පිරිමි හැමෝම මෙහෙම තමයි - II කොටස

May 3, 2017
20,539
All men are same - part 2
පිරිමි එක්ක සතුටින් ජීවත් වෙන්න අනුගමනය කරන්න ඕනේ පියවර කිහිපය ගැන අපි ටික දවසකට කලින් කතා කළා ඔබට මතක ඇතිනේ. කොහොමද ඒ අදහස්? ඔබට ගැලපුනාද? හොඳයි කියලා හිතුනද? ඔන්න අදත් පිරිමින් සහ කාන්තාවන් එකිනෙකාව හොඳින් තේරුම් අරගෙන සතුටින් එකට ජිවත් වීමේ රහස් කිහිපයක් ඔබට කියලා දෙනවා.

01. ඔහු ආසා කරන හැම දේකටම වගේ ඔබත් ආසා වෙනවා දකින්න ඔහු හරිම කැමතියි. ඒ නිසා, ඔබ කැමති වුනත්, නැති වුනත් ඔහුගේ තෝරා ගැනීම්, ආසාවන් අගය කරන්න පුරුදු වෙන්න.

02. කවමදාකවත් ඔහුට බොරු කරන්න යන්න එපා. ඔබ නොකියන්නේ මොකක්ද?හංගන්න හදන්නේ මොකක් ගැනද කියලා ඔහුට හරි හැටි අවබෝධයක් නැති වුනාට ඔබ කරන්නේ බොරුවක් කියලා ඔහුට හොඳටම තේරෙනවා.

03. ගමනයක් යන්න ලෑස්ති වෙන වෙලාවක, ඔබට ගැලපෙන ඇඳුම, ඔබම තෝරාගන්න. ඔබට ගැලපෙන ඇඳුම මොකක්ද කියලා අහ අහ හිටියොත්, ඔබට පිස්සු හැදේවි.

04. කිසිම දෙයක් ඔහු ලවා බලෙන් කර ගන්න යන්න එපා. මොකද පිරිමියෙක් දෙයක් කරන්නේ, ඔහුට ඇත්තටම එහෙම කරන්න උවමනා වුනහම විතරයි.

05. පිට මිනිසුන් ඉස්සරහා කවමදාකවත් ඔහුව විවේචනය කරන්න යන්න එපා. හැම වෙලාවකදීම ඔහුගේ පැත්තට කතා කරන්න. හැමෝම ඉස්සරහා ඔබ ඔහුට විරුද්ධව ගියෝතින් එකට නම් කවමදාකවත් ඔබට සමාවක් නැති වේවි.

06. ඔබේ කොණ්ඩය දිගට වවල තියෙනවට ඔහු ප්‍රිය කරනවා. එක නිසා ගොඩක් කොටට කොණ්ඩය කපන්න එපා.

07. පාටි එකකට ගිය වෙලාවක ඔහු ගාවින්ම ඔබ ඉන්නවට ඔහු ගොඩක් ප්‍රියයි.

08. ඔහුට ලස්සන යාලුවෝ ඉන්නවනම්, එහෙම අයට අවධානය දෙන්න එපා. එතකොට ඔහු ඔබ ගැන වැරදියට හිතලා, ඔබව සැක කරන්න පටන් ගනීවි.

09. ඔහු ඔබේ විශ්වාසය කඩ කරලා, ඔබෙන් සමාව අරගෙන, ආයෙමත් කවමදාකවත් ඒ වැරැද්ද ඔහු කරන්නේ නෑ, ඔබට ද්‍රෝහී වෙන්නේ නෑ කියලා ඔබට පොරොන්දු වුනාට , ආයෙමත් ඒ වැරැද්ද ඔහු කරනවා.

10. කොහොම වුනත් මේ ලෝකේ ඉන්න ලස්සනම, සුන්දරම ආදරවන්තයා ඔහුයි. ඔබ එහෙම හිතනවට ඔහු බොහොම කැමැතියි.

පිරිමි මහා අමුතු සත්ව කොට්ටාසයක් කියලා කියන්නේ නිකන්ද නේද?

පිරිමි හැමෝම මෙහෙම තමයි - I කොටස

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,780
   28

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed