ඔබ ස්වාභාවික තෙල් වර්ග පාවිච්චි කරන්න ඕනේ ඇයි?

January 2, 2020
10,417
Why you should use natural oils?
හිසකෙස් ශක්තිමත් වීමට, සම මොයිස්චරයිසින් කිරීමට, කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට සහ නියපොතු ශක්තිමත් කිරීම සඳහා විකල්ප ලෙස වටිනා කියන ස්වාභාවික තෙල් වර්ග අද කාලේ ගොඩක් අය යොදා ගන්නවා. ඒ නිසා අද අපි ඔබට තොරතුරු ගෙන එන මේ තෙල් වර්ග කීපය ඔබේ රූපලාවණ්‍ය ගැටළු සඳහා බොහෝ වැදගත් වෙයි.

1. ටී ඔයිල් 
ඔබේ සමේ සිදුරු තුළ බැක්ටීරියා සිරවී ඇති විට ආසාදනයන් ඇති වෙන්න පුළුවන්. පර්යේෂණවලින් පෙනී යන්නේ තේ ගසේ තෙල් එම බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වන බවයි. අත්හදා බැලීම් වලදී සොයාගෙන ඇත්තේ කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමේදී සහ සමේ දැවිල්ල සමනය කිරීමේදී එය බොහෝ ඵලදායී වන බවයි.

2. ආගන් ඔයිල්
සමහර විට “දියර රත්තරන්” ලෙස හඳුන්වන ආගන් තෙල් පොලිෆෙනෝල් ලෙස හඳුන්වන ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් වයසට යාමේ බලපෑම් වලට එරෙහිව සටන් කළ හැකියි. චර්ම රෝග විශේෂඥයින් පවසන්නේ එහි ඔමේගා -3 මේද අම්ල මඟින් සමේ කොලජන් වර්ධනය කිරීම සහ ඔබේ සම පැහැපත් කිරීම කරන බවයි. ඔබට වියළි, තෙල් සහිත හෝ සාමාන්‍ය සමක් තිබ්බත් එය ගැටළුවක් නොවේ. හිසකෙස් වලටත් ගුණයි.

3. පොල් තෙල්
වියළි, ඉරිතලා ඇති සමක් ආසාදනය වීම් වලට, දැවිල්ල හා අසාත්මිකතා ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා. පොල්තෙල් මඟින් සම ආරක්ෂා කර මොයිස්චරයිස් කරන අතර සමේ හටගන්නා දද නිසා හටගන්නා රළු පැල්ලම් ද ඉවත් කරයි.

4. ඔලිව් සහ අලිගැට පේර තෙල්
ඔබට මෘදු හෝ අස්ථාවර නියපොතු තිබේද? ඊට ගත හැකි සරල, ස්වාභාවික විසඳුමක් ලෙස ඇඳට යාමට පෙර ඔලිව් හෝ අලිගැට පේර තෙල් ස්වල්පයක් ගල්වන්න. එක රැයකින් ඔබේ නියපොතු හොඳ මේද අම්ල වලින් පෝෂණය වෙයි. මේ සඳහා ඔබට වෙනත් තෙල් වර්ග ද භාවිතා කළ හැකියි.

5. රෝස්මරී තෙල්
ඔබට පෝනිටේල් දමන එක ප්‍රශ්ණයක්ද? ඔබේ හිස්කබල පෙරට වඩා වැඩියෙන් පෙනෙනවාද? ඒ සඳහා රොස්මරි තෙල් ඔබට ඝන, දිලිසෙන කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ. තවද එය හිස් කබලේ කැසීම් වලටත් හොඳ ප්‍රතිකාරයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1501 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:03:33 PM
Script:/article/1501/why-you-should-use-natural-oils.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:03:34 PM
Script:/article/1501/why-you-should-use-natural-oils.html