සමේ වර්ණයන්ට ගැළපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි

May 15, 2020
7,157
How to pick cloths for your skin tone
ඇඳුම් තෝරා ගන්න කොට ගොඩක් වෙලාවට ඔයා කැමති පාට වලින්ම තමයි වැඩිපුර ඇඳුම් ගන්නේ. අල්මාරිය ඇරලා බැලුවොත් ඒක හො​ඳටම පැහැදිලි වෙනවා. හැමදාම අඳින පාටට වඩා ටිකක් වෙනස් පාටකින් ඇඳුම් තෝරා ගෙන බලමුද? ඒකට කරන්න තියෙන්නේ සමේ පැහැය සමග හොඳින් ගැළපෙන වර්ණයකින් ඇඳුමක් තෝරා ගන්න එකයි. අද හැඩකාරී අපි ඔයාට සමේ වර්ණයන්ට ගැළපෙන විදිහට ඇඳුම් වර්​ණ තෝරා ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියලා දෙනවා.

සමේ පැහැය මත පදනම්ව ඔයාට වඩාත්ම ගැලපෙන වර්ණ මොනවාදැයි හඳුනා ගැනීමට ස​හ ඇඳුමක් ඔන්ලයින් ඕඩර් කරන්න කලින්, සාප්පු සවාරි සැරිසැරීමට කලින් මතක තබා ගැනීම​ට මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න.

ලා පැහැති සමක් ඇති යුවතියන් සඳහා 

ඔයාට ලා පැහැ සමක් ඇත්නම්, තද පැහැති ඇඳුම් තෝරාගන්න: මෙරූන්, තද කොළ සහ දම් වැනි වර්ණයන් තෝරා ගන්න. එමගින් ඔයාගේ සුන්දරත්ව​ය උද්දීපනය කර මුහුණට දීප්තියක් එකතු කරනවා. ඔයාගේ සම ලා පැහැයක් ගන්නේ නම් පැස්ටල් සහ සැහැල්ලු උදාසීන වර්ණයකින් අඳින්න එපා. එවන්  වර්ණ ඔයාගේ සම සමග නොගැලපෙන අතර කළු සහ සුදු වර්ණයනුත් එතරම්ම සමට ආකර්ෂණයක් ගෙන දෙන්නේ නැහැ.





මධ්‍යස්​ථ සමක් ඇති යුවතියන් සඳහා

මධ්‍යස්​ථ සමක් සඳහා, තැඹිලි සහ කහ වැනි උණුසුම් පාට වලින් යුත් ඇඳුම් ඇඳීම හොඳ අදහසක්. ඔයා උණුසුම් වර්ණ, සිසිල් වර්ණ එනම් කොල, නිල්, දම් වැනි වර්ණ සමග මිශ්‍ර කර ඇඳීමට තීරණය කරන්නේ නම්, උණුසුම් වර්ණයන් කැපී පෙනෙන විදිහට අඳින්න. නැති නම් නිල් පැහැය හෝ දම් පැහැයෙන් යුත් ගැඹුරු මැජෙන්ටා වර්ණයෙන් සරසෙන්න. 




 
අඳුරු පැහැ සමක් ඇති යුවතියන් සඳහා 

කළු, සුදු, සිසිල්, උණුසුම් යන වර්ණයන් ඔයාට හො​ඳට ගැලපෙනවා. ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය මගින් පෞරුෂය වර්ධනය කර ගන්න පුළුවන්. තද පැහැ සමක් ඇති කාන්තාවන් දුඹුරු පැහැයෙන් ඈත්ව සිටිනවා නම් හො​ඳයි.



Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1595 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:11:39 PM
Script:/article/1595/how-to-pick-cloths-for-your-skin-tone.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:11:40 PM
Script:/article/1595/how-to-pick-cloths-for-your-skin-tone.html