ඔයාගේ සම්බන්ධතාවයට තිත තියන්න මේ හේතු බලපෑවද?

May 18, 2020
7,953
Reasons to end the relationship
හොඳ සන්නිවේදනයක් කියන්නේ සම්බන්ධතාවයකදී වර්ධනය විය යුතු එක් ප්‍රධාන සාධකයක්. ආදරේදී ඵලදායී සංවාදවලට ඉඩ සලසන සවන් දීමේ හා කථා කිරීමේ නිරෝගී හුවමාරුවක් දෙදෙනා අතරම තියෙන්න ඕනේ. ඔයා සහකරු සමඟ ඕනෑවට වඩා වාද විවාද කරන්නේ නම්, ඔයාලා දෙදෙනා අතර ඵලදායී ලෙස තොරතුරු හුවමාරු වෙනවද කියලා හොයලා බැලුවද? අද හැඩකාරී අපි ඔයාට සම්බන්ධතාවයට තිත තියන්න බලපාන හේතු කිහිපයක් ගැන තමයි කියන්න හිතුවේ.

1. එකම දේ කිය කිය කෑ නොගසන්​න

බොහෝ විට පුද්ගලයෙකුට යම් දෙයක් ගැන තදින්ම දැනෙන විට ඔවුන් හැඟීම් වලට යටත් වෙනවා. එකම කරුණක් දිගේ එකදිගට කෑ ගසා රණ්ඩු වෙනවා නම් සම්බන්ධතාවය නතර වෙන්න ඉඩ කඩ තියෙනවා. ඔයා පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතන්න පුරුදු වෙන්න. ප්‍රශ්නයක් ඇති වුණාම සාකච්ඡා මාර්ගයෙන් විස​ඳගන්න බලන්න. කෑ ගසා ශබ්ද කරමින් අනෙකාගේ මතය යටපත් කරන්නට උත්සාහ කරන්න එපා!

2. කෙලින් වැඩ කරන්​න

සැබෑ ආදරයකදී හැඟීම් දැනීම් ආදිය සමග එකිනෙකා එක්​ක ගනුදෙනු කරන්න වෙනවා. ඔයාට සැබවින්ම දැනෙන දේ වසං නොකර කතා කරන්න. ඔයා උපහාසාත්මක/අපහාසාත්ම​ක ලෙස කථා කිරීම මගින් ඔයාගේ සහකරුට හිත් රිදීම් ඇති වෙනවා. ඔහුට පැවසීමට තියෙන දේ වහෙන් ​ඔරෝ කිව්වොත් ඔහුට එය තේරුම් ගැනීමට අපහසු වෙනවා. එමඟින් සම්බන්ධතාව​ය ඉතා අවදානමට ලක්විය හැකියි. විවෘතව අදහස් ප්‍රකාශ කිරීමෙන් දෙදෙනාට දෙදෙනා තේරුම් ගන්න පුළුවන්. මෙම සන්නිවේදනය මගින් දෙදෙනාගේ පරතරය අඩු කළ හැකි අතර බැඳීම් ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. 

3. අනෙකාව දැඩි ලෙස විනිශ්චය කිරී​ම

මිනිසුන් එකිනෙකාට වෙනස් බව පිළි ගන්න. දෙදෙනෙකු සමාන නොවන බව අවබෝධ කර ගන්​න. තමන් හරි යැයි සිතන දේ තමන්ගේ සහකරුවාත් ඒ ලෙසින්ම පිළි නොගන්න පුළුවන්. ඒ අනුව ඔහු වැරදියි, අනුවණයි කියා ස්ථිර තීරණවලට එළඹෙන්න යන්න එපා. සහකරු වැරදි යැයි ඔප්පු කරන්නට තර්ක කරමින් රණ්ඩු සරුවල් කරන්න යන්නත් එපා. ඒ වෙනුවට සුහදව සාකච්ඡා කොට කරුණු තේරුම් බේරුම් කරගන්න.

4. සමාව ඉල්ලන්න

ඔයාගේ අතින් වන වැරදි වලට සමාව ඉල්ලන්න. නැති නම් අනාගතයේදී ඔයාට පසුතැවිලි වෙන්න වේවි. නමුත් නොකරපු වැරදි වලට සමාව ගන්න එපා. ඕනෑම සම්බන්ධතාවයකදී තර්ක හා රණ්ඩු වීම් සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් වැරදියට සිදුවන සෑම දෙයකටම ඔ​බ වගකිව යුතු නැහැ. වරදකාරී හැඟීමක් ඇතිවීම මගින් ඔයාගේ ආත්ම විශ්වාසය අඩු වෙන්න පුළුවන්. 

සෑම දෙයකටම ඔයා වග නොකිව යුතු අතර ඕනෑවට වඩා සමාව ඉල්ලීම මගින් නොදැනුවත්වම ඔයාගේ සහකරුට ඔයාව වරදකාරියක් විදිහට පෙනෙන්න පුළුවන්. ඔයාගේ සහ ඔහුගේ  අඩුපාඩු පිළිබඳව විවේචනාත්මකව නොබලා තත්ත්වය තේරුම් ගන්න උත්සහ කරන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1605 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:15 AM
Script:/article/1605/reasons-to-end-the-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:15 AM
Script:/article/1605/reasons-to-end-the-relationship.html