පීට්සා කියන්නෙ ඉතින් අපි කවුරුත් කන්න කැමති කෑමක් නේ. මේ පොඩි පීට්සා හවසකට කන්න වගේම කෑම පෙට්ටියට දාන්න නම් කියාපු ස්නැක් එකක්. හදන්න හරිම ලේසියි, වියදමත් අඩුයි. කඩෙන් මිනි පීට්සා අරන් දෙන වෙලේ පීට්සා රොටි මිශ්‍රනය හදලා අධිශීතකරණයේ දාලා තිබ්බම උදේකට ලේසියෙන් ටොපින් එකක් දාලා අවන් එකේ හරි පෑන් එකක හරි පුලුස්ස්ලා ගන්න විතරයි තියෙන්නේ.
පිට්සා රොටී මිශ්‍රණය සඳහා ;
පාන් පිටි - 250g
යිස්ට් තේ හැඳි -1
සිනි තේ හැඳි -1
ලුණු තේ හැඳි -1
ඔලිව් තෙල් මේස හැඳි -2
බිත්තර -1
මද උණුසුම් වතුර පදමට
සාදන ක්‍රමය :
01. වතුර හැර අනෙකුත් සියළුම ද්‍රව්‍ය හොදින් මිශ්‍රකර වතුර ටික ටික දමා මිශ්‍රණය මෘදු වෙන තෙක් අනා ගෙන කුඩා බෝල සාදාගන්න.
චිකන් ඩෙවල් සඳහා ;
තම්බා ගත චිකන් - 100g
සුදුළුණු තේ හැඳි 1
කපා ගත් රතු ළුණු ගෙඩි -1
කපා ගත් තක්කාලි -1
කපා ගත් මාළු මිරිස් කරල් -1
තෙල් මේස හැඳි -3
ගම්මිරිස් තේ හැඳි -1
මිරිස් කුඩු තේ හැඳි -1
ලුණු තේ හැඳි -1
සොයා සෝස් තේ හැඳි -1
තක්කාලි සෝස් මේස හැඳි -2
සාදන ක්‍රමය :
01. පැන් එකට තෙල් දමා කුකුල් මස් බැද ගන්න.
02. තක්කාලි සෝස් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා විනාඩි 5ක් මද ගින්දරේ තෙම්පරාදු කර ගන්න.
03. ලිපෙන් බාගත් විගස තක්කාලි සෝස් එකතු කර ගන්න.
පීට්සා එක හදමු :
උදුන සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට රත් වෙන්න හරින්න (ප්‍රී හීට් කරන්න).
අවශ්‍ය ද්‍රව්‍ය :
සාදාගත් පීට්සා රොටී බෝල
සාදාගත් චිකන් ඩෙවල් මිශ්‍රනය
ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් හෝ චෙඩර් චීස් (තමන්ගේ රුචිකත්වය අනුව)
01. පීට්සා රොටී කුඩා බෝල, තරමකට තුනී කර ගෙන තෙල් තවරා ගත් තැටියේ අතුරා ගන්න. කැමති නම් තක්කාලි සෝස් රොටිය මත තවරා ගන්න.
02. ඒ මතට සදා ගත් චිකන් ඩෙවල් සහ එයට උඩින් චීස්ද අතුරා ගන්න.
03. රත් කර ගත් උදුනේ සෙල්සියස් අංශක 200 උෂ්ණත්වය යටතේ විනාඩි 25ක් බේක් කර ගන්න.