කරීනා කපූර් සහ අනුෂ්කා ෂර්මා වගේ ප්‍රෙග්නන්ට් කාලෙත් ලස්සනට ඉන්නෙ කොහොමද?

October 14, 2020
10,753
How to keep pregnancy glow like kareena and anushka?
ගර්භණීභාවය ආරම්භ වුණාට පස්සේ දරුවෙක් බිහි කරන්න සූදානමින් ඉන්න මවක් තුළ වෙනස්කම් කිහිපයක් ඇති වෙනවා. ඒක ඇයගේ පෙනුම හෝ හැඟීම අනුව වෙනස් වෙන්න පුලුවන්. ඔබත් ඔබගේ පුංචි දරුවා ඉක්මනින් පැමිණෙනකල් බලන් ඉන්න අම්මා කෙනෙක් නම්, ඔබ හැම වෙලාවේම ඔබේ දරුවා සහ ඔබව නිරෝගීව හා සතුටින් තබා ගැනීමට ඔබට පුලුවන් සෑම දෙයක්ම කරනවා ඇහි. එහෙනම් මේ ලිපිය කියෙව්වාට පස්සේ ඔබට පුලුවන් තවත් පියවරක් ඉදිරියට යන්න. බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තාරකාවන් දෙපළක් වන කරීනා කපූර් ඛාන් සහ අනුෂ්කා ෂර්මා වගේ ලස්සනට ඉන්න එක පොඩි පියවරක් ඉදිරියෙන් තියමු. ඒ වගේ ඔයාගෙත් ප්‍රෙග්නන්සි ග්ලෝ එක ලබා ගන්නේ කොහොමද කියලා අපි අද කියන්නම්! එහෙනම් ඔබ ක්‍රියාවට නැංවිය යුතු උපදෙස් කිහිපයක් මෙන්න...

නිවැරදිව කන්න

ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඔබට නිසි පෝෂණය ලැබෙනවාද කියලා වග බලා ගන්න. මතක තබා ගන්න... ඔබ දෙදෙනෙකුට හරි යන්න කන්න අවශ්‍ය නෑ. නමුත් ඔබට අවශ්‍ය වෙලාවට කන්න කැමති කෑම කන්න. විශේෂයෙන්ම නියමිත ප්‍රමාණයට වතුර බොන්න!

රූපලාවණ්‍ය ඛේදවාචකය

ඔබේ ගර්භණී කාලයේදීත් සමේ රැකවරණය කලින් වගේම තබා ගත්තාට කමක් නැ. නමුත් රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන කපා හරින්න. ඔබේ සමේ පෙනුම හෝ තත්තවය වෙනස් වෙන බවක් ඔබට දැනෙනවා නම් අදාළ නිෂ්පාදනය හෝ ඔබේ රූපලාවන්‍ය ක්‍රියා පිළිවෙත මාරු කරන්න. ස්ට්‍රෙච් මාර්ක්ස් වළක්වා ගන්නට දරුවා හම්බ වෙනකල්ම ඉන්න ඕනේ නෑ. ඔබේ සම හොඳින් තෙතමනයෙන් යුතුව පවත්වා ගන්න හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් හෝ ලෝශන් වර්ගයක් භාවිතා කරන්න.

නැවුම් වාතය සහ සැහැල්ලු ව්‍යායාම

ඔබේ ගෙමිදුලේ කෙටි ඇවිදීමක් කරන එකෙන් හෝ ඔබේ බැල්කනියේ ඉඳන් සරල ව්‍යායාම ටිකක් කිරීමෙන් ඔබේ ගර්භණී සෞඛ්‍යය වෙනුවෙන් පුදුම හිතෙන දේවල් කරන්න පුලුවන්. නමුත් වේගවත් ඇවිදීමක් කරන්න එපා. පිහිනීම, අඩු බලපෑමක් සහිත ඇරොබික්ස් ව්‍යායාම කියන්නේ ගැබ් ගැනීම සඳහා ආරක්ෂිත ව්‍යායාම විදිහට හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන්ම මේ දේවල් වගේම අළුත් හෝ ඔබට නුහුරු දේවල් කරන්න කලින් ඒක ඔබේ ගර්භණීබවට සුදුසු ද කියලා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න අමතක කරන්න එපා.

ටිකක් සැහැල්ලුවෙන් විවේක ගන්න

ඔබ ආදරය කරන දේවල් කිරීම වෙනුවෙන් ඔබේ කාලය ගත කරමින් මෙම සුන්දර මාස වලින් උපරිම ප්‍රයෝජන ගන්න. කියවීම, නිර්මාණශීලී දෙයක් කිරීම, සංගීතයට සවන් දීම, භාවනා කිරීම හෝ ඔබ සතුටු වන දේවල් ගැන සිතීම හරහා කාලය සතුටින් ගෙවන්න. ප්‍රමාණවත් හා ගුණාත්මක නින්දක් ලබා ගන්න! ආදරණීයයන් සමඟ කාලය ගත කිරීම ද නිසැකවම ඔබ වෙතට ප්‍රීතිමත් හෝමෝන ගලා එන ක්‍රමයක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1873 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:45:58 AM
Script:/article/1873/how-to-keep-pregnancy-glow-like-kareena-and-anushka.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:45:58 AM
Script:/article/1873/how-to-keep-pregnancy-glow-like-kareena-and-anushka.html