අල පූරි

April 7, 2020
20,380
Potato poori
මේ දවස් වල එකම කෑම කාල එපා වෙලා නම් ලේසියෙන් හදන්න පුලුවන් ඉන්දියානු කෑමක් වන අල පූරි ටිකක් හැදුවොත් මොකද? අල පූරි හදන්න හරිම ලේසියි. ඒ වගේම ගෙදර තියෙන කලමනා වලින් හදාගන්නත් පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (12ක් සෑදීමට ) :

හොඳින් තම්බාගත් අල ගෙඩි 2
ආටා පිටි කෝප්ප 1
සූදුරු ඇට තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
ගරම් මසාලා තේ හැඳි 1/2
සිහින්ව තලා ගත් උලුහාල් තේ හැඳි 1
ලුණු රස පදමට
වතුර අවශ්‍ය පමණට (කෝප්ප 1/3ක් වගේ උවමනා වෙනවා)
තෙල් තේ හැඳි 1
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ (අවශ්‍ය නම් පමණක්)

සාදන ආකාරය :

01. අල ටික හොඳින් පොඩි කරගන්න.

02. එයට කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු, ගරම් මසාලා, ලුණු, උළුහාල්, කොත්තමල්ලි කොල සහ ආටා පිටි ටික එකතු කරන්න. එයට තෙල් තේ හැන්දත් එකතු කරන්න.

03. හොඳින් මිශ්‍ර කරන්න.

04. මෙයට වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට පිටි ගුලියක් සාදාගන්න.

05. දැන් එයින් පොඩි පොඩි බෝල සාදා පපඩම් වගේ තුනී කරගන්න.

06. රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.

07. අල තෙමපරාදුවක් හෝ ඕනෑම හොද්දක් එක්ක ආහාරයට ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1536 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:56:57 AM
Script:/article/1536/potato-poori.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:56:58 AM
Script:/article/1536/potato-poori.html