කොහොඹ කොළ වලින් ලස්සන වෙන රහස

May 10, 2018
40,296
Beauty secrets with neem
කොහොඹ කියන්නේ අතීතයේ ඉඳලම අපේ ආයුර්වේද වෙදකමට නැතුවම බැරි ඖෂධයක්. විෂබීජ නාශකයක්. ගමේ නම් ඉතින් කොහොඹ පැළයක් නැති ගෙදරක් හොයාගන්න බැරි තරම්. ඒ තරමට කොහොඹ කියන දේ අපිට ප්‍රයෝජනවත්. කොහොඹ වලින් බොහොමයක් ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න පුළුවන් වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නත් භාවිතා කරන්න පුලුවන්. බලන්නකෝ මේ දේවල් ගැන මීට කලින් දැනගෙන හිටියද කියලා.

කුරුලෑ නැති කරන්න කොහොඹ වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්

ප්‍රතිබැක්ටීරියා කාරක, ප්‍රතිදිලීර ගුණය කොහොඹ වලට තියෙනවා. ඒ නිසා සම පිරිසුදු කරන්නත් සෞඛ්‍ය සම්පන්නව තබන්නත් කොහොඹ වලට පුළුවන්. කොහොඹ කොළ ටිකක් උණු වතුරට එකතු කරලා විනාඩි දෙක තුනක් තියලා පස්සේ ඒ කොළ අඹරලා පේස්ට් එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි විස්සක් තිහක් තියෙද්දි ඒක වියලෙනවා. ඊට පස්සේ මද උණුසුම් වතුරින් සෝදලා ඉවත් කරන්න. දවස් දෙක තුනක් වත් කරනවා නම් වඩා හොඳයි.

පැහැපත් වෙන්න ක්‍රීම් වර්ග අවශ්‍යම නැහැ

කුණු දූවිලි සහ නුසුදුසු ආලේපන වර්ග නිසා සමේ සුදුසු බව සැඟවිලා ගිහින් තියෙන අයට කොහොඹ හොඳ විසඳුමක්. කොහොඹ කොළ ටිකක් කලින් කියූ විදියට පේස්ට් එකක් විදියට හදාගෙන ඒකට කහ හැන්දකුත් එකතු කරන්න. හැබැයි කඩේ තියන කහ නං නෙමේයි. ගෙදරදිම හදාගන්න අත් වෙන්නත් ඕනේ. ඊට පස්සෙ ඒකටම තව මී පැණි බින්දු දෙක තුනකුත් එකතු කරලා මුහුණේ ආලේප කරන්න විනාඩි විස්සක් විතර තියෙන්න දීලා ඊට පස්සේ හිමිහිට සම්භාහනය කරන්න. මතක තියාගන්න සම්භාහනය කරන්න ඕනේ උඩු අතට. එහෙම නැත්නම් සම එල්ලා වැටෙන්න පුළුවන්.

කොහොඹ වලින් කලු ලප ඉවත් කරගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?

කලු ලප කියන්නෙත් අපේ ගොඩක් තරුණ තරුණයන්ට ඉන්න කරදර කාරයෙක්. මේකට හොඳම විසඳුම තමයි කොහොඹ තෙල් බින්දු දෙක තුනක් වතුර බින්දු දෙක තුනක් එක්ක එකතු කරලා ලප කැළැල් ඇති ස්ථානවල ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා සෝදා ඉවත් කරන එක. දිගටම මේ සත්කාරය කරන්න පුළුවන් නම් ලප ඇති වෙන එකත් නවත්තන්න පුළුවන්.

කොහොඹ වලින් ආසාදන, දද කුෂ්ඨ වලට සාර්ථක ප්‍රතිකාර

පොඩි කාලේදී කකුල් වල තුවාල හැදුනම කොහොඹ කොළ තම්බපු වතුරෙන් කකුල් හේදුවා මතකද දන්නේ නෑ. විවිධ ආසාදන නිසා සම මත ඇති වන දද කුෂ්ට වලට ප්‍රතිකාර කරන්න කොහොඹ නැතුවම බෑ. වතුර කෝප්ප දෙක තුනකට කොහොඹ කොළ ටිකක් දාලා හොඳින් උතුරවාගෙන ඒ වතුරෙන් දද, තුවාල සෝදන්න. සතියක් විතර යද්දී සුව වෙන හැටි බලන්නකෝ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 808 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:54:54 PM
Script:/article/808/beauty-secrets-with-neem.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:54:54 PM
Script:/article/808/beauty-secrets-with-neem.html