිට එක් කරනවා. උපන් ලප තියෙන තැන් අනුව එක එක කතා තියෙනවනේ. මේ දේවල් විශ්වාස කරනවා වගේම නොකර ඉන්නත් ඔබට පුළුවන්. හැබැයි, අපි හිතුවා ඒ ගැන යම් දැනුවත් කිරීමක් කලොත් හොඳයි කියලා.

1. උපන් ලපේ තියෙන්නේ නළලේ කෙලවර නම්

මෙහෙම නළලේ කෙලවර උපන් ලප තියෙන කට්ටියට ගොඩාක් සංචාරය කරන්න උපතින්ම වාසනාව තියෙනවා. පිටරටක රස්සාව කරන්න හෝ විනෝදයට සංචාරය කරන්න වැඩි අවස්ථා මේ වගේ අයට හිමි වෙනවා.

2. ඇහි බැම දෙක මැද්දේ පිහිටන උපන් ලප

ඇහි බැම දෙක මැද්දේ හරියට මොට්ටුවක් වගේ තියෙන උපන් ලපයෙන් කියවෙන්නේ ඔබ මොන විදිහේ රස්සාවක් කලත්, ඒකෙ උපරිම ඉහලට යන්න වාසනා ශක්තිය තියෙනවා කියන එකයි. ඒ වගේම තමන් කැමතිම වෘතියක නියැලෙන්නත් මොවුන් වාසනාවන්තයි.

3. ඇසත් ඇහි බැමත් අතර පිහිටා ඇති උපන් ලපය

මේ විදිහට උපන් ලප තියෙන කට්ටිය කොහේ ගියත් ඉක්මනින්ම ඒ තැනට, ඒ විදිහට හැඩගැහෙන්න දන්නවා. ඒ වගේම කව්රුත් කැමති වෙන විදිහේ නායකත්ව ලක්ෂනත් මොවුන් සතුව පවතිනවා.

4. තොල උඩින් පිහිටන උපන් ලපය

තොල උඩ දක්නට ලැබෙන උපන් ලපයෙන් යකියවෙන්නේ ගොඩාක් ආකර්ශනීයයි කියලයි. තමන්ගේ යාළුවො අතරේ මේ අය ගොඩාක් ජනප්‍රියයි. ඒ වගේම හැම දේකම උපරිම හොඳ තත්වයක් මේ අය බලාපොරොත්තු වෙනවා.

5. කම්මුල් මත ඇති උපන් ලපය

කම්මුල් මත තියෙන උපන් ලපයෙන් කියවෙන්නේ ඔවුන් ඉතාමත්ම දක්ෂ නායකයෝ කියලයි. කාට වුනත් ආදර්ශයට ගන්න පුළුවන් ජිවිත තමයි මේ අය ගත කරන්නේ.

6. අත්ලේ උපන් ලප

යම් කෙනෙක් ගේ අත්ලේ උපන් ලප පිහිටලා තියෙනවා නම් එකෙන් කියවෙන්නේ ඔවුන් ඉතාමත්ම ස්ථාවර ගති පැවතුම් ඇති අය කියලයි. භෞතික දේවල් වෙනුවෙන් මේ අය කරදර වෙනවා හරිම අඩුයි.

7. යටි පතුලේ උපන් ලප

යටි පතුලේ උපන් ලප පිහිටලා තියෙනවා කියන්නේ ඔබ ගොඩාක් විනෝදයට බර කෙනෙක් කියලයි. ලස්සන ලස්සන සිංදු අහන්න, සංචාරය කරන්න, අලුත් කෑම ජාති කන්න, හැම වෙලේම අලුත් දෙයක් කරලා එකෙන් සතුට ලබන්න මේ අය හරිම දක්ෂයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 150 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:44:51 AM
Script:/article/150/birthmark-meanings-2.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:44:51 AM
Script:/article/150/birthmark-meanings-2.html