බාහිර සත්කාර කරන අතරේ තරුණ පෙනුම ආරක්ෂා කරන වටිනාම ආහාර

April 30, 2018
6,734
Food that keeps your skin young








තරුණ බව ආරක්ෂා වෙනවා නම්, තව තවත් සුන්දර වෙනවා නම් ඒකට කාන්තාවන් හරිම කැමතියි. ඒ වගේම ඒ වෙනුවෙන් ගොඩාක් දෙනෙක් මහන්සිත් වෙනවා. බාහිරින් කරන සත්කාර වලට අමතරව ශරීර අභ්‍යන්තරයට ලබා දෙන පෝෂණය මඟින් ඔබේ සුන්දරත්වය දිගු කාලයක් පවත්වා ගන්න ඔබට පුළුවන්. ඒ නිසා තමයි අපි නිතරම ඔබට පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමේ වැදගත්කම මතක් කරන්නේ. සමට අවශ්‍ය බාහිර සත්කාර කරන ගමන් තරුණ පෙනුම ආරක්ෂා කරන මේ ආහාරත් අමතක නොකර පරිභෝජනයට එක් කර ගන්න.

1. බීටා කැරොටීන් සහ විටමින් C අඩංගු ආහාර

කොළ පාට සහ කහ පාට එළවලු වර්ග වල බීටා කැරොටීන් සහ විටමින් C බහුලව අඩංගු වෙනවා. ඒ මඟින් සම මත ඇති වන විවිධ ගැටලුකාරී තත්ත්වය අවම කරනවා. විශේෂයෙන් සමේ ඇති වන රැලි වැටීම්, අවපැහැ වීම් අවම කරන්න මේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වලට පුළුවන්. කැරට්, බතල, සලාද කොළ, පලතුරු වර්ග ඒ අතරින් විශේෂයි.

2. චොකලට්

චොකලට් නම් ඉතින් කන්න අකමැති කෙනෙක් නැති තරම්. චොකලට් කියන්නේ ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු ආහාරයක්. එහි ඇති කොකෝවා යහ ගුණය සම සම්බන්ධයෙන් ඇති වන බොහෝ ගැටළු අවම කරනවා. සම නිරෝගී කරමින්, සමේ සිනිඳු බව ආරක්ෂා කරනවා. සම පැහැපත් කරනවා. හැබැයි ඉතින් ගොඩාක්ම ගුණ ඩාර්ක් චොකලට්.

3. අලිගැටපෙර

අලිගැටපෙර වලට සම පැහැපත් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් අහිතකර හිරු කිරණ නිසා හානි වූ සම සුවපත් කරන්න, සමේ වියළි බව නැති කරන්න, නම්‍යශීලි බව ආරක්ෂා කරන්න අලිගැටපේර වලට පුළුවන්. ඒ වගේම එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ඔබේ ශරීරයටත් හිතකරයි.

4. ඖෂධිය පානයන්

රණවරා, ඉරමුසු, කොළ කැඳ, සුප් වර්ග ඇතුළු ඖෂධිය පානයන් කිසිම වෙලාවක මඟ හරින්න එපා. ඔබේ සම ආරක්ෂා කර ගන්න, තරුණ බව රැක ගන්න හා ඔබේ නිරෝගී බාවයට ඒවායෙන් ලැබෙන පෝෂණය සුළුවෙන් තකන්න එපා.

5. කුඩා කටු සහිත මාළු

කුඩා කටු සහිත මාළු වර්ග වල අඩංගු ඔමේගා 3 සමට ඉතාමත් යෝග්‍යයි. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්න ඔමේගා 3 කියන්නේ හොඳම විසඳුමක්. ඒ නිසා කුඩා කටු සහිත මාළු වර්ගත් ආහාරයට ගනීම ඉතාමත් වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 794 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:52 PM
Script:/article/794/food-that-keeps-your-skin-young.html
Referer:https://priceline.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:52 PM
Script:/article/794/food-that-keeps-your-skin-young.html
Referer:https://priceline.com/